හීන කියන්නේ හරියට ලස්සනම ලස්සන දේදුන්නක්.. දේදුන්නක් පායන්නෙ හරි කලාතුරකින්... එකම එක පාටක්... පාට හතකට කඩලා, ඒ පාට හත එක සැරේම ලස්සන දුන්නක හැඩේට පායන්නේ... වැස්සයි අව්වයි දෙකම එකට හමුවෙන වෙලාවක... හීනත් ඒ වගේම නෙවෙයි ද.. හීනයක් හිතක පායන්නෙ හරි කලාතුරකින්...හිතට එන එකම එක සිතුවිල්ලක් බෙදිලා පාටවෙලා.. ලස්සන හැඩේකට පායන්නේම දුකයි සතුටයි මැද්දෙන් ඒ හීනෙට යන පාර හදලා නෙවෙයි ද... ඉතින් මටත් ඒක එහෙමම වෙද්දි..... ඒක එහෙම නෙවෙයි කියලා කොහොම නම් කියන්නද....
පැය හතකුත් විනාඩි පනහක් ගත වෙච්ච ඒ මුළු වෙලාවේදිම නින්දත් නොනිද්දත් අතර දඟලපු මගේ හිත ඉස්පාසුවක් නැතුව දිව්වේ එකකට එකක් එතිලා ගැට ගැහිලා මතුවෙන ඒ විදිහේ සිතුවිලි දාමයක් පස්සේ...““ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්, වෙල්කම් ටූ ඉන්චොන් ඉන්ටර්නැෂනල් එයාර්පෝර්ට්. ලෝකල් ටයිම් ඉස් 2.50 pm ඇන්ඩ් ද ටෙම්පරේචර් ඉස් 21°c.......................
...................................."”හිත තාමත් ලංකාව පුරාම දුවද්දි... මම ගැස්සිලා ගියේ, එකපාරටම වගේ ඇහුණ ඒ ලෑන්ඩින් එනවුන්ස්මන්ට් එකත් එක්ක... දහස්වෙනි, දස දහස්වෙනි වතාවටත් වෙන්න ඇති, ලොකුම ලොකු හුස්මක් මුළු පපුවම හාරගෙන ඇවිත් පිට උනේ මම හිතන්නත් කලින්මයි..
“...........................
ඉතින් ආපහු හැරෙන්නවත් බැරි... ඕන උනත් ප්‍රතික්ෂේප කරන්නවත් බැරි ගමනාන්තයට ආව වග කියපු ඒ එනවුන්ස්මන්ට් එකත් එක්ක... ෆ්ලයිට් ක්‍රිව් එක වගේම ෆ්ලයිට් එකේ මම එක්ක ආව අනිත් අයත් ඒ එක්කම ඇක්ටිව් වෙද්දි...තත්පරයක්... දෙකක්...මම එහෙමම සීට් එකට හේත්තු වෙලාම හිටියේ කොහේදෝ ඉඳලා ආව මොකක්දෝ කියාගන්න බැරි තරමේ ලොකු බර ගතියක් හිතට ඇතුළු වෙද්දි...
“...........................ඔන් බිහාෆ් ඔෆ් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඇන්ඩ්ද එන්ටයර් ක්‍රිව්, අයි"ඩ් ලයික් ටු තෑන්ක් යූ ෆෝ ජොයිනින් විත් අස් ඔන් දිස් ට්‍රිප් ඇන්ඩ් වී ආ ලුකින්ග් ටු තෑන්ක් යූ ෆෝවඩ් ටූ සීන්ග් යූ ඔන් බෝඩ් අගේන් ඉන් ද නියර් ෆියුච.. හෑව් අ නයිස් ඩේ... ”””
දිගම දිග ෆ්ලයිට් ලෑන්ඩින් එනවුන්ස්මන්ට් එකේ අවසානය මගේ ඇස් වලට අහේතුක කඳුළු පොකුරක් එකතු කරලා ඒ විදිහට ඉවර වෙලා.. ඊළඟ විනාඩි ගාන ඇතුලෙදි ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලා ඉවරයි කියන නිවේදනයත් එක්ක, ප්ලේන් එක කඩි ගුලක් ඇවිස්සුණා වගේ වෙද්දි මම හෙමිහිට මගේ හෑන්ඩ් බෑගේජ් එක ගත්තේ ලංකාවෙන් කොරියාවට එන්න කලින් දවසේ රෑ සුදූ මාමා, කෝල් කරලා කිව්ව උපදෙස් එකින් එකට මතක් කරන අතරේ... මගේ මේ ගමනේ එක ගමනාන්තයක් උන සුදු මාමගේ ගෙදර... මේ නන්නාඳුනන රටේ දි මගේ තාවකාලික නවාතැන විදිහට තීරණය කලේ ආච්චිඅම්මා..
ජීවිතේ එක දවසක විඳින්න සිද්ධ උන විරහවක ප්‍රතිඵලයක් විදිහට ලංකාව අතෑරලා, කොරියාවට ආව සුදු මාමා, කොරියාව, විවාහයක් එක්ක තමන්ගේ ස්ථීර නවාතැන විදිහට තෝරගද්දි,, ඒ තීරණය, කොරියාවට එන්න මම ගත්ත ඒ තීරණයට අනුබල දෙන්න ආච්චිඅම්මට තිබුණ එකම සැනසීම උනේ හරි අහම්බෙන්...
YOU ARE READING
JUST FOR YOU ❤
FanfictionJUST FOR YOU....❤ 💙 INTRODUCTION 💙 💜 BTS KIM SEOK JIN ❤ KIM NAM JOON 💙 JEON JUNGKOOK 💜 PARK JIMIN 💛 JUNG HO SEOK 💙 MIN YOONGI ♥ KIM TAEHYUNG 💚 ඔව්.. ඔයාලා හැමෝම ආදරේ කරන කේ පොප් ගෘප් එක... ඔයාලා විතරක්...