හෝබි මූණ කලුකරගෙන කටත් අඹරලා කියද්දි...ආර් එම්ට දැණුනෙ මේ තරමක් වෙලා හොඳට තිබ්බ ඔළුව කොහේ හරි වැදුණා වගේ තද හිසරදයක් වගේ හැඟීමක්.. කොල්ලගෙ නළල රැලිම වෙලා යද්දි ආර්.එම් ගේ කාමරේ කැරකෙන ඔෆිස් චෙයා එකෙ වාඩි වෙලා හිටපු සුගා නළල ඇඟිලි දෙකකින් තද කරලා පිරිමැදගත්තෙ හිතට වගේම ඔළුවටත් තද පීඩනයක් දැනෙද්දි.. හෝබි ෆෝන් එක දික් කරගෙන ඉද්දි එක දිගට විනාඩියක් දෙකක් රින්ග් උන ෆෝන් එක එහෙමම නතර උනත්.. නතර උන සැනින් ආයෙමත් රින්ග් උනේ ආර්.එම්ට ඒකට උත්තර දෙනවා හැර වෙන කරන්න දෙයක් නැති කරනගමන්.." අන්යොන් පී.ඩි නිම්..."
"අන්යොන්...නම්ජූන්.. මම කියන දේ හොඳට අහගන්න.. දැන් කට්ටියට ඩෝම් එකෙන් එළියට බහින්න දෙන්න එපා... ජින් ගේ එපාට්මන්ට් එකට යන්නත් එපා.. ඒ ඒරියා එකම මීඩියා වලින් පිරිලා තියෙන්නෙ.. මම ජින්ටත් කිව්වා.. "
" පී.ඩි නිම් ඒ ෆොටෝ ස්..."
" මම දන්නවා.. ඒක ඇත්තනේ.. එහෙම නේ.. ඒ ගෑණු ළමයා තෙසුමි.. මම හරි නේද ? "
" ඒ..."
" මම දන්නවා නම්ජූන් වගේම අනිත් අයත් ඔක්කොම විස්තරේ දන්නවා.. මම වගේම සේජින්, ජි යැන් දෙන්නත් ඒ එෆෙයා එක ගැන දන්නවා.. "
" ක..කවද්ද..අහ්.. අපි..අපි ඒක හංගන්න හිතුවෙ.."
" ඔය ගැන අපි පස්සෙ කතා කරමු. දැන් මේ ප්‍රශ්නෙ විසඳගෙන ඉමු.. මොකද ඇත්තටම මේක බරපතල ප්‍රශ්නයක් වේගෙන එන්නෙ..."
" අපි මොකද කරන්නෙ පී.ඩි නිම්.. "
" කරන්න තියෙන්නෙ එකම දෙයයි.. වෙනද වගේම ඒ ෆොටෝ ස්.. රියුමර් එක බොරුවක් කියලා ස්ටේට්මන්ට් එකක් දෙන එක.. වාසනාවට වගේ ෆොටෝ වල මූණු පේන්නෙ නෑ දෙන්නගෙම පැහැදිලි ව.. ඒත් දන්නවනෙ ආමිලා ගැන..ඇස් වහන් ඔයාලාව අඳුරගනි.. ඒකයි මෙතන තියන ප්‍රශ්නෙ.. ගෑණු ළමයගෙ මූණ කොහොමවත් එළියට ඇවිත් නැති නිසා දැනට ශේප් කරගන්න පුළුවන් වෙයි.. මම කතා කලේ මේ වෙලාවෙ කිසි කෙනෙක් ට සෝෂල් මීඩියා යන්න දෙන්නවත්, ජින්ව හොයන්න යන්න දෙන්නවත් එපා කියන්න.. ඒ දෙන්නට එහෙට වෙලා ඉන්න දෙන්න. එයාලටත් කතා කරල කියන්න මොනම හේතුවකටවත් එළියට යන්න එපා කියලා.."
BINABASA MO ANG
JUST FOR YOU ❤
FanfictionJUST FOR YOU....❤ 💙 INTRODUCTION 💙 💜 BTS KIM SEOK JIN ❤ KIM NAM JOON 💙 JEON JUNGKOOK 💜 PARK JIMIN 💛 JUNG HO SEOK 💙 MIN YOONGI ♥ KIM TAEHYUNG 💚 ඔව්.. ඔයාලා හැමෝම ආදරේ කරන කේ පොප් ගෘප් එක... ඔයාලා විතරක්...