JUST FOR YOU - Episode 34

21 4 2
                                    


"  වේ ඔන්නි.. ඒ විදිහට කිව්වේ ? මං මොකුත් වරදක්.."

" අයිගු...අයිගු...නැහැ තේසු..ඔයාගෙ වරදක් හින්දා නෙවෙයි..ඇත්තටම පැය ගාණක් ඇතුලත ඔය වගේ ඉමර්ජන්සි ෆ්ලයිට් එකක් බුක් කරන්නෙ ඔයාගෙන් උන වැරැද්දක් නිසා නෙවෙයි..ඔයා ගොඩක් උදව් කල නිසා.. මේ වෙලාවේ ඔයාට මේ උදව්ව නොකලොත් ඔයාට අපි සැලකුවේ නෑ වගේ.. හිතාගන්නකො මේක ඔයාගෙ අල්ටිමේට් ආටිස්ට්ලගෙන් ඔයාට ලැබුණ ගිෆ්ට් එකක් කියලා... චරෙස්සෝ... චරෙස්සො.. අද වේලාසනින් ගිහින් රෙඩි වෙන්න.. ටයිම් අරගෙන.."

" ඒත් අපිට හෙට අඳින ඇඳුම් ටික රෙඩි කරන්න තියනවානේ.."

" ඔයා යන්න.. මම ඒක කරගන්නම්.."

" අනීඉයො... ක්වෙන්චනායෝ.... මම උදව් කරන්නම් ඔන්නි.. ඒක කරලා යන්නම්..."

හිත කුතුහලයෙන් අන්තයටම පිරෙද්දි, අතේ තිබුණු බර ලොකු ලියුම් කවරය බාගෙට ඇරලා බලන අතරෙම ඒ විදිහට යෙදුන හදිසිගමනට හේතු හොයන්න උත්සාහ කලත්... තව දුරටත් ඒ ගැන කතා කරන්න ඉඩ කඩක් නොලැබුණේ හෙට , මම කොරියාවට ආවට පස්සේ පවත්වන පළවෙනිම ෆෑන් සයිනින් ප්‍රෝග්‍රෑම් එක උදේ 10 ට තියන්න හැමදේම රෙඩි කරන්න උන නිසාමයි.. ඉතින් එතනින් එහාට යන්නෙ කොහාටද.. ඇයි මම යන්නෙ...මොකක්ද මේ තරම් හදිසියේ යන්න හේතුව...ඒක පෞද්ගලික ද.. රාජකාරි ගමනක්ද...ඒ විස්තර කිසිම දෙයක් නොදැන මම හිත අස්සෙ ම ඔබාගෙන, කිසිම දෙයක් නොඋන ගානට සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කලත්... සැරින් සැරේට හිතට ආවේ මීට ටික වෙලාවකට කලින් , ජේ.කේ, ටේ එකතු වෙලා අටවපු උගුලේ හිරවුණ වෙලාවේ, මම ලිස්සලා වැටෙන්න ගියපු තත්පරේදි ඒ ඇස් වල මොහොතකට පැටලිලා ඉද්දි හිතට දැණුනු දේවල්.. ජීවිතේ කවදාවත්ම පිරිමි පරාණයක් ගැන නොහිතුණ තරම් ලෝබකමක්.. ආශාවක්...හැඟීමක් ඒ මොහොතේ මට දැනුන වග කොහොම නම් අමතක කරන්නද... ජින්.. මගේ පුංචි ලෝකෙට පායපු දම් පාට දේදුන්න... මේ තරම් බරකට හිත උඩ අඩිය තියයි කියන බලාපොරොත්තුව නැතුවම ඒ කටහඬට.. ඒ කටහඬින් දැනුන උණුහුමට.. ආච්චි අම්මා හැරුණාම මගේ කළු සුදු ලෝකෙ පාට කරපු එකම කෙනා විදිහට අවුරුදු අටක් පුරාවටම හැබැහින් නොදැකත් ආදරේ කරපු මට.. ඊට එහා ගිය මේ දැනෙන හැඟීම.. ලෝබකම.. ආශාව මොකක්ද කියන එක තේරුම් ගන්න බැරිව කොහොම නම් මම ඒ හැඟීම් අතෑරලා දාන්නද...ඉතින් ඒ නිසාම වෙන්න ඇති, කම්පැනි එකේ ඉඳලා එපාට්මන්ට් එකට එද්දි ජීවිතේ කවදාවත්ම විඳලා නැති තරමට හිත වගේම ඇසුත් බර වෙලා තිබුණේ.. කම්පැනි විහිකල් එක පුරාම බර හුස්ම දස දහස් ගානක් හෙල හෙලා ආව මම, ඒකෙන් බැහැලා එපාට්මන්ට් එකට ඇවිදගෙන ඇවිත් නතර උනේ...මම අසිමීත විදිහට ආදරේ කරන ඒ තරු හත වගේම මගේ හිත අසිමීත විදිහට බර කරපු රිදී කටහඬේ අයිතිකාරයා ඉන්න.. ඈතකින් පේන ඒ ඩෝම් එක පේනමානේ එපාට්මන්ට්, වගේම ඒ ඩෝම් එකට යන පාර බෙදෙන තැන...
_________________________________

JUST FOR YOU ❤Donde viven las historias. Descúbrelo ahora