32

10.9K 791 443
                                    

වසර පහකට පෙර...

"ශාක්‍ය කෝ පෙන්නපන් චිත්‍රේ??"

"පරිස්සමෙන් හරිද.. ස්මජ් වෙයි ඇගිලි ගෑවුණොත්." නිශල්ක අත් දෙකම දික් කරාම මන් චිත්‍රෙ නිශල්කගෙ අත් දෙක උඩින් තිබ්බෙ එයා පරිස්සමට චිත්‍රේ අත් දෙක උඩ තියාගෙන තනුජටයි හේශිත්ටයි පෙන්නද්දි..

"ඒ ශෝක් හලෝ..මේ මටත් මේ වගේ එකක් ඇදලා-"

"කටවහපන් නිස්සා තමුසෙට කලින් මන් ශාක්‍යගෙන් Naruto ව ඇදලා ඉල්ලුවේ!!"

"හරි හරි ඉතින් ඒක ඇදලා ඉවර වුණාට පස්සෙ මට gojo ව ඇදලා දෙන්න හොදේ.." මන් ඔලුව වනලා හේශිත් දිහා බැලුවා.

"ඔයාට එපාද?"

"මට ඔය චිත්‍රෙ ගෙදර ගෙනියන්න දෙන්නකො ඉවෙන්ට් එක ඉවර වෙලා?" මන් හිනා වෙලා ඔලුව වැනුවා..කොහොමත් මන් හිතන් හිටියේ කවුරු හරි ඉල්ලුවොත් දීලා නැත්තන් ඉස්කෝලෙම තියලා යන්න... අපි එහෙම්මම ආට් එක්සිබිශන් එක තියෙන මේන් හෝල් එක ගාවට ගිහින් එතන පෝළිමේ හිටගෙන හිටියේ මගේ වාරෙ එනකල්. මොකද චිත්‍රේ භාරගන්නෙ එතනින්.

"ආ ශාක්‍ය පුතා! පංතිය කියන්න දරුවෝ.."

"අට ඩී මැඩම්."

"පුතාගෙ මාතෘකාව මොකද්ද?"

"අ..ආ?"

"ඇයි පුතා ඔයාලා ඇදගෙන එන චිත්‍රයට මොකක්ම හරි මාතෘකාවක් දාගෙන එන්න කියලා නෝටිස් බෝඩ් එකේ දාලා තියෙනවා කියෙව්වෙ නැද්ද?" මන් බිම බලාගෙන ඔලුව වැනුවා.. ඇත්තටම මම මේක ඊයේ රෑ කලබලෙන් ඇන්ද එකක්..ඉතින් නමක් දාන්න තියා මන් ඇන්දෙ මොකක්ද කියලවත් මන් දන්නෙනෑ.

"නමක් දැම්මෙ නම් නෑ මැඩම්..මේක හොඳ නම් විතරක් එල්ලන්න.." මන් එහෙම කියලා මැඩම්ට මගේ ආට් එක දුන්නා.

"පු..පුතා..මේක ඔයා-" මැඩම් මගේ චිත්‍රෙ නහය ගාවට ගෙනත් සුවඳ බලලා ආයෙම මන් දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන.

"කෝපි වලින්ද ඇන්දෙ?" මන් ඒ පාර හිනා වෙලා ඔලුව වැනුවා.

"වාව්!! මෙච්චර ලස්සන ආට්වර්ක් එකක් එල්ලුවෙ නැත්තන් වැඩකුත් නෑනෙ මේ එක්සිබිශන් එකෙන්..මේ මොකද්ද පුතේ පුතා මේ ඇදලා ඉන්නෙ?" මැඩම් එයාගෙ මගේ චිත්‍රේ දිහා බලන්න නැවුනත් එක්ක එයාගෙ කණ්ණාඩි දෙක නහය දිගේ ලිස්සලා එද්දි එයා ඒක ආයෙම ඇගිල්ලෙන් උඩට කරලා මන් දිහා බැලුවම මන් මගේ චිත්‍රෙ දිහා බලලා ලාවට හිනා වුණා.

රදළ | The Kandyan AristocratsWhere stories live. Discover now