JUST FOR YOU - Episode 19

28 4 0
                                    

ආර්.එම් හිටපු තැනින් නැගිටලා එද්දි, බිම කුෂන් එක උඩ කකුල් අතපය දිගඇරගෙන වාඩි වෙලා හිටපු ජන්ග්කුක්ව නැගිට්ටව ගන්න, ස්ටුඩියෝ එක ඇතුලට ආපු ජින් උත්සාහ කරේ වෙනදා වගේම සැහැල්ලුවෙන් උනත්, ආයෙමත් මතු උන මේ ප්‍රශ්නය මොකක්ද කියන එක ගැන කුතුහලයක් හිත පුරාම ගලාගෙන ගියේ හදිසියේ ම ගෘප් එකට ඇසිස්ටන්ට් කෙනෙක් එන එකේ අදහස තේරුම් ගන්න බැරි වෙද්දි... ජන්ග්කුක්, ආර්.එම් ව අනුගමනය කරන ගමන්ම ජින්ගේ කරේ එල්ලුණේ වෙනදා වගේම ජින් කෑ ගහන්න ගද්දි... කොල්ලට වඩා ටිකක් බර ජන්ග්කුක් ගේ මේ දඟය නිසාම ඩෝම් එක දෙදරලා යන තරමින් කෑ ගහන එක ජින්ට පුරුදු දෙයක් උනා වගේම මේ සද්ද බද්ද කොල්ලො ටිකට හුරු පුරුදු දෙයක් උනේ කවදාවත් ජින් කෑ ගහද්දි, හිනා වෙද්දි තමන් ඉන්න තැන නිතරම වගේ අමතක කරලා හැසිරෙන නිසාමයි..
________________________________________

" වේ ? අර ෆොරිනර් ගර්ල් ? "

" සේජින් හ්යුන්ග්ට පිස්සු ද.. එයාව මේකට ගන්නෙ... ?"

තත්පර, විනාඩි ගණනාවක් ගෙවීගෙන ගිහි න්, හරියටම විනාඩි දහයකට පස්සෙ, ඩෝම් එකම හෙල්ලිලා යන තරම් සද්දෙන් කෑ ගහගෙන වගේ ඒ සද්දෙ මුලින්ම පටන්ගත්තෙ වී.. කොල්ලට තියෙන්නෙ හුරතල් වගේම ලස්සන, ගැඹුරු කටහඬක් නිසාම... තරමක් උස් හඬකින් ඒ විදිහට කියද්දි ගැස්සිලා ගියේ නිහඬවම තමන් කියන දේ අහගෙන ඉන්න කොල්ලො ටික දිහා මාරුවෙන් මාරුවට බල බලා උන්න ආර්.එම්.. බරපතල බැල්මකින් සැරින් සැරේ අනිත් අය දිහා බලන අතරෙම ජින් එක්ක එක එක කෝලම් කරන ගමන් හිටපු ජන්ග්කුක්, වගේම ජන්ග්කුක් එක්ක හිටපු ජින් දෙන්නාත් ගැස්සිලා යද්දි.. ජේ හෝප් නුත් ටේහ්යොන්ග් ට සහය දෙන හඬකින් ඒ විදිහට කියන ගමන් වාඩි උනේ බාගෙට ඇලවෙලා නින්ද නොනින්ද අතර ඉන්න සුගා ගාවින්..

" වේ ? මොකක්ද ඒකෙ තියෙන ප්‍රශ්නෙ ? ටේ, ජේ හෝප් ඇයි ඔය දෙන්නා ඔකට අකමැතිද.. ?

" අනී......ඊ. එහෙම දෙයක් නෙවෙයි නම්ජූන් හ්යුන්ග්... චිංචා.. ඇයි ගෑණු ළමයෙක්ම ගත්තෙ.. අනික අපි ගැන දන්නෙවත් නැති කෙනෙක් නේහ්... එයා අපිව දන්නෑ නෙ... ඉතින් අපිව දන්නැති කෙනෙක් කොහොමද ඒ වගේ දේකට...අහ්.. මට නම් තේරෙන්නෑ.."

JUST FOR YOU ❤حيث تعيش القصص. اكتشف الآن