JUST FOR YOU - Episode 04

29 8 0
                                    

" ඔප්පා... ඔප්පා... ආ... සරන්ගේහේ ඔප්පා...”

එක මොහොතකින්, එකකට එකක් වෙන් කරලා අඳුරගන්න අමාරු කටහඬවල් ගණනාවකින් ඒ අවට මුළු පරිසරයම වැහිලා යද්දි,  ගෙස්ට් ඒරියා එකේ එන්ට්‍රන්ස් එක, ඒ අවට හිතාගන්නවත් බැරි තරම් තරුණ මහළු වයස් භේදයක් නැතිවම.. ගැහැණු පිරිමි භේදයක් නැතිව සෙනඟ පිරෙද්දී, මම එක අතකින් ලගේජ් එකත් ඇදගෙන, අනිත් අතින් බලුපැටියවත් ඇඟට තියලා තද කරගෙන ගෙස්ට් ඒරියා එකේ එක්සිට් එක පැත්තට ආවේ, ඒ ඇහුණ හඬ පැත්තට ඔළුව හරවලා බලන අතරෙමයි..  දන්න, දැනගනිපු වගේම අහපු දැකපු විදිහට නම්, මේ වගේ කටහඬවල් ඇහෙන්න  තිබුණේ එකම එක හේතුවක් විතරයි.. ඉතින් ඇස් වටේ දුව දුවා හෙව්වේ අන්න ඒ හේතුව... විශ්වාස කරන්න... මගේ ඇස් ඒ පස්සෙම දිව්වේ... ඒ හේතුවටත් වඩා, ඒ හේතුව නියෝජනය කරන කෙනා දැනගන්න හිතට තිබුණ නොඉවසිල්ල වගේම හිතේ කොනකින් මතු උන එළියක් වගේ දැණුනු ඒ පුංචි ම පුංචි බලාපොරොත්තුව ඇත්ත වෙනවා දකින්න තිබුණ උවමනාවටමයි... ඒත් මට ඇස් ඒ මත්තේ දුවවන්න ඉඩ ලැබුණේ විනාඩි ගානකට විතරක් වෙද්දි..... යන්තමට මම දැක්කේ කළු පාට කෝට්, කැප්, මාස්ක් දාගත්ත, ඒත් බිම බලාගත්ත වගේම වට පිට බල බලා, අත වන වනා ඉක්මන් ගමනින් ගෙස්ට් ඒරියා එකට ඇතුළු වෙන ටීම් එකක්... ඒ එක්කම එතන හිටපු සෙනඟ නිසා ආව සද්දෙටදෝ, ඇහැරුණු මගේ අතත් ඇඟත් අතර හිර වෙලා ගුලි වෙලා හිටපු බලු පැටියා, ක්ෂණිකවම දඟලලා , මගේ ස්කාෆ් එකත් ඇදගෙනම බිමට  පනිද්දිම වගේ එක්සිට් එකේ, සෙනඟ අතරෙන් එළියට යන ගමන් උන්නු මං... එතන තිබුණ තදබදයත් එක්ක හිර වෙලා, එතනට එකතු වෙන අයගේ ඇඟේ වැදිලා විසිවෙලා යද්දි,  මම යන්තමට වගේ බිමට නැවුණෙ අතට තරමක වේදනාවක් දැනෙද්දි....

“ ආ..හ්... අව්...”

බලුපැටියා එක පිම්මට මගෙන් මිදිලා ගෙස්ට් ඒරියා එකේ එන්ට්‍රන්ස් එක පැත්තට දුවද්දි, මට කෑ ගැහුණේ නම් සිංහලෙන්... ක්ෂණිකවම වෙච්ච දේ නිසා මගෙ හඬ කාටවත් ඇහුණා දෝ කියන සිතුවිල්ල තත්පරයකට දෙකකට මට වද දෙද්දි, මම අත අල්ලගෙනම ඔළුව හරවලා වටපිට බැලුවත්, එතන තද වෙවි, ෆොටෝ ගන්න ගමන් හිටපු කාටවත් ඒක නෝට් වෙලා තිබුණෙ නැති එක ගැන නම් හිතට දැණුනෙ පුංචි සහනයක්.. ඒ උනත්, මගේ ලගේජ් එක ඒ මේ අතට විසි වෙවි තිබුණේ, , එතන පිරිලා හිටපු සෙනඟ එකතු වෙද්දි ඒ අයගේ ඇඟවල් වල වැදෙන නිසාමයි... 
““““ඕ ගෝඩ් තෙසු...ඔයාගෙ වෙලාව නම් හොඳටම නරකයි... ඔයාට ඒ ගියේ කවුද කියලාවත් බලාගන්න බැරි උනා... ඒ ඇත්තටම කවුද කියල බලාගන්න පුළුවන් උනා නම්...සමහරවිට ඒ එයාලාත් වෙන්න තිබුණා... අහ්...ඔයාට නම් හොඳටම පිස්සු...තෙසූ.. ඒගොල්ලො මෙච්චර අමාරුවෙන් මේ වගේ සෙනගක් එකතු වෙන එක දැන දැන මේ වගේ එයාර්පෝර්ට් එකකට එයිද.. එයාලට ප්‍රයිවට් ෆ්ලයිට් තියෙද්දි... හීන දකින්න තෙසූ.. තමන්ට පුළුවන් තරමට... මේක එයාල ඉන්න රට තමයි.. ඒත් ඉතින් එච්චර ලේසියෙන් ඔයාට එයාලව බලාගන්න නම් වෙන්නෑ තෙසු.... ””””
හිතට දැණුන ඒ පුංචි බලාපොරොත්තුවත් එහෙමම බොඳ වෙලා යද්දි, හිත ඒ ගැනම දුක් ගන්න දඟලද්දි මම හිත සනසගත්තේ ඒ විදිහට.. හිත පිළිගත්තත් නැතත්... ඒ තමයි ඇත්ත.. එකම අහසක් යට හිටියත්.. එකම රටක හිටියත් පුංචි ම පුංචි ආසාවකට හරි ඒ රූප ටික... විශේෂයෙන් ඇස් බලන්න පෙරුම් පුරන ඒ රූපේ දැකගන්න හිතන තරම් ලේසි නොවන වග තමයි පිළිගන්න අමාරු ඇත්ත උනේ...
____________________________

JUST FOR YOU ❤Where stories live. Discover now