JUST FOR YOU.. Episode 27

29 5 1
                                    


" වේ... ජන්ග්කුක්ශි...  මොකද උනේ ? කන් ඇහෙනවා අපේ තාම..හිමිහිට කතා කරන්න..  මොරි අප්පා..ආ.."

වෙනදාට ජන්ගක්කු එක්ක ඩෝම් එකම පෙරලුවත් , කලින් දවසේ  ඒ කියන්නේ ඊයේ හවස ඉවර උන ස්විමින් පූල් ෆොටෝ ෂූට් එකෙන් පස්සෙ.. තැන් තැන්වල මුළු ගැන්නි ගැන්නි, අමාරුවෙන් වගේ ඉඳගෙන ලිවිං රූම් එකේ තිබුණ සෝෆා එකේ හාන්සිවෙලා ගුලි වලා නින්දත් නොනින්දත් අතර උන්නු වී ජන්ග්කුක්ගේ කෑ ගැහිල්ලත් එක්කම ගැස්සිලා යද්දි... ඒ විදිහට කෑ ගැහුවේ තමන්ගේ ටිකක් තදින් රිදෙන ඔළුවත්  අත්දෙකින්ම අල්ලගන්න අතරේ.. පැය ගණනාවක් තිස්සේ වතුරෙ බැහැගෙන කරපු ෆොටෝ ෂූට් එකට අමතරව..වෙනද වගේම හැමදේම ඉවර උනාට පස්සෙ වතුරට බැහැලා සෙල්ලම් කරන්න ගත්ත වී ට...මේ කොරියාවේ වසන්ත සෘතුව උනත් වතුරේ තියන තරමක සීතල නිසාම, තමන්ට සීතල අල්ලන්න වැඩි වෙලාවක් නොයන වග දැන දැනම, කොල්ලා ඒ දේ නොතකා වතුරෙ බැහැගෙනම උන්නේ තියන දාංගලේට වගේම ජින් ගෙන් බේරෙන්න කොහොමවත්ම බැරි උන නිසාමයි...සෙල්ලමට යද්දි.. කණ්ඩායමේ පොඩිම කෙනා බවට පත්වෙන ජින්ගෙන් අනිත් අයට කිසිම නිදහසක් නොලැබෙද්දි... පහුගිය කාලයේදි ජේ.කේ තෙසුමි පස්සෙ එතුණ නිසාම වී වැඩිපුර කාලය ගත කරන්න තෝරගත්තේ ජින් වෙද්දි.. ජින් ගේ වතුර සෙල්ලමට අහු උන කෙනා උනේත් වී මයි..

" මිආන්හේ.. ටේහ්යොන්ෂි.. මම හිතල කෑ ගැහුව නෙවෙයි.. මට කෑ ගැහුණා වෙලා තියන දේ දැක්කම.. චිංචා.. ඒක තමයි උනේ... "

" මොකක්ද උනේ කෑ ගැහෙන්න තරම්.."

" මතකද අර ටියර්-රෝස් ව හොයාගන්න අපි ගහපු ප්ලෑන් එක..  ඒක හරි..  එයා මගේ ෆේක් එකවුන්ට් එක ගත්තා.. මම ඒකට කමෙන්ට් කරලා සෙට් කරගත්තා... වීවර්ස් වල චැට් කරන්න අමාරුයි නේ..  මම එයාගෙ ෆේස්බුක් නම ඉල්ලගත්තා..."

ජන්ග්කුක්ගේ කෑ ගැහිල්ල එක්ක අඩ නින්දේ හිටපු සුගා ඔළුව උස්සලා බැලුවේ ටේ ගේ කටහඬේ තිබුණ තදබල නොරිස්සුම එක්කමයි..  ජන්ග්කුක්, ටේ ගෙන් සමාව ගනිද්දි ඇහැරුණ සුගා, ඒ දෙන්නගෙ කතාව අතරට ආවේ ඒ කතාවත් එක්කමයි.. ජන්ග්කුක්, ලොකු කරගත්ත දිලිසෙන ඇස් .. ලොකු හිාවකින් පුරවගත්ත මූණක්  එක්ක.. කට්ටිය එකතුවෙලා මීට මාසයකට විතර කලින් පටන් ගත්ත රහස් පරීක්ෂක වැඩේ එක ස්ටෙප් එකක සාර්ථකත්වය ගැන පැහැදිලි කරද්දි...බිම පෙරලිලා ඩෝම් එකේ ජනෙල් ඩ්‍රිල් එකකට කකුල් දෙක තියාගෙන.. ඇරපු ජනේල වලින් පේන පැහැදිලි අහස දිහා බලාගෙන කල්පනාව අස්සන් සුගා,ජන්ග්කුක් අතර ගියපු කතාවට කන තියාගෙන උන්න ජිමින්, ලිවිං රූම් එකේ එක කොනක තියපු හාන්සි පුටුවේ ඇල වෙලා කණ්ණාඩි දෙකට යටින් පොතක් කියව කියවා උන්න ආර්.එම්, වී අතරමග නතර කරපු ගේම් එකේ ඉතුරු ප්ලේ කර කර උන්න ජේ හෝප් , ඇඟට දැණුන අපහසුව නිසාම ඔහේ  සෝෆා එකේ වැතිරිලා හිටපු වී වගේම කෑම මේසේ වටේ යන ගමන් මේසේ එක එක විදිහට හදන ජින් නුත් තමන්ගේ වැඩ නතර කරලා ජන්ග්කුක් වටේට එකතු උනේ කොල්ලා තමන්ගේ වැඩ ගැන ආඩම්බර වෙද්දි..

JUST FOR YOU ❤Where stories live. Discover now