JUST FORBYOU - Episode 41

29 5 2
                                    


" ඕ..ශිට්... තේ..සු.. තේ..සු..  "

එක පිම්මට දුවගෙන ආපු සුගා, බෙන්ච් එකක් ගාව නැවතුණේ තමන්ගේ ඔළුවට දාගෙන හිටපු ජැකට් එක එහාට මෙහාට කරන ගමන්.. බෙන්ච් එකේ ගුලිවෙලා වැස්සට තෙතබරියන් වෙලා, ගුලියක් වෙලා සිහියත්,අසිහියත් අතර උන්න කෙල්ල දකිද්දි, සුගාට අත ඔළුවෙ ගැහුණෙ ඔළුවටත් එක්කම දාගෙන උන්නු හුඩි ජැකට් එකේ හූඩි එක පැත්තකට විසි වෙලා කොල්ලවත් තෙමෙන්න ගත්දි. වාහනෙන් බැහැලා එතනට දුවගෙන වගේ ආපූ ආර්.එම් එතනට යද්දි සුගා පහතට නැමිලා කෙල්ලගෙ නිකටෙන් අල්ලලා හොලවන ගමන් කෑ ගහල කතා කරත් අසිහියෙන් උන්නු තෙසුමි කෙඳිරියක්වත් නැතුව එතනම ෆේන්ට් උනේ පැය කීපයක් එක දිගටම තෙමිලා තෙමිලා හීතලට ගල් වෙලා උන්න නිසාමයි..  කෙල්ලගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන සුගා, පණනැතුව, තමන්ගේම කකුල් දෙක උඩම වැටිල තිබුණ කෙල්ලගෙ අත අරගෙන දන්න විදිහට නාඩි බැලුවේ වෙලා තියන දේ වගේම කරන්න ඕන දේවත් හිතට ගලාගෙන නොඑද්දි... ඇම්බියුලන්ස් එකකට කෝල් කරන්න හිතුවත්.. ආර්.එම් ආයෙමත් ඒක නොකර ක්ශණිකවම සේජින්ට කතා කරලා ප්‍රයිවට් හොස්පිට්ල් එකක ෆ්ලෝ එකක්ම බුක් කරගත්තෙ කෙල්ලව හොස්පිට්ල් එකට අරගෙන යන්න වෙන්නෙ තමන්ටමයි කියන එක තේරුම් යද්දි.. ඇම්බ්යුලන්ස් එකකට කියන එකෙන් තමන් වගේම මෙච්චර කාලයක් මීඩියා වලින් සඟවගෙන උන්න තෙසුමිව වගේම කෙල්ලගෙ විස්තර එළියට ඇවිත්.. තමන්ට කෙල්ල එක්ක තියන ගණුදෙනුව, තෙසුමි ට බිග්හිට් එක එක්ක තියන සම්බන්ධය වගේ හැම දෙයක්ම මීඩියා වලින් හොයන එක සිද්ධ වෙන වග දන්න නිසාම,  කෙල්ලව හරහට වඩා ගත්ත සුගා, තෙසුමි වගේම තරමකට තමන්වත් වැහෙන විදිහට කුඩේ දාගෙන ආපහු වාහනේට ආවේ ඊළඟ ට ගන්න ඕන පියවර ගැන සේජින් එක්ක කතා කරන ගමන්.. සුගා, තමන්ගේ ජැකට් එකෙන් කෙල්ලව වහගෙන හීතල දරාගෙන එද්දි... කළුවර උනත් වැටිලා තිබුණු ලයිට් එලි අස්සෙන් තෙසුමිව හරහට අරගෙන එන සුගාව දැක්ක ජිමින්, වාහනේ පිටිපස්සෙ උවමනාවකට ගන්න තිබුණ බ්ලැන්කට් එකක් අරගෙන දොර අරින්න ඩ්‍රයිවර්ට උපදෙස් දුන්නෙ, වී ජන්ග්කුක්ට කෝල් එකක් ගත්දි..
____________________________________

" මේක.. මේක මගේ වැරැද්ද ජන්ගකුක්යා..  වේ.. මම එච්චර හිතුවේ නැත්තෙ.. එයා..එයා දුකින් නෙ හිටියේ..හල්මොනි නැතිවෙලා.. මට හිතන්න තිබුණා කෑ ගහන්න කලින්.. මිආන්...මිආන්.. තේසු.. මිආන්.."

JUST FOR YOU ❤Where stories live. Discover now