JUST FOR YOU - Episode 06

34 7 0
                                    

අතාරින්න හිතෙන තැනටම ඇවිත්... ආයෙ බලාපොරොත්තුවක් වෙලා.. අහඹුවක් ... සැබෑවක් වෙද්දි,, අදහන්න මම තාමත් හිටියෙ වෙනමම ලෝකෙක... ඉතින් හීනෙන් වගේ පඩිපෙල් ගණනාවක් බැහැගෙන, නැගගෙන ආව වග මතක තිබුණත් ඒ කොයිතරමක්ද කියන්න ගානක්වත් නොතිබුණා උනාට... පිළිගන්නවා නම් පිළිගන්න... මම හිටියේ ලෝකෙම ජය ගත්තා වගේ සතුටකින්...  නැහැ... ඒ සතුට ඊට වඩා එකක්...වචන වලින් කියාගන්න විස්තර කරන්න බැරි විදිහේ සතුටක්... ඉතින් දෛවයද.. ලැබීමද... ඒ දෙකේම එකතුවක්ද... එහෙමත් නැත්තම් වෙන හේතුවක්ද කියන්න මට නොතේරුණත්, මම නැවතීමක් නැතිවම, මැඩම් දුන්න ලෙටර් දෙකකුත් අරගෙන එක පිම්මට ආවේ සෝල් යුනිවර්සිටි එකේ මේන් ගේට් එක ගාවට.. ඉතින් එතනින් ටැක්සි එකකට අත දාලා, නැගලා මම යන්න ඕන තැන එඩ්‍රස් එක දීලා සීට් එකට හේත්තු උනේ ටික වෙලාවකට කලින් අහපු ඒ දේවල් ආයෙ ආයෙමත් මතක් කරන අතරෙමයි...
___________________

” මෙහෙමයි තෙ සු මී.. මම එහෙම කතා කලාට කමක් නැහැනේ..  ”

“ ඉට්ස් ඕකේ මෑ'ම්... ”

“ ඕකේ..යි.. මෙහෙමයි අපි සාමාන්‍ය විදිහට නම් මේ යුනිවර්සිටි එකේ ලෝකල් ස්ටුඩන්ට් කෙනෙක්,  ඉන්ටර්න් කෙනෙක් විදිහට ඩිරෙක්ට් ම කම්පැනි එකකට  රිකෘයිට් කරනවා.. ඒක තමයි සාමාන්‍ය විදිහ... ඒත් ඔයා ලෝකල් ස්ටුඩන්ට් කෙනෙක් නෙවෙයිනෙ.. ෆොරින් ස්ටුඩන්ට් කෙනෙක්.. අනිත් එක ඔයා  ස්ටුන්ඩ් කෙනෙක් විදිහට ඉඳලා ඉන්ටර්න් යන කෙනෙකුත් නෙවෙයි..  ඔයා මෙහෙට එන්නෙම ඉන්ටර්න්ෂිප් එකකට.. ඒ නිසා මම ඔයාව රිකෘයිට් කරනවා, සෝල් වල The studio K එකට.. මේ ලෙටර් එක එතනට හෑන්ඩ් ඕවර් කලාම... එයාලා ඔයාව අදාල තැනට යවයි... එතනට මේ අනිත් ලෙටර් එක දෙන්න.. අනිත් එක පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා වැඩ බාරගන්න..අදම පුළුවන් නම් වඩා හොඳයි... ගොට් ඉට් ?? ”

” යේ...මෑ' ම්.. කම්සාහම්නිදා...  කම්සාහම්නිදා...”

හිතේ දෝරෙ ගලන සතුට කන්ට්‍රෝල් කරගන්න දඟලන අතරේම මම, හිතට ආව ලොකුම ලොකු හැඟීමකින්, කොරියානු ක්‍රමයට ඔළුව නවලා ස්තූති කරද්දි, ප්‍රොෆෙසර්, මගේ දිහා බලලා ලස්සනම හිනාවකින් මම දිහා බලද්දි...මම එහෙට මෙහෙට ඇඹරුණේ හිතේ සතුට පාලනය කරගන්න අමාරු වගක් දැනෙද්දි..

JUST FOR YOU ❤Hikayelerin yaşadığı yer. Şimdi keşfedin