තත්පර, විනාඩි ගෙවිලා පැය ගණන් ගත වෙද්දි, අයියා එක්ක් කතා කරපු පැයකට හමාරකට පස්සෙ හොට් වෝටර් ලයින් එකක් තිබුණා උනත්, හිතට ආපු ක්ෂණික, පුංචි ආසාවකට අයිස් කැට තරම් හීතලම හීතල වතුර ටිකකින් වොෂ් එකක් දාගෙන ගැහි ගැහීම නයිට් කිට් එකකට මාරු වෙලා එපාර්ට්මන්ට් එකේ කාමරේ හීටර්ස් ඔන් කරගෙන, බ්ලැන්කට් එකක් අස්සට රිංගගෙන ඇන්ජි, චරි, ලියා ගැන්සිය එක්ක කරපු චැට් එකකටත් පස්සෙ එහෙමම තද නින්දක ගිලිලා උන්න මං ගැස්සිලා ගිහින් ඇහැරැණේ කවදාවත්ම නොදැකපු තරම් භය හිතෙන හීනයක් දැකපු නිසාමයි..
මම, එහෙමම ළඟ තුරුලු කරගෙන උන්න ලංකාවෙන් එද්දි ගෙනාව දොරෙයිමාන් වගේම වටේට තියන් උන්නු කොට්ට ටිකත් එහාට මෙහාට කරලා ෆෝන් එක හොයාගත්තෙ, බිත්තියේ කොනක ගහපු ඩිජිටල් ක්ලොක් එකක් තියනවා කියන එක මොහොතකට අමතක වෙද්දි....
_________________________________" අහ්...මම ඒක මේ ජැකට් එකේ සාක්කුවට දාගත්තනෙ අෆ්ෆා..."
" ආ..හ්...තෙසූ..තෙසු... මොන ලෝකෙද ඒක දැම්මේ... ඉක්මන් කරලා හොයාගන්න... ජියැන් අන්නී අද හත වෙනකොට එන්න ත් කිව්වා... අන එයාලා කොස්ටියුම් ට්රයි කරන දවස.."
" මෝඩි..හ්... ඒ වගේ දවසක් මිස් කරගන්නද යන්නේ... කොහෙද ඒක දැම්මේ.. ම්ම්..."
මහා පාන්දරක අහේතුකව දැකපු නපුරු හීනයකට බය වෙලා ඇහැරුණ මට ගෙවුණු පැයකට විතර පස්සෙ ආයෙම නින්ද ගිහිල්ලා ඉද්දි එලාම් එකේ සද්දෙට ඇහැරිලා දඩිබිඩියට ලේස්ති උනේ කම්පැනි එකට පුළුවන් තරමක් වේලාසනම එන්න කියන එක ජියැන් අන්නී උදේ පාන්දරත් කතා කරලා මට ඒ ගැන මතක් කරලා තියෙද්දි උනත්, මට හිතපු තරම් ඉක්මනට යන්න නොලැබුණේ මගේ හෙඩ් සෙට් එක හොයාගන්න බැරි වෙද්දි... ඉතින් තනියම මටම කියව කියවා දඩිබිඩියේ ම හෙඩ්සෙට් එක හෙව්වේ, කම්පැනි එක ඇතුලෙදි මට ඒක ගොඩක් වැදගත් වෙන හින්දාමයි.. කොයිතරම් උවමනා උනත් මුළු අපාර්ට්මන්ට් එකම පෙරළලා හෙව්වත් හෙඩ්සෙට් එක මට හොයාගන්න බැරි වෙද්දි මම එළිය ට බැස්සෙ මමම මටම ඒ විදිහට කියව ගන්න ගමන්ම, මං මටම ටොක්කකුත් ඇනගත්තෙ මගේ සිහිය ගැන දැණුන පුංචි තරහත් එක්ක.. ඉතින් පරක්කු නොවී වැඩට යන්න ඕන නිසාම හෙඩ් සෙට් එක හොයන එක පැත්තකට දාලා මේ සතියට එකහමාරට පුරුදු උන ඒ ලස්සන පාරේ මම ඇවිදගෙන ආවේ කකුල් උස්සලා හරියට අඩියක් තියාගන්න බැරි තරමට හීතලෙන් වෙව්ලද්දිමයි... සී බ්ලු කලර් එක තිබුණු palazzo pant එකකට කළු අත් දිග බ්ලවුස් එකක් ඇඳලා ඒකට උඩින් ඝනකම් හූඩි එකක් දාලා.. ඉදිකටු වගේ ඇනෙන හීතලෙන් බේරෙන්න අත් දෙකත් හූඩි එකේ පොකට් එකට ඔබාගෙන මම බිම බලන් ආවේ... ඊයේ රෑ අයියා එක්ක උන කතාබහ ඔළුවට එද්දිම උනත්... පුංචි යට තණකොළ වවලා... ලස්සන මාබල් ගල් අල්ලපු ඒ පාත් එකේ ඇවිදගෙන ආව මම එක මොහොතකට නතර උනේ හෙඩ් සෙට් එකට උන දේ ගැන මතක් වෙද්දි...ඒ දේ එක්කම අඩිය උස්සලා මම පුළුවන් තරම් ඉක්මනින් ගියේ, මේ ගොඩනැගිලි 32 ක් එකට එකතු කරලා හදල තිබුණු ඒරියා එකේ එන්ට්රන්ස් එකත්... බී.ටි.එස් ඩෝම් එක පිහිටලා තිබුණ බිල්ඩින්ග් එක පේන මානෙ, ඒ බිල්ඩින්ග් එකට හැරෙන තැන තුංමං හන්දියක් වගේ හැදිලා ඒ පුංචි පාරවල් බෙදිලා තිබුණ හරියට... ඒ එක්කම හිතට සැනසීමක් දැණුනෙ, අත පොවන මානෙක හිටියත්, මගේ ෆේවරිට්ම අයිඩොල් ලා ලයිව් එන වෙලාවක් උනොත් කම්පැනි එක ඇතුලේ ඉඳගෙනම හරි බලන්න..හෙඩ් දෙක ඕනම කරන නිසා...
YOU ARE READING
JUST FOR YOU ❤
FanfictionJUST FOR YOU....❤ 💙 INTRODUCTION 💙 💜 BTS KIM SEOK JIN ❤ KIM NAM JOON 💙 JEON JUNGKOOK 💜 PARK JIMIN 💛 JUNG HO SEOK 💙 MIN YOONGI ♥ KIM TAEHYUNG 💚 ඔව්.. ඔයාලා හැමෝම ආදරේ කරන කේ පොප් ගෘප් එක... ඔයාලා විතරක්...