JUST FIR YOU - Episode 36

16 3 0
                                    


" අයියා.. මට ඇත්ත කියන්න.. ඇයි මෙහෙම හදිසියේම ලංකාවට ආවේ අපි... අනිත් එක ඔයා ඔසී ඉඳලා මාව ගන්නම ආවේ...?"

පුරා පැය හතහමාරක්... කල්ප කාලාන්තරයක් ගත වුනා වගේ දැණුන පැය හතකුත් විනාඩි තිහකට පස්සේ හිත පුරාම විසිරුණු සිතුවිලි අතරින් හරි අමාරුවෙන්  තෝරගත්ත සිතුවිලි ටිකක් මම වචන කරේ, කටුනායක එයාර්පෝර්ට් එකෙන් එළියට එද්දිමයි..හිතක් පපුවක් නොවන තරමට ඉන්චොන් එයාර්පෝර්ට් එකේදි ආර්.එම් ගේ කටහඬට ප්‍රතිචාරයක් නොදක්වා... ඒ හිත වශී කරපු කටහඬ මගඇරලා ආවත්... පුරා පැය ගානක් අඬලා වැලපිලා අවසානේ ඒ මත නිසාම එහෙමම නිදාගෙන උන්නු මම... අමාරුවෙන් වචන එකතු කරගත්තෙ පුදුම තරම් සීරුවට.. කටහඬ බිඳිලා ඇඬුම් ආවත් අමාරුවෙන් හිත තද කරගෙන, මට එහායින් මගේ ලගේජ් එකත් තල්ලු කරගෙන ලංකාවට අඩිය තියපු වෙලාවේ ඉඳලාම කෝල් එකක ඉඳලා, ෆෝන් එක කන ගාවින් පහළට ගත්ත අයියාගෙ අතේ මං එල්ලුණෙ ඒ විදිහට අහගෙන..

" යමුකෝ ගෙදර...අපි දැනටමත් පරක්කුයි වගේ චූටි.."

"පරක්කුයි ? ... ඇයි ඒ ? "

" ඒයි..තෙසූ... අම්මේ කෙල්ල දැකපු කල්.. ආ.. තේසුල අයියා... "

ඉතින්, මගේ ප්‍රශ්නයට අයියගෙන් මට ලැබුණ උත්තරය ඕනැවට එපාවට දුන්න කෙටි එකක් වෙද්දි, ඒ උත්තරයත් එක්ක හිතට මොකක්දෝ මහ අමුත්තක් දැනෙන්න ගත්දි, පන්සල් යන්න ආවා වගේ සුදු ඇඳුමින් එයාර්පෝර්ට් එකේ ඉස්සරහට දුවගෙන ආව ඇන්ජි මාව බදාගත්තේ මම වගේම අයියා දිහාත් බලාගෙන... මම ඇස් ලොකු කරලා ඒ මූණ..ඊට පිටිපස්සෙන් ආපු චරී, ටුටු සෙට් එක දිහාත් බැලුවේ හිත ඇතුලෙ අරක්ගත්ත මහ මොකක්ද එපාම කරපු තරම් උනු හැඟීමක් නිසා ඇස් වලින් එක ක්ෂණයෙන්ම කඳුළු වැටෙද්දි...
_____________________________________________

තත්පර.. විනාඩි.. පැය..  ගෙවිලා සතියක් ගෙවුණේ හීනෙන් වගේ... විශ්වාස කරන්න අමාරු හීනයක් දැක්කා වගේ අන්ද මන්ද වෙලා... ඔහේ බලාගත්ත අත ගෙවෙන හත්වෙනි දවසක හවස් වරුව ගෙවුණේ හිතට දැණුන වේදනාව එක්කමයි.. ජීවිතේ කොයිතරම් අනිත්‍ය ද...අනාත්මද..දුකද... කියන එක ඕනවටත් වඩා විඳපු මේ ජීවිතේ ඇතුලේ, තුන්වෙනි හතරවෙනි වතාවටත් දුකක් කියන කාරණාව ඇස් මත්තෙ ඇඳුණේ මටත් හොර රහසින්... ඇස් හිතුවක්කාරකමට තාමත් කඳුළු වලින් කම්මුල් නාවද්දි... වාඩි වෙලා උන්න තැනට පේන එහායින් නිලට නිලේ පේන ගොයම් ගස් යාය දිහා මම ඔහේ බලාගෙනම උන්නෙ..  මේ අහම්බෙන් දැකපු භයංකාර හීනය...හීනයක්ම උනා නම් කියන සිතුවිල්ලත් එක්ක...

JUST FOR YOU ❤Where stories live. Discover now