JUST FOR YOU - Episode 10

29 7 0
                                    


” මොකද තේ සු ? ඔයාට වේලාසනින් යන්න ඕනද අද..?”

දහස් වෙනි වතාවට.. නැහැ.. දස දහස් වෙනි වතාවටත්, මගේ හිතුවක්කාර ඇස් වලින් ඔරලෝසුවේ තත්පර කටුවේ එල්ලිලා,  විනාඩි කටුව හෙලවෙන වාරයක්  වාරයක් ගානෙම ඒ පස්සෙ දුව දුවා.... විනාඩි කටුව එක තැන නැවතිලා, පැය කටුවට ඔච්ච්ම් කරනවා වගේ වෙද්දි... තව තවත් තත්පර කටුවෙම එල්ලිලා විනාඩි කටුව තව වාරයක් එහාට තල්ලු කරන්න දඟලන ගමන් උන්නු මම, ඒ හැම එකකටම වඩා හයියෙන් ගැහෙන හදවතක් එක්ක, ඔරලෝසුවේ ම ඇස් අලවගෙනම උන්නු මම.. ළඟ ළඟම ඇහුණ ඒ කටහඬට මහ හුඟක් හයියෙන් ගැස්සිලා ගියේ, ඊළඟ අලුත් සිංදුවට ඕන කරන කොස්ටියුම්ස් වල ඩිසයිනින්  ගැන බල බලා උන්න මගේ අත උඩ තිබුණ ඇල්බම් එක  “ දඩස් ” ගාලා බිමට වැටෙද්දි... ඒ කටහඬේ තිබුණේ සාමාන්‍ය සන්සුන් බවක් උනත්, මම එක හුස්මටම ආයෙමත් ෆොටෝ ඇල්බම් එක අහුලන ගමන්ම හැරිලා බලද්දි මම දැක්කේ,  හිනාව පුරවගත්ත මූණක් එක්ක... එහායින් තිබුණ වර්කිං ටේබල් එකත් එක්කම අල්ලපු කටිං ටේබල් එකට යන්තමට හේත්තු වෙලා,අත් දෙක පපුවට කරලා බැඳගෙන ඉන්න ජී යැන් අන්නීව...

“ ආ..ආ..හ්.. න්..නෑහ්.. අන්නී,, එහෙම නෑ..”

“එහෙනම් කොහොමද ? ”

“ නෑ..මුකුත් නෑ..හ්.. ”

කළබල වෙච්ච ඇස් වගේම හිතත් සන්සුන් කරගන්න ලොකුම ලොකු යුද්ධයක ඉන්න ගමන්ම මම, කතා කරගන්න පුළුවන් උන තත්පරේම උත්තර දුන්නත්.. ඒ උත්තර වල මගේ අසීමාන්තික කලබලය රැඳිලා තියෙද්දි ජී යැන් අන්නී , හිටපු තැනින් අයින් වෙලා ඉස්සරහට ඇවිත් මගේ මුණටම එබුණේ ඒ ලස්සන කතා කරන බෝල ඇස් වලිනුත් තව තවත් හිනාවෙන ගමන් එහෙම අහගෙනම උනත්, මම ක්ෂණිකවම හිත පුළුවන් තරමක් සන්සුන් කරගෙන උත්තර දුන්නේ ඔළුවත් වනන ගමන්...
_______________________________

“ 6 ට මීටින් එකක් තියනවා තේ සු.. ඔයාව අඳුන්නල දෙන්න කට්ටියක් ඉන්නවා.. ලේස්ති වෙන්න... ”

“ හ්..හා..”

