JUST FOR YOU - Episode 46

17 4 0
                                    

ජින් පුළුවන් තරම් හයියෙන් දොරට ගගහා කතා කරද්දි මම හැන්ඩ්ල් එකට අත තියාගෙනම දොර නෑරම ෆෝන් එක ආන්ස්වර් කරලා කනේ තියාගත්තේ ඒ කතා කළේ සෝල් කැම්පස් එකේ මාව සුපර්වයිස් කරපු department of Textiles, Merchandising and fashion design එකේ ප්‍රධාන මහචාර්යතුමිය නිසා..

" මෑ'ම්.. "

"තෙසුමි, ඔයා මොකක් හරි වැඩකද ඉන්නෙ ? ටිකක් කතා කරන්න පුළුවන් ද ?"

" කි..කියන්න මෑ'ම්.. පුළුවන්.."

" ආ..හරි.. මම දන්නවා අද ටිකක් ඔයාගෙ කම්පනි එකට බිසී කියලා..අර රියුමර් එක නිසා..නේද.. මම කතා කලේ නම් ඒ ගැන අහන්න නෙවෙයි..කතා කලේ ඔයාගෙ ඉන්ටර්න් එකේ රිපෝට් එක ගැන කියන්න.. ඒක කම්ප්ලීට් කරලා බාර දෙන්න තියෙන්නෙ ලබන සතියෙ නේ.. ඔයා කැම්පස් එකට ආවම මාව ඇවිත් අනිවාර්යයෙන් හම්බවෙන්න.. ඔයාගෙ ඊළඟ ස්ටෙප් එක ගැන කතා කරන්න තියනවා.. ආ.. මතක ඇතුව ස්ටුඩියෝ කේ එකෙනුයි, ඔයා දැන් ඉන්න තැනිනුයි සර්විස් ලෙටර්ස්නුත් ගන්න.. මම හිතනවා ඔයා දිගටම කොරියා වල ඉඳිවි කියලා.. හරි.. එහෙම නම් මම තියන්නම්.. අද වැඩ වැඩි දවසක් නේ.."

"නේ... මෑ'ම්.. කම්සාහම්නිදා.."

"නේ.."

අමතක උනු.. ආදරය නිසා මම හිතාමතාම අමතක කරපු දේවල් එකින් එක එකින් එක මතක් කරන දවසක් වගේ උනූ අද දවසේ ඒ ආව කෝල් එකත් එක්ක තව සතියකින් මගේ ඉන්ටර්න් ජීවිතේ අවසාන වෙන වග ඔළුවට එද්දි මම අරින්න ගිය දොර නෑර ඒ දිහාම බලාගෙන හිටියේ මම මේ කරගත්ත දේ මොකක්ද කියලා ආයෙමත් වතාවක් හිතන්න හිතට සලස්වද්දි... ඉන්ටර්න් එකෙන් පස්සේ කොරියාවට සමුදෙන්න හිතාගෙන උන්නු මං... මාස හයකට පස්සෙ මෙතනින් එහාට යන්න හිතාගෙන උන්නු මගේ ජීවිතේ ට දැන් මේ වෙලා තියෙන දේ ගැන... ආයෙමත් වතාවක් හිතන්න ඒ කෝල් එක මාව පොළඹවද්දි මම දොරේ හැන්ඩ්ල් එක අතෑරලා එහෙමම දොර දිගේ රූටලා ගිහින් බිම ඉඳගත්තෙ එහා පැත්තෙ ඉඳගෙන ජින් දොර කැඩෙන තරම් වේගෙන් දොරට ගහද්දි..

" තේසු... ඔයා දොර අරින්නෙ නැද්ද..වේ... මෙහෙම කරන්නෙ ඇයි තේසු.. වේ...ඒ.... ජේබල්.. මට කියන්න ඇයි මට මෙහෙම කරන්නෙ... දොර අරින්නෙ නැද්ද... මොකක්ද මම ඔයාට කරපු වරද.. මම... මම ඔයාට ආදරෙයි තේසු.. ශිංශිමුරු.. සරංහේ තේ සු ආ... ජේබල්... ජේබල්... මේ දොර අරින්න... පිස්සු හැදිල ඉන්න වෙලාවෙ මාව තවත් පිස්සු වට්ටන්නෙපා තේසු.."

JUST FOR YOU ❤Where stories live. Discover now