JUST FOR YOU - Episode 40

21 4 1
                                    


දුක, ඇස් වලින් ගලාගෙන යද්දි සුදු පාට බිත්ති.. කොලපාට කර්ට්න් දාපු හොස්පිට්ල් රූම් එකේ මම පුදුම තරම් හයියෙන් කෑ ගහලා අඬන්න ගත්තේ, ඇඬුම් වගේම දුක, වේදනාව...දරා ගන්න බැරි තරමක් ආදරේ එකට එකතු වෙලා මේ පපුවට දරාගන්න බැරි තරම් වෙද්දි...  මට නපුරුකම් කරපු..හිතුවේ නැති මොහොතක ළඟටම ආපු ජින්..බිඳිච්ච කටහඬකින් සමාව ඉල්ලද්දි... කොහොම නම් මගේ හැඟීම් තවත් හංගන්නද... ඉතින් හැමදේකම අවසානය මේක උනත්..නොඋනත්... තත්පර ගානක් ඇතුලෙදි ගත්ත ක්ෂණික තීරණේක ප්‍රතිඵලයක් විදිහට මම , ඔළුව උස්සලා ඒ රූපේ උන්න පැත්තට හැරිලා අඬාගෙනම බෙල්ලෙ එල්ලුණෙ කියාගන්න බැරි තරමේ දුකක් පපුවම හාරගෙන යද්දි...

"හ..හග්..ග්.. ම..මට බනි..න්..න එපා..හ්.. හැම තිස්සෙම මට විතරක් ඔහොම නපුරුකම් කරන්න එපා..හ්..මං...මං... හිතල වරදක් කරේ නෑ..හ්... හග්..හග්ග්..මං... මං... ඔයාට...හග්... ඔයාට ආදරෙයි දෙවියනේ... මං ඔයාට ආදරෙයි ජින් ඔප්පා... ම..මට තේරෙන්නෑ කවද...කොහොම... මේ බොළඳකම ආවද කියල..ඉස්සර...හග්...හග්.. ඉස්සර මං හිතුවේ දැක්කම ඇති කියලා... දැකලා අත අල්ලලා කතා කරහම ඇති කියලා.. ඒත්... හග්..හග්.. අනේ...හ්.. අනේ මට බනින්න එපා..හ්.."

" මිආන් තෙසු... මිආන්.. චොන්මල් මිආන්.. ශිංශිමුරු...නෝමු...නෝමු මිආන්..  මට තරහ ගියා ටිකක්... මිආන් තෙසු..."

" හ..හග්..හග්... මම වැරදි කරන්නැති ජින් ඔප්පා... ඒත්... ඒ හිතල නෙවෙයි දෙවියනේ... හිතල කර ඒව නෙවෙයි.. මම..මම දුකෙන් හිටියෙ...මට මේ ලෝකෙ කවුරුත් නෑ.  ඔයා.. අනිත් අය ඇරුණම මගේ ඔප්පා විතරයි මට ඉන්නෙ... මට ඉන්නෙ එච්චරයි ජින් ඔප්පා..මං..."

" මම දන්නවා.. තෙසු.. මම දන්නවා... මිආන් හේ.. මිආන් හේ තෙ සු මි... "

මම අඬ අඬාම හිතට ආව හැමදේම ඔහේ කියවගෙන යන ගමන්ම ඉකි ගහත්දී..  මගේ කොණ්ඩේ අතරේ රැඳිලා තිබුණු ඒ දිග උණුහුම් ඇඟිලි තුඩු හෙමිහිට පහලට ඇවිත් මගේ උරහිස් මත්තෙ ම නවතිද්දි, බිඳුණ හඬකින් සමාව ගන්න ඒ රූපෙටම මම, තව තව ගුලි උනත්...  එක මොහොතකදි මාව ඒ උණුහුමෙන් එහාට උරහිසේ තිව්ව ඒ දිග අත් වලින් තල්ලු කරලා ඒ උණුහුමෙන් ඈත් කරද්දි.. ටික ටික අඩුවෙලා යනගමන් තිබුණු ඇඬිල්ල  එක තත්පරයකට නැවතුණේ. මං මේ දකින්නේ හිනයක්ද කියන සිතුවිල්ල දහ අතින්ම හිතට ගලාගෙන එද්දි..ඒ නිසාම ඒ අත් වලින් තද කරලා අල්ලගෙන කඳුළු වලින්ම බොඳ උනු ඇස් වලට මූණට වැටුණ අවුල් උනු කොණ්ඩෙ, මහන්සි පාටට පෙනුනු. අඬලදෝ ලා රතට හැරුණු ඇස් එක්ක ඒ රූපේ දිහා තත්පරයක් දෙකක් මම බලාගෙන හිටියේ ඒ අත් වලින් මාව එහාට තල්ලු කරන එක නතර කරලා ඒ අත් දෙක එහෙමම තද කරලා අල්ලගන්න ගමන්මයි.. මගේ දිහාම එක එල්ලේම බලාගෙන හිටපු ජින් හෙමිහිට ඒ තද රතු පාට තොල්, දිග ඇස් එක්ක කහසුදු හමක් තිබුණ තරමකට කෙට්ටු උනු දිගටි මූණ මගේ මූණ පැත්තට බර කරද්දි... වෙන්න යන්නෙ මොනවා උනත් ඒ ඇස් වලින්...  තෝරලා බේරලාගන්න අමාරු හැඟීම් පිරුණු ඇස් වලින් මගේ ඇස් දෙක අල්ලගෙනම මගේ මූණට ඒ මුණ පහත් කරද්දි මම මගේ ඇස් බෝල කරගෙන බලාගෙන හිටියේ ඊළඟ ට වෙන්න යන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්න බැරිව...

JUST FOR YOU ❤Where stories live. Discover now