“ ජේකේ... නැගිටිනවා..හ්.. එළිවෙලා දැන්.. ”
” ම්ම්.. ”
“ නැගිටිනවා කිව්වම.... ජේ.කේ.. මට ආයෙ කියන්න තියන්නෙපා...ඇහැරිලා කන්න එන්න.. ආවේ නැත්තම් උදේකෑම ගැන නං හිතන්නවත් එපාහ්..”
“ වෙයි...ඊ...ඊ.. වෙයි... හියුන්ග්... ටිකක් නිදාගන්න දෙන්නකො අප්පා..ආ.. ”
ඉතින් රැයක් ගෙවිලා පුරුදු විදිහට ඉර පායද්දි.. කිසිම වෙනසක් නැතුවම... හීතලම හීතල දවසක් කොරියාවේ සුන්දරම සීතල නගරයක් වෙච්ච සෝල් නගරයට උදා වෙලා තිබුණේ වෙලාව උදේ හත විදිහට සටහන් වෙද්දි. .. කලින් දවස් ගානක තිබුණු අවිවේකි ගතිය නැති වෙලා ගිහින් පුංචි විවේකයක් ඉර පායනවත් එක්කම....ලෝකයක් සැනසපු...ලෝකයක් නැලවපු.. ලෝකයටම ආදරය උගන්වපු කොල්ලො ටිකකට නම් ඒ විවේක සුවය අත්විඳින්නට කොහෙත්ම ඉඩක් ලැබුණේ නම් නැති උනත්.. හැම නිවාඩු දවසකදීම ඇහෙන ඒ දෙබස් පුරුදු විදියටම ඇහුණේ... නිදාගෙන හිටපු හැමෝගෙම ඇස් හෙමිහිට ඇරෙද්දි..
රැයවල් දාහක් ගෙවුණත්... ගෙවිලා උදාවෙන හැම උදේකම ඒ විදිහට ම නොඋනත්.. නිවාඩුවක් එන හැම දවසකම උදේට ඒ දෙබස , සුන්දර සෝල් නගරයේ එක කොනක ගොඩනැගුණ විශාල ගොඩනැගිල්ල ඇතුලේ තියන මේ සුවපහසු ඩෝම් එකේ..එහෙමත් නැත්තම් මේ නවාතැනේ ඉන්න කොල්ලො ටිකට නම් අතිශය සාමාන්‍ය කාරණාවක්...
ඔව්.. කොල්ලොම හත් දෙනෙක් ගේ සුසංයෝගයක් උන BTS බෝයි බෑන්ඩ් එකේ සාමාජිකයන් හත්දෙනාගෙන් දෙන්නෙක් අතර යන මේ දෙබස අනිත් පස්දෙනාට අතිශය සාමාන්‍ය කාරණයක්...
“ආ..එහෙනම් නිදාගන්නවකො.. උදේ කෑම... නෑ..”
” චිංචා...හ්... හියුන්ග්.. මොරි අප්පා..ආ..ආ.. ”
ජේ.කේ.. එහෙමත් නැත්තම් ගෘප් එකේ බාලයා වෙච්ච ජන්ග්කුක් තාමත් නිවාඩු දවසේ එක්සියුස් එක විදිහට ඔළුව කැක්කුම ගැන පැමිණිලි කරන දඟයෙක්.. වයස අවුරුදු 24 ක් වෙන කොල්ලා මේ ගෘප් එකේ ඉන්න බාලයා.. ඒ වගේම දඟමල්ල.. තාමත් හැමෝගෙම අවධානය...ආදරය මැද්දෙ හැදෙන කොල්ලගේ මේ වදය නම් ඉවර වෙන එකක් නම් නෙවෙයි... නිවාඩු දවසට ජේ.කේ වගේම අනිත් අයවත් ඇහැරවන එක තුන්වෙනි ලෝක යුද්ධයටත් වඩා අමාරු එකක් වෙද්දි.. ආර්.එම් ගේ මේ උත්සාහය කොයිතරම් කතා කලත්..එක එක දේවල් කියන අතරේම තව තවත් නිදාගන්න උත්සාහ කරන්න දඟලන කොල්ලව කොහොමහරි ඇඳෙන් බිමට ගන්න එක.. දන්න හැම ශිල්පයක්ම දාලත් කොල්ලා ඇහැරෙන්නෙ නැති තැන.. ආර්.එම් ටිකක් තද කටහඬක් ආරෝපණය කරගත්තේ සුපුරුදු නායකයාගෙ චරිතයට යන්තමින් පොණපොවන ගමන්...
YOU ARE READING
JUST FOR YOU ❤
FanfictionJUST FOR YOU....❤ 💙 INTRODUCTION 💙 💜 BTS KIM SEOK JIN ❤ KIM NAM JOON 💙 JEON JUNGKOOK 💜 PARK JIMIN 💛 JUNG HO SEOK 💙 MIN YOONGI ♥ KIM TAEHYUNG 💚 ඔව්.. ඔයාලා හැමෝම ආදරේ කරන කේ පොප් ගෘප් එක... ඔයාලා විතරක්...