JUST FOR YOU - Episode 12

26 6 0
                                    

ඇස්, එක ක්ෂණයකටවත් විවේකයක් නොගෙන ඒ මේ අත දුවන්නේ මුළු හිතම ආයෙ ආයෙමත් හිර් වට්ටවන අතරෙම වෙද්දි, හීනයක ජීවත් වෙනවා වගේ හැඟීමකින් මම බැලුවේ කවදාවත් හැබැහින් දකින්න හිතුවේවත් නැති රූප ටික දිහා දහස් වෙනි, දස දහස් වෙනි වතාවට...

වල ගැහෙන කම්මුල්, පාට කරපු කොණ්ඩෙ, බළල් ඇස් එක්ක ආර්.එම්, ගැඹුරු බැල්මකින් හැමෝම දිහා බලලා, එකම එක සැරේකදි මං දිහාටත් ඒ බැල්මම පා කරලා ආයෙම වෙන අතකට හරව ගද්දි... මට මතක් උනේම ඇන්ජි...අපේ සෙට් එකේ උන්නු හත්දෙනා, BTS ගෘප් එකටම ආදරේ බව ඇත්ත... ඒත් අපි හැමෝම විශේෂයෙන් අගය කරන කෙනෙක් වෙන් කරගෙන ඉද්දි, ඇන්ජි වෙන් කරගත්තේ ගෘප් ලීඩර් උනු ආර්.එම් ව...

“““ ඇන්ජි, උඹ දන්නව නම් ආර්.එම් ගාව මම ෆේස් ටු ෆේස් වාඩි වෙලා ඉන්නවා කියලා.. කෙල්ල පැලිල මැරෙයි...”””

ඉතින් හැම තැනකදිම දකිනවා වගේම කූල් මූණකින්,ගැඹුරු කල්පනාවකින් ඉන්න ආර්.එම් දිහාවට තිබුණ ඇස්.. ඊළඟට දිව්වේ මීටින් ටේබල් එකේ කොනකට වෙන්න වාඩි වෙලා ඉන්න වී එහෙමත් නැත්තම් අපේ වචනෙන් “ බේබි ටේ ” ළඟට... වී, මේ වෙලාවෙ නම් මූණ ඇද කරගෙන, කටත් ඇද කරගෙන , ස්ට්‍රෙස් වෙච්ච මූණකින් පී.ඩි නිම් දිහාවටම ඇස් තියාගෙන ඉන්නෙ හිතේ දෙගිඩියාවෙන් වගේ කියන්න මට හිතෙද්දි, මගේ මතකයට ආවේ අපේ සෙට් එකේ චරීව... මොනවා උනත් මම එයාර්පෝර්ට් එකෙන් එන්න එද්දි චරී, කිව්ව කතාව මතක් වෙලා හිනාවක් යන්න ආවත්... මම අමාරුවෙන් මාව කන්ට්‍රෝල් කරගත්තේ, ඉන්න තැන වගේම අවස්ථාව ගැනත් හිතලා...

“ ඒ..බම් තෙසුවෝ... මගේ වී ඔප්පාව දැක්කොත් කියපං... මම එයා නැතුව හෙන පාලුවෙන් ඉන්නෙ කියලා.. හැබැයි උඹ වී ඔප්පා දිහා වැඩිය බලන්න, අල්ලන්න කරන්න යන්නෙපා ඈ.  මරනවා තෝව...හුම්...”

ඉතින් එතනින් එහාට කැරකෙන පුටුවට වෙලා හොඳට ඇලවෙලා බාගෙට නින්ද නොනින්ද අතර ඉන්න සුගා, ලාවට වල ගැහෙන, අර මිරිකන්න තරම් හිතෙන ෂයිනි කම්මුල් එක්ක යන්තමට හිනා වෙවි, ජිමින්,ජේකේ දෙන්නා දිහා බලන් ඉන්න ජේ හෝප්, හුරතල් චබී මූණක් වගේම හිත ඇදගන්න තරමේ ලස්සන හිනාවක්, ඇස් දෙකක් වගේම බැල්මක් තිබුණ ජිමින්, ඊට එහා පැත්තේ බාගෙට කැරකෙන පුටුවේ ඉඳගෙන, ඔළුවත් නවාගෙන බලාගෙන ඉන්න ජේ.කේ වගේම කොහේදෝ ලෝකෙක අතරමං වෙලා,බය වෙච්ච මූණක් එක්ක ඉන්න ජින්... දිහා මාරුවෙන් මාරුවට බලන අතරේ  ඇස් කිසිම මහන්සියක් නැතුව ඒ මේ අත දුවද්දි, සත්තයි මට මතක් උනේම ලංකාවේ ඉද්දි අපි කියවපු, හීන මවපු දේවල් ගැන.. ඒ දේවල් මතකෙට එද්දි තෝර බේරගන්න බැරි සිතුවිලි ගොඩක් අස්සෙ මම හිර වෙද්දි,  හැම මොහොතකම ඒ දුවන ඇස් නතර කරගන්න උත්සාහ කරන ඇස් දෙකක් විතරක් නෙවෙයි ඒ කෝලම් ටිකත් මගේ ඇස් වලට අහු වෙද්දි, හිනාවක් මටත් හොරා තොල් වල ඇඳුන වග මටම නොදැණුනා නෙවෙයි... ඒ දඟ ඇස් දෙක, කරන මල කෝලම්, දඟකම් වෙන කාගෙවත් නෙවෙයි, අපේ ආදරණීය ප්ලේ බෝයි වෙච්ච ජේ.කේ ගේ වෙද්දි, ඒ දඟකම් දිහා සැරින් සැරේ ඇස් හරවලා බලන අතරෙම, මීටින් එක පටන් අරගෙන කරපු ඒ කතා බහට අවධානය දීගෙන උන්න, මම ගැස්සිලා ගියේ, එක මොහොතකදි .. එක ක්ෂණයකදි තරමක් සද්දෙට ඇහුණ කටහඬක් නිසාමයි...

JUST FOR YOU ❤Where stories live. Discover now