ඉතින් ඒ කොහොම උනත්.. හැම ආරම්භයකම අවසානයක් තියන වග... හැම සතුටකම කෙලවර දුකක් තියන වග.. හැම හමුවීමකම වෙන් වීමකුත් ලියවිලා තියන වග ඒ යථාර්ථයට කවදා හෝ හැමදෙනාටම මූණ දෙන්න වෙන වග තේරුම් කරවන අතරේ... ටිකෙන් ටික ස්ටේජ් එක උඩ කොල්ලො හත්දෙනාව තනි කරන අතරේ.. අවසාන කොන්සර්ට් එකට ආපු ආමි ලා වෙන්වීමේ වේදනාව හිතේ දරාගෙන එතනින් යන්න යද්දි....
හදවත් දෙකක් එකම එක හදවතක් කරපු ආදරණීය හදවතක්... ඒ ආදරය නමින්ම මේ ලෝකෙට දුන්නු ලස්සනම තෑග්ගත් අරන් ස්ටේජ් එක පිටිපස්සෙන් ඇවිත් කොල්ලො ටිකට වෙන් කරලා තිබුණ ඩ්‍රෙසිං රූම් එක පෙනෙන නොපෙනෙන දුරකින් නතර උනේ කවුරුත් නොහිතපු තත්පරයකදි..... හෙමි හෙමින් වටපිටාව සැලකිල්ලෙන් බලලා, හතර අතේ කැරකෙන බෝල ඇස්.. කැරලි නැති පෝනි ටේල් එකකට වෙන්න බැඳපු ලස්සන කඩාහැලෙන කොණ්ඩයක් පුංචි බෝනික්කෙක් වගේ හුරතල් කෙලි පොඩිත්තක් ළඟ නැවුණ ඒ ආදරණීය හදවත අයිති උන රූපේ.. තමන්ගේ අතේ තිබුණු රතු රෝස මල ඒ පුංචි අතට දීලා, බාගෙට දණ ගහගෙන.. ඒ චූටි සිනිඳු කනට කරලා රහසක් කිව්වෙ ආයෙ ආයෙමත් වටපිට බලන අතරෙමයි...
________________________________________නොනවතින කඳුළු.. සුසුම්.. වේදනා මැද්දෙන්.. තමන්ගේ අවසාන සංගීත ප්‍රසංගය හමාර කරපු BTS කණ්ඩායමේ කොල්ලො හත් දෙනා, එකිනෙකා ට වාරු වෙවී.. තාමත් කඳුළු වැටෙන ඇස් වගේම රිදෙන හදවතත් පොඩි කරගන්න අතරෙම තමන්ට ලැබිලා තිබුණු ඇඳුම් කාමරේට ආවේ හරිම හිමිහිට... ඔළුව බිමට නවාගත්ත ජිමින්, හෝබි,සුගා, වී ජන්ග්කුක්.. අවසානයට ආර්.එම්.. ඊටත් වඩා පිටිපස්සෙන් හෙමිහිටම ආව ජින්.. ඩ්‍රෙසිං රූම් එකට ඇතුල් උනේ හිතේ වේදනාවට වඩා ස්ටේජ් එකෙන් බැහැලා එද්දිම ආව කෝල් එකත් එක්ක තදබල කල්පනාවක ඉන්න ගමන්ම ඩ්‍රෙසිං රූම් එකට ඇතුල් උනේ, කොල්ලට ඩ්‍රෙසිං රූම් එකේ දොර වහන්න තරම්වත් මතකයක් නොවෙද්දි.. කොල්ලා කල්පනාව පිටම කාමරයට යනවත් එක්කම වගේ ඒ පිටිපස්සෙන් හෙමිහිට අඩිය තිය තියා සද්ද දෙන සපත්තු වලින් එන තාලෙටම පුංචි පෝනි ටේල් එකත් පද්ද පද්දා , ලස්සනම ලස්සන හුරුබුහුටි තට්ටු ගවුමක් ඇඳලා.. අතක තනි රතු රෝස මලක් අරගත්ත වයස අවුරුදු පහ හයක පෙනුමක් තියන පුංචි හුරතලියක් කාමරේ ට ඇතුළු උනේ... කාමරේට ඇතුළු උන ගමන්ම සුගා සෝෆා එක උඩ ඇලවෙන අතරෙ, ඉතිරි උනු කොල්ලො ටික ආයෙමත් එක රොත්තට බදාගෙන තමන්ගේ වේදනාව නිදහසේ පිට කරද්දි..
YOU ARE READING
JUST FOR YOU ❤
FanfictionJUST FOR YOU....❤ 💙 INTRODUCTION 💙 💜 BTS KIM SEOK JIN ❤ KIM NAM JOON 💙 JEON JUNGKOOK 💜 PARK JIMIN 💛 JUNG HO SEOK 💙 MIN YOONGI ♥ KIM TAEHYUNG 💚 ඔව්.. ඔයාලා හැමෝම ආදරේ කරන කේ පොප් ගෘප් එක... ඔයාලා විතරක්...