ඉතින් කවදාවත් නොහිතපු දෙයක් සිද්ධ උනේ කවුරුත් නොහිතපු විදිහට.. ජීවිතේ කියන්නේ මේ වගේ අහඹු දේවල් වලට වෙද්දි මම විතරක් නෙවෙයි මේ සිද්ධිය ට සම්බන්ධ හැම කෙනාටම කොරියන් ෆෑන්බේස් එක.. කොරියන් ආමිලාගෙ විරුද්ධත්වය පල කරලා දාපු ට්විටර් ඉන්ස්ටා හැම එකකම ට්‍රෙන්ඩින් උන පෝස්ට් දිහා මම ඔහේ බලාගෙන හිටියේ හිතන්නවත් බැරි තරම් මැසේජ් කමෙන්ට් මගේ ට්විට, ඉන්ස්ටා, ෆේස්බුක් හැම එකකටම වගේ මට එතනින් ඒ ජීවිත වලින් අයින් වෙන්න කියන තර්ජන වගේම මරණ තර්ජන පවා එද්දි.. මම හ එකම එක වැදගත් කෝල් එකක් බලාපොරොත්තුවෙන් ඉද්දි වට්ස්ඇප් මැසේජ් මගේ යාළුවන්ගෙන් පවා එද්දි ඉකිගහගන්නවත් සිහියක් නැතුව දොර ගාව බිම දොරට හේත්තු වෙලා වාඩි වෙලා හිටියෙ හිතට දැණුන මහා හිස්කමක් එක්ක.." අන්..."
" ..............................."
" එදා පොරොන්දු උන විදිහටම මම යන්නම්.. මම නිසා කවුරුත් දුක්විඳින්න ඕනෙ නෑ.... මම තීරණයක් අරගත්තා.. තවත් මට මේක කරන්න අමාරුයි. .. නේ... මට තේරෙනවා.. මේක හෙටින් ඉවරයිනේ.. ඔන්නි අතේ එයාර්පෝර්ට් එකට ඒ දේවල් එවන්න... මම යන්නම්.. අනිඉයො... මම ඒ තීරණෙ ගත්තෙ හැමෝම ගැන හිතලා.. එදා කිව්ව වගේම එයාට වඩා දෙයක් මට නෑ.. කම්සාහම්නිදා... "
ඉතින් එකෝමත් එක දවසක... පොරොන්දු උනා වගේම මේ වෙන දේවල් එක්ක මගේ දරාගැනීම අන්තිම සීමාවට එද්දි මම මගේ අවසානම තීරණය දුන්නේ පපුව පැලෙන තරම් වේදනාවක් දැනෙද්දි..
________________________________ඉතින් කඩිගුලක් ඇවිස්සුණා වගේ ආමි ලා ඇවිස්සිලා දවසක් ගත උනත් මම, කාමරෙන් එක අඩියක් එලියට නොතියාම හිටියෙ කට්ටියවම මගාරින්න ඕන උන නිසාමයි.. ආර්.එම්ට, මම ගැන හොයපු බලපු සුගාට හේතුව විතරක් හංගලා මම ගත්ත තීරණය කියලා ජින් ට නොකියන්න පොරොන්දු කරගත්තෙ වීඩියෝ කන්ෆරන්ස් එකක් හරහා.. කොහොමත් සිද්ධ උන දේ එක්ක මියුසික් වීඩියෝ එක කරන තැනට නොයන්න සේජින් මට උපදෙස් දුන්න නිසාම කට්ටිය එක්කම ආපහු සෝල් ඉන්චොන් එයාර්පෝර්ට් එකට යන්න තීරණය කරගෙන මම මගේ කාමරේටම වෙලා හිටියෙ හිත දස දහස් වාරයක් අඬා වැටෙනකොට.. දවසක්ම බඩට කිසිම දෙයක් නොවැටි අඬ අඬා උන්න මම දවස ඉවර වෙද්දි කොරියාවේ ගත වෙන අවසාන රෑ මගේ ඇඳුම් පැක් කරන්න ගත්තෙ හැමෝම මට එක එක දේවල් වලට එළියට කතා කරද්දි.. දොර ලොක් කරගෙන අඩුම ගානෙ දොර ගාවට ඇවිත් හූල්ලලා අඬලා යන ජින්ගෙ කටහඬටවත් ප්‍රතිචාරයක් නොදක්වාම හිත ගලක් කරගෙන
මගේ සන්තකේටම තිබුණු රෙදි ටික නව නවා හෙමිහිට පැක් කරන ගමන් උන්න මං ගැස්සිලා ගිහින් පියවි ලෝකෙට ආවෙ... හයියෙන් දොරට ගගහා කෑ ගහපු ජේ.කේගේ කටහඬ ඇහෙද්දි..
YOU ARE READING
JUST FOR YOU ❤
FanfictionJUST FOR YOU....❤ 💙 INTRODUCTION 💙 💜 BTS KIM SEOK JIN ❤ KIM NAM JOON 💙 JEON JUNGKOOK 💜 PARK JIMIN 💛 JUNG HO SEOK 💙 MIN YOONGI ♥ KIM TAEHYUNG 💚 ඔව්.. ඔයාලා හැමෝම ආදරේ කරන කේ පොප් ගෘප් එක... ඔයාලා විතරක්...