JUST FOR YOU - Episode 32

26 5 0
                                    


ඉතින් හිත, හිතටත් නොදැනීම කොහේදෝ තැනක කරක් ගහද්දි... තත්පර.. විනාඩි ගණනාවක් ගත වෙන්න ඇති.... වෙලාවක් හරියටම කියාගන්න නොදැන හිටියත් මම, ඒ කහ පාටටත් සුදු  පාටටත් අතරමැද පාට හම, තරමක් පළල් නලල, නින්ද නිසා පියවිච්ච ඒ දිග ඇහි පිහාටු එක්ක ඇස්.. ලා රතට හුරු තොල් එක්ක... මූණට වැටුණු ඒ හිතුවක්කාර, තරමක දිගට වැවුණු කොණ්ඩේ එක්ක  තද නින්දක හිටපු ඒ රූපෙ දිහා බලාගෙනම හිටියේ... මගේ මුළු මූණම තෙතට දැනුණනත් ඒ ගැන ගානක්වත් නොඑද්දි...

" ජින් හ්යොන්ග්... ඔයා මේකෙ ඉන්නවද..  කෝ..."

මට, ඒ මූණ දිහා බලාගෙන ඉන්න ලැබුණ අවස්ථාව ඒ විදිහට නැති කරලා එකම එක මොහොතකදි, හිතුවෙවත් නැති මොහොතකදි ඒ විදිහට අහන අතරෙම ජන්ග්කුක් දොරට තට්ටු කරන්නේ නැතිවම ක්ශණයකින් කාමරේ දොර ඇරගෙන ආවේ , ඇඳ ගාව බිම මම ගාවම වාඩි වෙලා ඇඳට අතක් තියාගෙන, ඒ අත උඩ ඔළුව තියාගෙන මගේ පැත්තට,මගේ ගාවටම   දික් කරපු අතත් එහෙමම තියාගෙන තද නින්දක එතිලා උන්නු ජින් ගේ , මූණට වැටුණු කෙස් රොද එහාට කරන්න හිතාගෙන මගේ අත ඒ මූණ පැත්තට දික් කරපු මොහොතේමයි... ජන්ග්කුක්, දොර ඇරගෙන කතාකරගෙනම එද්දි, ජින්ගේ පැත්තට දික් වෙච්ච අත ආයෙමත් මම ගාවට අරගෙන,නින්දෙදි අවුල් වෙච්ච මගේම කොණ්ඩේ හද හදා මම මූණ අනිත් පැත්තට හරවගත්තෙ දැකපු හීනය වගේම ඒ නිසා අඬපු කඳුළු තාමත් මගේ මූණෙ තියනවා කියන එක මතක් වෙද්දි... උකුල වැහෙන තරම් තිබුණ බ්ලැන්කට් එක හදාගෙන, ඒක උඩට ඇදලා අරගෙන මම මුණ පිහිදාගත්තෙ... මීට තත්පර ගානකට කලින් අයාලේ ගියපු මගේ හිත ගැන මටම ලැජ්ජාවක් දැනෙද්දි..

" ඕහ්... ඔ.. නූනා ඔයා මෙහෙද.. රැප්මොන් හ්යුන්ග් නූනව හොයනවා.. ටේහ්යොන්ග් හ්යොන්ගෙ බෙහෙත් දෙන්න... "

"අ.. හා.. ජේ.කේ... මේ ටේ ට කොහොමද දැන්.. ම්ම්..  එක්කො මම ගිහින්ම බලන්නම්.. මේ... ආ... නෑ.. හරි...මම යන්නම්.. තත්පරයක් දෙන්න.."

මගේ දිහාත්.. ඇඳේ බාගෙට ඇලවෙලා නිදියන ජින් දිහාත් ඒ හා ඇස් දෙක කරකවලා බලන ගමන් ජන්ග්කුක්, ඒ විදිහට කියද්දි, ඒකට උත්තර දීපු මම ඒ ක්ෂණයකින්ම ඇඳේ අනිත් පැත්තෙන් බිමට පැනලා අඩියට දෙකට ඒ කාමරේම නානකාමරේට පැනගත්තේ, මම කරන්න ගිය දේ ඒ බයිනොකියුලර් ඇස් වලට අහු උනාදෝ කියන එක දහදහස් වාරයක් හිතට එද්දි... අතට එන වතුර ටිකකින් මූණ හෝදගෙන පුළුවන් ඉක්මනින් ම මම කාමරෙන් එළියට ගියේ, ජේ.කේ ජින්ට මම පෙරවගෙන ඉඳපු බ්ලැන්කට් එක ඒ ඉරියව්වෙන්ම ඉන්න තියලා පෙරවද්දි..
________________________________________________

JUST FOR YOU ❤Where stories live. Discover now