JUST FOR YOU - Episode 05

31 8 0
                                    

” යා...ටැන්නි.. කොහෙද අප්පා එකපාරට ගියේ.. හ්යුන්ග්ලා බය උන තරම් දන්නැද්ද ...”

“ ඔව්.. ටැන්නි.. ඔයාගෙ වී අප්පා මාව කෑවේ නැති ටික විතරයි.. තව පොඩ්ඩක් පරක්කු උනා නම්, ඔයාට ජන්ග්කුක් හ්යුන්ග් කෙනෙක් ගේන්න වෙනවා වෙන රටකින්... ”

“ හපොයි..  වෙන රටවල් වල ඔය වගේ පිස්සු කේස් එකක් හොයාගන්න නම් බැරි වෙයි... ”

ඉතින්, තත්පර, විනාඩි ගානකට කලින් එක්කෙනෙක් ට එක්කෙනෙක් කිසිම දෙයක් නොකියා, කලබල උන හිතින්, නිහඬවම ගාඩ්ලාට මැදි උන කොල්ලො ටිකට.. ආයෙමත් පරණ තත්වෙට එන්න ගත උනේ තත්පර දශම ගානයි..  ටැන්නි එක මොහොතකට අතුරුදහන් වෙලා ඊළඟ මොහොතේ ආයෙමත් මතු උන සතුට එක්කම හුරු පුරුදු මූඩ් එකට කට්ටියම එද්දි, එතනින් එහාට තමන් ඉන්න තැන, ඒ වටපිටාව , මීඩියා, හතර වටෙන් ඇහෙන සද්ද..  තත්පරෙන් තත්පරේ නොනැවතීම කරන ෆොටෝ ගැනිලි, ගැන ජින්ට වගේම අනිත් හය දෙනාටත් අමතක වෙලා යද්දි... විශේෂයෙන් ටැන්නිගෙ තාවකාලික භාරකාරයා විදිහට අයිස්ක්‍රීම් ශොප් එක ඇතුලේ ටැන්නිව බලාගත්ත ජන්ග්කුක්ට, තමන්ගේ හිතේ හංගගන්න දඟලපු ඒ බය එහෙමම නැති වෙලා යද්දි..... ටැන්නිගෙන් පටන් ගත්ත විහිලු, බයිට් කිරිලි වෙනද විදිහටම ගෘප් එකේ සාමාජිකයෝ අතරේත් තමන්ට ඇහෙන නෑහෙන ගානට පටන් ගත්තෙ... උතුරලා දෝරේ ගලන හිනාවල් හැම කෙනාගේම මූණකටම දීලා.. ඉතින් ඒ මේ අපූරු කොල්ලො හත්දෙනාගෙ හැටි කියන්න මුළු ලෝකයක් ම දැනගෙද ඉද්දි, ඒ ආදරණීය හැසිරීම් ඒ දිහා බලන ඕනම කෙනෙක් ට ගෙනාවේ සතුටක්..  සැනසුමක්ම විතරයි..
_________________

තත්පර..  විනාඩි.. පැය ගණන් කොහොම ගෙවුණත්, ජේජු වල ගෙවුණු  දවස් දෙක තුන BTS  ගෘප් එකේ උන්න කොල්ලො ටිකට, කොයිතරම් කාර්යබහුල, අවිවේකි කාලයක් උනත්,  හැම කෙනෙක් ම හිටියෙ සතුටින්... ඒ සතුට අස්සෙන්, එකම එක තාමත් නොවිසඳුණ මොකක්දෝ වචනයකින් දෙකකින් කියාගන්න අමාරු දෙයක් විතරක් කාටත් හොරෙන් එකම එක හිතක හැම තත්පරයකම රැඳෙද්දි... ඒ උදා වෙලා තිබුණේ, ජේජු දූපතේ කෙරුණු වැඩසටහනක අහඹු පටිගත කිරීම් ඉවර වෙලා, කොල්ලො ටික ආයෙමත් තමන්ගේ ඩෝම් එකට එන්න සූදානම් වෙන වෙලාව...

JUST FOR YOU ❤Where stories live. Discover now