JUST FOR YOU- Episode 44

21 3 0
                                    


ඉතින් ඒ සොඳුරු තත්පර ගාන ඉක්මනින් ඉවර වෙද්දි.. ආදරෙන් මත් වෙලා වගේ උන්න ඒ ඇස් පුංචි වෙලා.. කට ඇද උනේ මට හිනාවක් වගෙම ලැජ්ජාවක් ආයෙ ආයෙමත් දැනෙද්දී... මම එතනින් එහාට ජින්ව තල්ලු කරේ කොල්ලා කටත් ඇද කරගෙන ෆෝන් එක ආන්ස්වර් නොකර මම දිහාත් ඔරවලා බලද්දි..

" ආන්ස කරන්න දැන්වත්.. ඇති ඔය.."

" බෑ.. මදි..හ්"

" ඒ..හ්.. මොනවද මදි.. මම කිව්වෙ ඕකට රින්ග් වෙන්න දුන්නා ඇති කියලා.."

" හුම්.. මොකක්ද අයියො... කවදාවත් මට නිදහසේ ඩේට් කරන්න දෙන්නැද්ද...ඉඳලා ඉඳලා කෙල්ලකට හිත ගියා..ඒකටත් බාල්දි...

වේ... නම්ජූනියා.... "

මම ජින්ව එහාට තල්ලු කරද්දි, මටත් ඔරවන ගමන් නාහෙන් අඬ අඬම ජින් ඒ හිටපු ඉරියව්ව ටිකක් විතරක් වෙනස් කරලා ෆෝන් එක අරන් කනේ තියාගත්තෙ මම දිහා එක ඇහිබැමක් විතරක් උස්සලා බලලා... මම තාමත් නිදිමත තිබුණ නිසා ඇඳෙන් නොබැහැම ඒ මූණ පේන විදිහට මගේ මූණ හරවලා හාන්සි වෙලා, පහළට ඇදිලා ගියපු පෙරවන බ්ලැන්කට් එක ඇදලා ගත්තෙ...මෙච්චර වෙලාවකට හිත පුරවලා තිබුණු සැහැල්ලුව නැති වෙලා යන්න පටන් ගත්දි... කෝල් එක නිකම් සාමාන්‍ය නොවන ටිකක් බරපතල තත්වයේ එකක් කියලා හිතුණෙ ඒ මූණෙ තිබුණ කෝලම් වැඩ ඔක්කොම මැකිලා ගිහින්.... බැරෑරුම් පෙනුමක් එක්ක සැරින් සැරේ වෙනස් වෙන ඒ මූණෙ ඉරියව් එක්කම උනත් දිගට ඇදිලා ගිය ඒ කතාව මැද්දට පනින්න බැරි නිසාම මම ඒ මූණ දිහා බලාගෙන එහෙමම උන්නෙ..හිතේ බරගතිය එක්කම ටිකෙන් ටික ආයෙමත් මගේ ඇස් පියවිගෙනම යද්දි..
_______________________________________

තත්පර..විනාඩි.. පැය කොයිතරමක් ගෙවුණද කියන්න හරියටම දන්නෙ නැතත්, ජින්ගේ, නම්ජූන්ගේ කතාබහ දිහා බලාගෙන ඉන්න ගමන්ම ගියපු හොඳ තද නින්දකින් පස්සේ මම ඇහැරුණේ...සීතලම සීතලට මොනවදෝ මගේ මූණේ ගෑවෙද්දි දැණුන හීතලට ගැස්සිලා...ඇස් හෙමිහිට අරිද්දි.. ජින් උන්නෙ ඊයේ ඇඳගනිපු ඇඳුම් වලින් හූඩි එක එක්ක වින්ටර් ජැකට් එක, මාස්ක් එක විතරක් නැතුව අනිත් ඇඳුම් ඇදගෙන... තෙත පාටට තිබුණ කොණ්ඩෙන් බේරිලා ආපු වතුර එක්ක තෙත සීතල තොල්  මගේ කම්මුලක් උඩ තියපු ඒ රූපෙ ගැස්සිලා ගියේ මම එක පාරටම ඇස් ඇරපු නිසාදෝ කියන සිතුවිල්ල එක්ක මම එහෙමම ඇස් බෝල කරගෙන උන්නෙ... මගේ ඇස් වල පැටලිලා තිබුණු ඇස් වල තිබුණු බර කල්පනාව අස්සෙන් ජින් මේ මොහොතේ හිතන්නෙ මොකක්ද කියන එක ගැන හිතන ගමන් උනත්...ඒ ඇස් කියවන්න බැරි උන නිසාම මම මගේ අත දික් කරලා ඒ මූණ අතගෑවේ හිතට දැනෙන මොකක්දෝ අහේතුක බයක් එක්ක..

JUST FOR YOU ❤حيث تعيش القصص. اكتشف الآن