නිමක් නොවෙන වැඩ ගොඩක් අස්සෙ හිර වෙලා ඉන්න අතරේ යන්තමට ඒ වගේ දෙයක් ඇහිලා තත්පර, විනාඩි පැය ගෙවුණේ හිත ඇතුලෙ කුතුහලය වගේම තිගැස්මත් උතුරලා දෝරේ ගලද්දි.. සුප්‍රසිද්ධ කොරියානු සංගීත කණ්ඩායමක්.. ඒ නැතත් කේ පොප් වලට ආස කරපු දා ඉඳන්ම මගේ ආසම සංගීත කණ්ඩායම වෙච්ච BTS ලාට අයිති කම්පැනි එකක, BTS ලා නිතරම ගැවසෙන තැනක මමත් ඉන්නවා කියන හැඟිම හැම මොහොතකම හිත ඇතුලෙ කිති කැවෙද්දි දැනෙන ඒ සතුට, ඊටත් වඩා කොයි මොහොතක හරි ඒ රූප ටික අහම්බෙන්වත් මුණ ගැහේවි.. දකින්න ලැබේවි කියන බලාපොරොත්තුව හිතේ කොනක් කොනිත්තද්දි දැනෙන ඒ ගැස්ම... හිත පුරාම ගලාගෙන යන හැම වාරෙකම කියාගන්න බැරි තරමේ තිගැස්මක් ඇති උනේ මුළු ඇඟම වෙව්ලලා යනවා වගේ දැනෙද්දි... ඒක එහෙම උනත්, තාමත් දවසෙන් තුන් කාලක් ගෙවිලා ගියත් ඒ එක රූපයක්වත් ඇස් මානෙක පේන්න නැති වෙද්දි හිතට දුකක් නොදැණුනාම නෙවෙයි උනත්... හිත අමුතුවට ගැහුණේ, වැඩ කරද්දි ඇහෙන දේවල් අතරේ, BTS ගෘප් එක, මම ඉන්න ෆ්ලෝර් එකට උඩ ෆ්ලෝර් එකක තියෙන ප්‍රැක්ටිස් රූම් එකේ , අලුත් එක සිංදුවක කෝරියොග්‍රැෆි ප්‍රැක්ටිස් කරනවා කියන එකත් කනින් කොනින් ඇහෙද්දි.. අදහන්න.. අවශ්‍යතාවක් නැතුවත් උඩ ෆ්ලෝර් එකට ආ ගියා උනත්... හිත හදාගෙන ඒ ප්‍රැක්ටිස් රූම් එක තියන දිහා හැරිලවත් බලන්න තරම් ධෛර්යයක් මට නොතිබුණ ගානයි.. ඒ හැම වාරෙකම අහේතුකව මහා හයියෙන් හිත ගැහුණා උනත්, මම කම්පැනි එකට බැඳෙද්දි අත්සන් කරපු ගිවිසුම මතක් වෙද්දි මම අමාරුවෙන් උනත් මාවම පාලනය කරගත්තේ...කවදාවත්ම ළඟට දකින්න බැරි උනත්.. කතා කරන්න බැරි උනත්.. අඩුම තරමේ පෙනෙන නොපෙනෙන දුරක හරි ඒ තරු හත.. විශේෂයෙන් ම ඒ හිනා වෙන ඇස්, රතුපාට තොල්, හැම වෙලාවෙම මූණේ තියන ඒ හිනාව අයිති හිතේ වැඩිකොටසක් අයිති කරගත්ත තරුව පායන නිසාමයි.... ඉතින් උපන්දා ඉඳලාම පුංචි පුංචි දේවල් වලින් මහා සතුටක් ලබපු, සැනසුමක් ලබපු මේ තෙසුමි තිදස්නී රණතුංගට ඒ තරු වල දිස්නෙ වදින තැනක ඉන්න ලැබුණු එකම මහා දෙයක් විදිහට දැණුනේ... මේ එක්ක ඉපදුණු හැඟිම් පිරුණ, නන්නාඳුනන රටක තනි උනු හිතට සැනසීමක් උනේ... එකින් එක, එකින් එක එකතු කරගත්ත සිංදු ගොන්නට අමතර හේතුවක් වෙද්දි..
______________________________

JUST FOR YOU ❤حيث تعيش القصص. اكتشف الآن