JUST FOR YOU -Episode 21

35 6 8
                                    


සුගා, තමන්ගේ ඔළුවට ආපු ඒ ප්ලෑන් එක තමන් ගාවට එකතු උන අනිත් අයට කියද්දි, ජින් ෆෝන් එකත් අරගෙන එතනින් නැගිට්ටේ, එක තත්පරේකට කට්ටියගෙම කතාබහ නවතිද්දිමයි.. හැමෝටම අත් වලින් කතාව කරගෙන යන්න කියලා නිදිමත මූණෙන් ඔළුවත් වනන ගමන්ම කිව්ව කොල්ලා ෆෝන් එකේ ලොක් ස්ක්රීන් එකත් වහලා ඇඳගෙන හිටපු පිජාමා එකට උඩින් දාගෙන හිටපු ඝන ජර්සියේ සාක්කුවට දාලා එතනින් යද්දි.. අනිත් හය දෙනාගෙම හිතට ආවේ ලොකු කුතුහලයක්.. ජින් කියන්නේ සාමාන්‍යයෙන් රහසක් රකින්න දන්න  දක්ෂයෙක් උනත්.. සමහර වෙලාවට කොල්ලට ඒක කරන එක කොල්ලගෙ තියන අවංකකම නිසාම තනිකරම අපහසු වැඩක් වෙන අවස්ථා නැතුවම නෙවෙයි කියන එක වගේම ජින් මේකට මේ තරම්ම කම්මැලි කරන හේතුව නම් ඒක නෙවෙයි කියන්නත් දැනගෙන උන්නු අනිත් හයදෙනාට ජින්ගෙ මේ හැසිරීම් වල තියන අමුත්ත මේ වෙද්දි ඇත්තටම නොසන්සිඳෙන කුතුහලයක් වෙද්දි...නිදිමත මූණෙන් එතනින් අයින් වෙලා උඩ තට්ටුවේ තමන්ගේ කාමරේට යන්න පඩිපෙල නගින ජින් දිහා තව තත්පර කීපයක් බලාගෙන එකිනෙකාට ඉඟි කර කර හිටපු කොල්ලො ටික ආයෙම සුගාගෙ පැත්තට හැරුණේ ටිකකට නතර උන ඒ කතාබහ ආයෙමත් පටන් ගන්න ගමන්...
____________________________________________

කට්ටියට නිදිමත මූණ පෙන්නලා, පහල තට්ටුවේ සාලෙ එකතු වෙලා මිශන් එකක් ප්ලෑන් කර කර හිටපු ටීම් එකේ හය දෙනාට ඉඩ දීලා තමන්ගේ කාමරේට ආව ජින්.. මුලින්ම කරේ හිතම පුරවලා අර ගත්ත ලොකු හුස්මක් පිට කරලා..අත් විහිදුවලා..ඒ මේ අතට කැරකුණේ.. දවස් ගානක එක දිගට තිබුණ ප්‍රැක්ටිස් ඉවර නිසාම නෙවෙයි.. කොයිතරම් හැමෝටම පේන්න හිනා උනත් , විහිලු තහළු කරලා අනිත් අයව හිනැස්සුවත්.. සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ.හිත උඩ. හරි බරට අඩිය තියන එක රූපයක් නිසාම කොල්ලා හිටියෙ ඒ හිතට දැණුන අහේතුක බර.. අහේතුක බය එක්ක අතරමං වෙලා.. මීට සති දෙකකට කලින් එක දවසක උදේ පාන්දරක දැක්ක ඒ අමුතු හීනය... තමන් ගැස්සිලා ඇහැරෙන්න තරම් ප්‍රබල උන ඒ හීනයේ හිටපු නන්නාඳුනන රූපය ඒ මොහොතේ ඉඳලා කොල්ලට දුන්නේ නම් එසේ මෙසේ වදයක් නෙවෙයි..  රූපයක් කිව්වත්.. ජින්ගේ මතකය අනුව ඒක ඡායාවක්... ඒ ඡායාව ගැන කොල්ලා ඒ තරම් දුර හිතුවේ නැතත්... ඒකෙන් සතියකට පස්සේ... කොල්ලගෙ හිතට ආයෙමත් ඒ හීනය ආවේ yeontan එක්ක ගත්ත ඒ ෆොටෝ එකට කමෙන්ට් කරපු TEAR_Rose නමට අයිති එකවුන්ට් එකේ දාලා තිබුන ෆොටෝ එක නිසාම වෙද්දි... ඒ අහඹුව අස්සෙන්ම කම්පැනි එකේදි දැකපු ඒ රූපෙ නිසා..අමතක වෙලා ගියපු ඒ ඡායාව, ඒ හීනය ආයෙ ආයෙමත් කොල්ලට මතක් වෙද්දි සත්තකින්ම කොල්ලා හිටියෙ හිත ඇතුලෙන් අවුල්ජාලයක පැටලිලා...

JUST FOR YOU ❤Where stories live. Discover now