JUST FOR YOU - Episode 08

32 7 0
                                    

සැනසුම... නොසන්සුන්කම... ඒ වචන මගේ ජීවිතේ ඇතුලේ කොයිතරම් සමීප වචන දෙකක්ද..  ඉතින් හිතේ සැනසුමට හේතුව කවදකහරි හිතේ නොසන්සුන්කමට හේතුවක්  වෙලා තියනවද ? ඒ හැඟීම... ඒ අතරමංවීම.. විඳලා තියනවද? සීතලම සීතල ඈත රටක සුන්දරම නගරයක මහ රෑක කෙල්ලක්, බැල්කනියට වෙලා දිලිසෙන පුංචි පුංචි ලයිට් එළි දිහා බලාගෙන වෙව්ලන්න තරම් ඒ හැඟීම් වලට හයියක් ඇත්තටම තියනවද..
ඔව්.. තියනවා..මුහුදු හතකින් එහා රටක, නොදන්නා රටක.. බහ තෝරපු දවසේ ඉඳලා අ යනු අම්මා.. නොකියා, ආ යනු ආච්චම්මා කියපු , මුහුදු හතක් තරණය කරලා, මේ හීතල රටට ආපු පුංචි කෙල්ල.... තෙසුමි තිදස්නී රණතුංගගෙ ජීවිතේ.. සරලවම මගේ මේ මොහොතේ ජීවිතේ ඇතුලෙ තියනවා.. 

"JIN....
you looks like a handsome boyfriend who taking care of your girlfriend... "

කියන කැප්ෂන් එක යටතේ තිබුණු ඒ ෆොටෝ එක.. ඊටත් වඩා ඒ අතක පැටලිලා, දණ ගහගත්ත වෙලේ දණහිස් වලට යට වෙලා තිබුණ ඒ ස්කාෆ් එක.......

අහස් නිල්පාට හුඩ් එකක් එක්ක තිබුණු වූල් ජර්සි එකේ උණුහුමට ගුලි වෙලා..දැනෙන හීතලටත් වඩා, ඒ නොසන්සුන්කම නිසා විනාඩි ගානකට කලින් ඇති වෙච්ච වෙව්ලිල්ල තාමත් එහෙම්මමයි... මහ රෑ නින්ද කැඩුණු මොහොතේ, ෆේස්බුක්, වේවර්ස් නොයන්න, මේ අසීමාන්තික ගැහීම ඇති නොවෙන්න තිබුණා.. ඒත්... මගේ වෙලාවටදෝ මන්දා  අහම්බෙන් නින්දෙන් ඇහැරිලා ඉන්න සිද්ධ උනේ.. ඒ ඇහැරීමේ රිසල්ට් එක විදිහට වේවර්ස්, ට්විටර්, ඉන්ස්ටා, වගේම ගූගල් සර්ච් එක පුරාම හොට්ම හොට් නිව්ස් එකක් උන ඒ  ෆොටෝ,,  එකින් එක.. එකින් එක හෙමිහිට බලාගෙන ගිය මගේ අතේ ඇඟිලි නැවතුණ ඒ ෆොටෝ එක..  නැහැ.. ඇඟිලි විතරක් නෙවෙයි මගේ හදවතත් තත්පරේකට නතර වෙන තරමටම දැණුන ඒ ෆොටෝ එක වෙද්දි... මම හිටියේ හරිම සිහියෙන් දෝ කියන එකවත් නොදැනම එවෙලෙම ඇඳෙන් බැහැලා අයිස් වෙන තරමේ හීතලකත් බැල්කනිය ඇරගෙන ඇවිත්.. අයිස් මිදෙන හීතලක ගිලිච්ච ඒ බිම එහෙමම වාඩි උනේ, ලංකාවේ ඉද්දි හදාගෙන තිබුණු වට්ස්ඇප් ගෘප් එකේ ඉන්බොක්ස් එක ෆුල් වෙද්දි...

“ ඒයි.. තෙසු බලපංකෝ මේ ෆොටෝ එක.. අම්මෝ.. උඹ මගේ හබියව දැක්කෙ නැද්ද බං..”

“ ඊයේනේ උඹ ලෑන්ඩ් කරේ..  ඇත්තටම දැක්කෙ නැද්ද මචී... ”

“ අඩේ..  බලපංකෝ යකු ඒ ෆොටෝ ටික.. පිස්සු වගේ මට නං...ඒ මාවත් ගනිංකෝ දෙයියො... ”

JUST FOR YOU ❤Where stories live. Discover now