"අඩෝ ආර්යන් අයියා ගැම්මක් නෙහ්?"
"බලහන් සදැස් අයියගෙ හිනාව.." අපිව පහු කරන් යන කොල්ලො ටිකක් ඒ පැත්ත දිහා බල බල යන ගමන් කියවන්න ගත්තා. ආර්යන් අයියා ආපු එක සඳැස් අයියට ලොකු අප් එකක් කියන්න පොරගෙ මූණෙ හැටට හැටේ පිරිලා තිබ්බ හිනාවෙන් බලන් ඉන්න ඕනම කෙනෙක්ට කියන්න පුලුවන්.අපේ අලුත් ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එක බැජ් ගහලා තවම තවම මාස තුනක්වත් සම්පූර්ණ වුනේ නෑ..සාමාන්යෙන් අපේ ඉස්කොලේ බැජින් සෙරමොනි එක කිව්වම ඒක ලොකුවට ගන්න එකක්. මාලිගාවෙන් වත් පිළිවෙත් කරන් ඇවිත් දවස් හතක් විතර ඒ දේට කැප වෙලා බැජ් එක ගහන දවසෙත් හාමුදුරුවන්ට වැදලා කරලා ඒ පිළිවෙත් කරලා පස්සේ ඉස්කෝලෙ ඇතුලෙ තියෙන අපේ හෝලි චරිච් එකෙන් ෆාර්දර්ගෙ ආශිර්වදය අරන් ඒ වත් පිළිවෙතුත් කරලා පහුවදාට අපේ ඕල්ඩ් බෝයිස්ලා ඕගනයිස් කරන සෙරමොනි එකෙනුත් පස්සෙ තමයි ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එක වැඩ බාර ගන්නෙ. ඉතින් හිතාගන්න පුලුවන්නෙ අපේ ඉස්කෝලේ ප්‍රිෆෙක්ට්ස්ලාට තියන තැන.. ඊටත් වඩා බැජ් එක ගත්තට පස්සෙ ප්‍රිෆෙක්ට්ස් ලට..ඒ කියන්නෙ මුලු ගිල්ඩ් එකටම ලැබෙන ඇටෙන්ශන් එක හිතාගන්නවත් බැරි තරම් පවර්ෆුල්..ස්පෙශලි ටොප් බෝඩ් එකට ලැබෙන ඇටෙන්ශන් එක..කන බොන එකේ ඉදන් යන එන තැන් වලට වෙනකන්ම පුදුම ඇටෙන්ශන් එකක් එන්නේ..ඉතින් ඔය අස්සෙත් මාසයක් සඳැස් අයියා ආර්යන් අයියා නැතුව ඉස්කෝලෙ ඇදගෙන ආපු ඇදිල්ලට හැමෝටම පලවෙනි වතාවට අමුතුම ගටක් ඇවිල්ලා තිබ්බෙ..ඒකත් විශේෂයෙන්ම ඕල්ඩ් බෝයිස්ලට..මේ ටිකේ ඉවෙන්ට් එකක් නැතුවත් ඕ බී එකට ලැබෙන සල්ලි හිතා ගන්නවත් බෑ..අනික දැන් ආර්යන් අයියගෙ පැමිණීමම බොක්කෙ ඉදන් කූල් වෙන්න තරම් දෙයක්..මොකද ආර්යන් කියන්නෙ එසේ මෙසේ චරිතයක් නෙවෙයි කියන්න මුලු නුවරම දන්නවා.. හෙඩ් බෝයි වෙන්න කලින් මේ මනුස්සයා ඉස්කෝලේ ප්‍රයිඩ් එක වෙච්ච රග්බි ටීම් එකේ වයිස් කැප්ටන්, මැච් එක දවසෙම රෙකෝඩ් එකකුත් තියලා කප් එක නුවරට ගෙනාවා..තව ස්කූල් බාස්කට්බෝල් ටීම් එක ඉන්ටර්නැශනල් ලෙවල් එකට ගෙනිච්චා..ඒ විතරක්ද ටෙනිස් වලින්ම කාමරයක් පුරවන්න තරම් ඇචීව්මන්ට්ස් තොගයක් ඉස්කෝලෙට අරන් දුන්නා වගේම මේ මනුස්සයා මැත්ස් කරන ගමන් සෙක්ශන් එකේ ටොප් ටෙන් අතර හැම පාරම ඉන්නවා කිව්වම ඉතින් තව කතා කරන්න දෙයක් ඉතිරි වෙලා තියනවද?? ආර්යන් කියන චරිතෙට ගෞරවය කියන දේ අමුතුවෙන් ඩිමාන්ඩ් කරලා ගන්න ඕනෙ වුනෙ නෑ..හී වස් බෝන් ෆෝර් දිස්.
YOU ARE READING
රදළ | The Kandyan Aristocrats
Romance"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියා...