කඳුළු, හිනා එක එක කතා අස්සෙන්ම ඩාන්සින් ප්‍රැක්ටිස් එක නතර කරන්න ආර්.එම් තීරණය කලේ මේ දේවල් එක්ක තවත් ප්‍රැක්ටිස් කරන මානසිකත්වයක් කට්ටියට නෑ කියලා තේරුම් යද්දි.. ආර්.එම්,එතනින් අයින් වෙලා තමන් ඩෝම් එකට යනගමන්ම තමන්ගේ ඔළුව කසාගත්තෙ... ජින් ගේ මේ පටලැවිල්ල නිසා එක අතකින් සතුටකුත්...තව අතකට බරකුත් දැනෙද්දි.. හයි ස්කූල් එකේ ආදරයකින් පැරදුණාට පස්සේ ම ජින් කෙල්ලක් ගැන උනන්දුවක් දක්වපු පළවෙනි වතාව වගේම මේ නිසා කොයිතරමක් ජින් විඳෙව්වාද කියන එක තේසු අසනීප දවස් වල තේරුම් අරගෙන තිබුණ නිසාත්.. එක අතකට කොල්ලට දැණුනෙ සතුටක්.. ඒත් ඒ සතුට, සමරන්න බැරි තදබල...හැමෝම අමතක කරන්න හදන.. ඒත් කරන්නම බැරි හේතුව නිසාම ඉස්සරහ ගැන බයක් වගේම ටොන් ගණනාවක බරක් ආර්.එම්ට දැණුනෙ..කොල්ලා කණ්ඩායමේ නායකයා උන නිසාම නෙවෙයි වෙද්දි.. ආර්.එම් හිටියෙ දෙලොවක් අතර තනි උන බර කල්පනාවක.. ඒ අතරෙ මේ වගේ දෙයක් හීනෙකින්වත් නොපතපු ජිමින්ට පුංචි වේදනාවක් දැනුණෙ ඇයි කියන්න නම් කොල්ලටවත් තේරුම් ගියේ නැති තරමක්.. ඒ උනත් ජිමින් කියන්නේ අංක එකට තමන්ගෙ කණ්ඩායම වගේම ආමි ලා ගැන හිතන චරිතයක් උන නිසාම. විහිළු කරලා හිනා උනත් කවදාවත් තමන් දන්න ඉතිහාසය ඇතුලෙ කෙල්ලක් ගැන උනන්දුවක් නොදක්වපු ජින්ගේ සතුට..දඟ වැඩ..ඒ ආදරය දකිද්දි නම් කොල්ලට දැණුනෙ පුදුමාකාර සතුටක් නිසාම..කොල්ලා තමන්ටම "ක්වෙන්චානා ජිමිනියා.." කියා ගත්තෙ ලොකු හුස්මක් එළියට දාන ගමන්... ටේ,ජේ.කෙ දෙන්නා නම් හිටියෙ වෙනදා වගේම තෙසුමිගෙ පස්සෙන් වෙද්දි...ජිමින් තරමකට ඈත් වෙලා ආයෙමත් හෝබි,ටේ,ජින්,තෙසු,කුකී අතරටම ආවේ පරණ පුරුදු මූඩ් එකෙන්.. සුගා.. වෙනද වගේම හීතල මුණක් එක්ක සුපුරුදු විදිහටම බිම ඇලවෙලා ඇස් වහගෙන කන් දෙක කට්ටිය දිහාටම දාගෙන හිටියත්.. කොල්ලගෙ හිතට මොකක්දො දෙයක් බරටම දැනුනෙ කවදාවත් නැති තරමට... ඒ බර.. තමන්ගෙ හිතේ තෙසුමි ගැන මෙච්චර දවසක් හිර වෙලා තිබුණ කැමත්ත මිස ජින් තෙසුමිට ආදරෙ කරන එක ගැන දැණුන ඉරිසියාවක් නම් නෙවෙයි කියන එක කොල්ලට සහතික උනත්... ඒ හිතේ තැනින් තැන ඉදිකටු අනිනවා වගේ දැණුන එක නම් නතර කරගන්න පුළුවන් කමක් කොල්ලට තිබුණේ නැත්තේ.. අවුරුදු විසි ගණනාවක් උන මේ ජීවිතේ ඇතුලෙ මේ වගේ දැණුන. හිතට එබුණ.. ලං උන කෙල්ලක් නොවුණ නිසාමයි...
________________________________________
YOU ARE READING
JUST FOR YOU ❤
FanfictionJUST FOR YOU....❤ 💙 INTRODUCTION 💙 💜 BTS KIM SEOK JIN ❤ KIM NAM JOON 💙 JEON JUNGKOOK 💜 PARK JIMIN 💛 JUNG HO SEOK 💙 MIN YOONGI ♥ KIM TAEHYUNG 💚 ඔව්.. ඔයාලා හැමෝම ආදරේ කරන කේ පොප් ගෘප් එක... ඔයාලා විතරක්...