07

4.6K 558 158
                                    

කෑම කාලා ඉවර වෙලා මම කෙලින්ම නැගිටලා ග්‍රවුන්ඩ් එක ඉවර වෙන තැනට ගියේ පෝළිමට හයි කරලා තිබ්බ ටැප් එකකින් ආර්යන් අයියා දීපු හැන්ද හෝදන්න..

හැන්ද හොදට හෝදලා දාලා මම ටැප් එක වහලා ටිකක් වෙලා හැන්ද දිහා බලන් හිටියා.. ඇයි ඌ මට හැන්ද දුන්නෙ? මාව ආතල් එකට අරන්ද? මොකද මට විතරක් ඌ එක්ක තරහක් තියෙන්න බෑ නෙ..නේද? මම ඔලුව වැනුවා. ඔව් අච්චර දෙයක් මම කලාට පස්සෙත් ඌ මාත් එක්ක කොහොම තරහකින්ද ඉන්න ඕන..මොකද්ද ඒ පාර මූ නටන්න හදන නාඩගම? මම හැන්දෙ තියෙන වතුර ටික යන්න හයියෙන් ගැසුවා.

ආර්යන් කියන චරිතෙ කොච්චර කපටිද කියන්න මන් දන්නවා..නැත්තන් අච්චර දෙයක් මම කරාට පස්සෙත් ඌ මොකක්වත් නොවුන ගාණට ඉන්නෙ කොහොමද..අවුරුදු ගාණක් ගිහින් කියන බව ඇත්ත. ඒත් මම කරේ ඌට මතකෙ නැති වුනත් අමතක වෙන්න බැරි දෙයක්. අර හැමෝම ඉස්සරහ හිත හොද හෙඩ් ප්‍රිෆෙක්ට් වෙන්න හැදුවට උබට මාව තම්බන්න බෑ ආර්යන්. මම ආයෙම ජිම් එක පහු කරන් පඩිපෙල නැග්ගෙ අපි හිටපු දෙවනි තට්ටුවට..ඒ යද්දිත් එතන අයියලා එකෙක් හිටියෙ නැති වෙද්දි මම අපේ එවුන් දිහා බැලුවා.

"කෝ අනිත් අය?"

"ආ දැන් පිනාගෙ මීටින් එකක් කියලා දිව්වා." නිසල්ක බෑග් එක කරේ දාගන්න ගමන් මන් දිහා කන්න වගේ බැලුවා.

"උබ මොකෝ කාපු ගමන් දිව්වෙ? මොකක් හරි අවුලක්ද?" මම නෑ කියන්න ඔලුව වනලා හැන්ද උස්සලා පෙන්නුවා.

"ආ.." ඒ පාර නිසල්ක ඔලුව කසන ගමන් තනුජයගෙ වැලිමිටටත් ශේප් එකේ ගහනවා මම බලාගෙන.

"ඕක..මම දෙන්නම් එහෙනම්." මම ඔලුව වැනුවා.

"නෑ මම දෙන්නම්..උබලා මොකෝ කුණු අදින්නද අනුන්ගෙ?"

"නෑ ඉතින්-"

"මම දෙන්නම්." මම ප්‍රැක්ටිස් බෑග් එකේ සයිඩ් පොකට් එකේ අරූගෙ හැන්ද එබුවා.

බෑග් එක කරේ දාගන්න අතරෙ මම බැලුවෙ හ්ම් සද්දයක් නැතුව ඉන්න හේශිතයව..ඌ හැමදාම ප්‍රැක්ටිස් ඉවර වුනාම ඔහොම තමයි..උපාසකයි වගේ බකන්නිලාගෙන ඉන්නවා. හේතුව තමයි මුගෙ කෝච් කාරයා..ඌ නම් දාර ප#යෙක්. ජිම් එකට එන වෙලාවට මටත් ඇහිලා තියෙනවා කෝච් කාරයා බනින වදිහ. මුලු හත්මුතු පරම්පාරවම අල්ලා අමු තිත්ත කුණු හර්පෙන් පොර බනින්නෙ. හැබැයි පට්ට් ටැලන්ටඩ් ඩයල් එකනම්..ඒත් පොරව එපා වෙන්නෙ බනින විදිහට.

රදළ | The Kandyan AristocratsWhere stories live. Discover now