JUST FOR YOU -Episode 11

27 7 0
                                    


කෙල්ලගෙ මූණේ ලාවට ඇඳුනු හිනාව දිගේ හැමෝගෙම ඇස් යද්දි, ජන්ග්කුක් උගුර පෑදුවේ සැරින් සැරේ තමන්ගේ සගයන්ගෙ වගේම එතන උන්න අනිත් අයගේත් මුණෙ මතු උන පුංචි හිනාව දකිද්දි කොල්ලට කෙල්ල ගැන පුංචි අනුකම්පාවක් ඇති උන නිසාමයි.. ඉතින් කොල්ලා හෙමිහිට උගුර පාදද්දි, කෙල්ල ගැස්සිලා පියවි ලෝකෙට ආවත් එක්කම වගේ හැමෝගෙම මුණු වලට ආව හිනාව තව ටිකක් විසිරිලා ගියේ එක වගේමයි.. ජන්ග්කුක්ගේ කකුල කොනිත්ත කොනිත්ත හිටපු වී ට වගේම වැරදිකාර සිතුවිල්ලකින් හිර වෙලා හිටපු ජින්ටත් හිනාවක් පැන්නෙ, ජන්ග්කුක් ගේ  උගුර පාදපු සද්දෙට ගැස්සුණ කෙල්ල කළබල වෙලා, ලැජ්ජාවට ලාවට රතු වෙච්ච මූණ හංගගන්න උත්සාහ කරපු විදිහ නිසාමයි...

“තේ සූ.. කාම් ඩවුන් ග ර් ල්,  එක්ස්ප්ලේන් යුව සෙල්ෆ් ෆෝ දෙම්... ”

මේ හැම දෙයක් දිහාම හිනාව පිරුණ මූණකින් බලාගෙන හිටපු ජී යැන්, ඒ විදිහට කෙල්ලට කියද්දි, පී.ඩි නිම්,සේජින්, ආර්.එම්, සුගා, ජේ හෝප්,ජිමින්, ජින් , වී වගේම අවසානයට ජේ.කේ ත් තමන්ගේ පුටු වලට හේත්තු වෙලා හරිබරි ගැහුණේ කෙල්ල, හෙමිහිට නැගිටිද්දි...  ඒ මේ අත දුවන්න දඟලන දිගටි තද කළු පාට ඇස් දෙකක්,ඉනෙනුත් පහළට වැටුණ තද කළු ස්වාභාවික වේවි  කොණ්ඩයක්, තද කහපාටකට හුරු හමක්, ඒ තරම් මහතකුත් නැති, කෙට්ටුත් නැති හැඩ ඇඟක්, දිග හීනි ඇඟලි එක්ක කෙල්ල බිම බලාගෙනම වගේ නැගිටලා හිටගද්දි, කොල්ලො හත්දෙනා ට ඇති උනේ හාත්පසින්ම එකිනෙකට වෙනස් හැඟීම් උනත්.. ඒ හත්දෙනාටම වඩා කෙල්ල කොට, වගේම චූටි කෙල්ලක් කියන එක නම් හැමෝටම එකම තත්පරේක දි හිතෙද්දි කොල්ලො ටික හොරෙන් හොරෙන් එකිනෙකා දිහැ බැලුවේ තමන්ට හිතුණු ඒ දේ ම අනිත් අයටත් හිතුණු වග ඉවෙන් වගේ දැනෙද්දි....

“ ම්ම්.. හොඳයි මුලින්ම හැමෝටම අන්‍යොන්.. අද මීටින් එක අද ඉඳලා මේ කම්පැනි එකට ජොයින් වෙන තේ සු ව හඳුන්වලා දෙන එක..  මාව හැමෝම දන්න නිසා මම මාව අඳුන්වලා දෙන්නෙ නෑ.. තේ සු ගැන මම දන්නෙ හරිම පොඩ්ඩයි.. තේ සු අපි එක්ක මාස හයක් සෝල් යුනිවර්සිටි එකෙන් ස්ටූඩියෝ කේ එකට ආව ඉන්ටර්න් කෙනෙක්.. මම හිතන්නෙ ස්ටූඩියෝ කේ ගැන... ඔයාල හැමෝම දන්නවා.. එහෙම නේද සේජින්.. ?”

JUST FOR YOU ❤Where stories live. Discover now