JUST FOR YOU -Episode 18

27 6 0
                                    


ඔළුව උස්සලා බලද්දි, වර්කිං රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ආපූ ඒ රූප දෙක දකිද්දි.. සත්තයි මගේ හිත විනාඩියකට දහස් වාරයක් ගැහෙන්න ඇති... ජන්ග්කුක්ට පිටි පස්සෙන් ඒ දිලිසෙන ඇස් තරමකට ලොකු කරගෙන, යන්තමට කටත් ඇදකරගෙන රෝස පාට උන මූණක් එක්ක.. නළලට වැටුණ තද කළු කොණ්ඩෙ එක්ක බෝනික්කෙක් වගේ ඇස් හරව හරවා බලන ඒ රූපේ...අහඹුවක් විදිහට වර්කිං රූම් එකට ආවේ ජන්ග්කුක්ගේ අතේ එල්ලිලා..නැහැ.. ඇත්තම නම්, ජන්ග්කුක් ඒ රූපෙව ඇදගෙන ආවා වගේ පෙනුමක් තියෙද්දි, මම වගේම ජිමින්,වී දෙන්නත් පුදුමෙන් ගොළු වෙලා ඉද්දි,මගේ එක අතක් පපුවට තියඋනේ.. මගේ හදවත මහ හයියෙන් ගැහෙන සද්දෙ පිටට ඇහෙයි කියන බය එක්ක ඒ ගැන හිතන්නත් කලින්..

"හේ..යා ඔයාල මොකද මෙතන කරන්නෙ ජන්ග්කුක්යා.. අපිව බලන්නද ආවේ ? පාර්සල් එක තියලා එන්න හැදුවේ...යමු..යමු.. "

හැමෝම තත්පර ගානක්..නැහැ.. විනාඩි ගානක් තිස්සේ කතා නොකර එක එක්කෙනාගෙ මූණවල් දිහා බලාගෙන ඉද්දි ජිමින්, ටේවත් ඇදගෙන මාව පහු කරගෙන ජන්ග්කුක් ඉන්න පැත්තට ගියේ ඒ විදිහට කියන අතරෙමයි.. අඩියක්වත් හෙලවෙන්න බැරිව මම ගල් වෙලා එහෙමම හිටියේ, ජේ.කේ, ජින්වත් ඇදගෙන ආවේ ජිමින් ටේ දෙන්නව බලන්න වෙන්න ඇති කියන එක මටත් හිතෙන්න ගත්දි...

" යමු... ඊට කලින් ජින් හ්යුන්ග්ට මේ නූනාට මොනවද කියන්න තියනවලු.. ඒක කියලා යමු.."

" හේ...ජන්ග්කුක්යා.. චින්චා.. පිච්චස්සොයො.. මොනවද මේ කියන්නේ...නෑ..නෑ.. ජිමින්ෂි මට මුකුත් නෑ කියන්න.."

" අහ්...ඇයි ජින් හ්යුන්ග්, අර ඊයේ කතා කලාට නූනට අරක කියන්නෙ නැද්ද.. ඒකටනෙ මේ ආවේ ."

ජිමන්, ටේ එක්ක දොර පැත්තට යද්දි, ජින්ව ඇදගෙන ආපු ජන්ග්කුක් මගේ ඉස්සරහම නතර උනේ, ජිමින් කියපු දේට, ජිමින් දිහා බලන්නේවත් නැතුව උත්තර දෙන ගමන් වෙද්දි, ජේ.කේ ගේ ඒ උත්තරේට කලබල උනේ ජින්.. මට වඩා අඟල් හයක් උස.. ඒ රූපෙට අයිති ඒ සුදු මූණ ලා රෝස පාටට හැරීගෙන එද්දි, තරමකට අවුල් වෙලා නලලට වැටුණු කොණ්ඩෙ එක අතකින් හදන ගමන්, ඒ දිලිසෙන ඇස් කරවන අතරෙම, රතුත් රෝසත් අතර තද පාටකට හුරු වෙච්ච තොල් ඇද කරේ ඒ රූපේ කළබල වෙච්ච තරම් හැමෝටම පේන්න ගද්දි.. ජින්ගේ ඒ කළබල වීම සතේකටවත් ගණන් නොගත්ත ජේ.කේ.. පිටිපස්සට ඇදිලා යන්න දඟලන ජින්ව ඇදල අරගත්තෙ වයසින් පොඩි උනාට කොල්ලගෙ තියන ශක්තිය පෙන්නන ගමන්... ජින් එක මොහොතකට ඇදිලා ඇවිත් පාලනයක් නැතුවම විසි වෙලා ඇවිත් මට හේත්තු වෙලා වගේ මගේ ඇඟට විසි වෙන්න එද්දි ඒ දිග අතක් දිග් කරලා මේසෙට අතක් ගහගත්තෙ..  අර දැකපු වීඩියෝ වල වගේම ලැජ්ජාව, කලබලය නිසාම හිනාවයි, කතාවයි, ඔක්කොම එකටම වැඩි වෙද්දි...

JUST FOR YOU ❤Where stories live. Discover now