JUST FOR YOU - Episode 38

18 4 0
                                    


" ඒක තමයි තමුන්ගේ වැරැද්ද.. අහ්.. කියලා වැඩක් නෑ.. අපි හිතුවේ අර කමෙන්ට් සාසෙන්ග් කෙනෙක් ගෙ කියලා.. ඒක නම් හොයාගත්තා.. ඒත් රියුමර් එකක් හැදුණා නම් එහෙම... විකාරයි...හ්.. මේකත් අරන් මෙතනින් යනවා ගිය තැනකට.. ජෝඩු දාලා ගිය කෙනත් එක්කම... "

පැය හතහමාරකට පස්සෙ කොරියාවට අඩිය තියපු මං... වෙනදා විදිහටම ඊට පහූවෙනිදාම වැඩට යන්න කලින් මගේ තරු හත පායපු ඒ ඩෝම් එකට ගියේ සතියකුත් දවස් ගණනාවක් නොදැක හිටපු ඒ රූප හත බලන්න හිතට දැණුනු තදබල ඕනකමින්ම උනත්... මම යද්දි ඩෝම් එකේ උන්නෙ කකුලක් බැන්ඩේජ් කරලා වීල් චෙයා එකක උන්නු ජින් විතරයි... වීවර්ස් එකේ එනවුන්ස්මන්ට් වලට පිං සිද්ධ වෙන්න උන දේ ගැන දැනගෙන උන්නත්...ඒ රූපේ ඒ විදිහට මගේ ඇස් ඉස්සරහා ඉද්දි පපුවේ කොනකින් පටන්ගත්ත මොකක්දෝ වේදනාවක් දැණුනෙ... ඩෝම් එකේ දොර ඇරපු ජින්ගේ මූණ රතු වෙලා කලුවෙලා යද්දි.. මම, බෙල් එක ගහනවාත් එක්කම වගේ දොර ඇරපු ජින්..මම දිහා තත්පරයක්..දෙකක් ඔරවගෙන බලාගෙන ඉඳලා... බාගෙට ඇරපු දොර එහෙමම තියෙද්දි ක්ෂණිකව ආපහු තනියමම වීල්චෙයා එක තල්ලු කරගෙන ඇතුලට යද්දි, මම නිහඬවම  ඩෝම් එක ඇතුලට ආවේ දස දහස් වාරයක් හීල්ලෙද්දි... හිත ඒ රූපේ පස්සේම දුවද්දි, මට ලැබෙන මේ විදිහේ සැලකුම් එක්ක හිතට දැණුනේ අමුතුම දුකක්... ඒ දුක එක්ක මම නිහඬවම ඩෝම් එකට ඇතුලට ගියත්... ආපහු එළියට ආව ජින්, මම එදා ෆෑන් සයිනින් එකේදි ජින්ට යවපු ඔටෝ එකත් පෙන්න පෙන්නා මට බැනගෙන බැනගෙන යද්දි මම බලාගෙන හිටියෙ ඇස් දෙකත් බෝල කරගෙන..  මුලින් වෙච්ච දේ ගැන මතකයක් නොඋනත්... පස්සෙ ටැන්නිගේ ෆොටෝ එකට මම දාපු කමෙන්ට් එක ජින්ම මට පෙන්නද්දි හැමදෙයක්ම ඔළුවට එද්දි මම බිම බලාගත්තේ... එදා හිතට ආව දේ කිසිම සැලකිල්ලක් නැතුව කමෙන්ට්, පෝස්ට් කරපු එක ගැන වරදකාරි සිතුවිල්ලක් හිත පුරාම ගලාගෙන යද්දි.. 

" අයිඩොල් කෙනෙක් ට රියුමර් එකක් හැදෙන්නෙ නැතුව ජීවත් වෙන එක අමාරුයි කියලා දන්නෙ එහෙම කෙනෙක් විතරයි.. පිට ඉන්න අයට ඒක ගැන ගානක්වත් නෑ.. කොච්චර ප්‍රෙශර් එකක් තියනවද... ඒක ගැන ඉතින් දන්නෙ කොහොමද...ඔයා පිට කෙනෙක් නෙ... කරුණාකරලා ඕකත් අරගෙන යන්න... මම කමක් නෑ.. මට පුරුදුයි...ඒත් අර පොඩි එකා.. ඒකා කොච්චර බය වෙලාද හිටියේ..දුකින්ද හිටියෙ..ටැන්නිව ආයේ ඩෝම් එකට ගේන්න දෙන එකක් නෑ කියලා... ඒකා ඒ බල්ලට කොච්චර ආදරේද කියලවත් තමුන් දන්නවද.. අපිට තමුන්ලට වගේ ඕන ඕන විදිහට එලියට යන්න.. කට්ටියව ආශ්‍රය කරන්න බෑ කියලා තමන් දන්නෙ නැද්ද... එහෙම ජීවත් වෙන අපිට..  ඒ පොඩි එකාට ටැන්නි කියන්නෙ කොච්චර වටින දෙයක් ද... "

JUST FOR YOU ❤Donde viven las historias. Descúbrelo ahora