" ඒක දිග කතාවක් ජේ.කේ ...ලොකු හේතුවක් තියනවා ඒකට... හැබැයි ඒ හේතුව එයා ලස්සන එක නෙවෙයි... මොනවා උනත්.. එයා මගේ ලෝකෙට ආවෙ අහම්බෙන්.. ඔයාලා ඩිබට් වෙද්දි මම හිටියෙ මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි ප්‍රශ්න කන්දක.. මගේම කියලා මට උන්නෙ ආච්චිඅම්මා ඇරුණම තව එක්කෙනයි. මගේ ලෝකෙ එච්චරමයි උන්නෙ.. ඔයාලා ටික ටික කාටවත් එන්න බැරි උන මගේ ලෝකෙට එද්දි...උනත් මට ජින්ව හරියටම නෝට් නෑ.. මට මතකයි ඔයාල ඩිබට් උන අවුරුද්දට පස්සෙ අවුරුද්දක...එක දවසක අහම්බෙන් ජින් ගේ කටහඬ ඇහුවා.. එදා ඉඳල අද වෙනකම්....එයා මගේ ලෝකෙ කැරකෙනවා.. සොරි.. මට ඔප්පා කියන වචනේ එච්චර හුරු නෑ.. ම්ම්.. ඇති ඒ ගැන... නේද. ඔන්න බොත්තම හරි.. චරෙස්සෝ... යන්න දැන්.. ප්‍රැක්ටිස් කරන්න.. "තෙසුමි, එදා ගැඹුරු හඬකින්, දිළිසෙන ඇස් වලින් කිව්ව ඒ හැම වචනයක්ම ජන්ග්කුක්ට මතක් වෙද්දි... ජින්ගෙයි,තෙසුගෙයි රණ්ඩුවටත් පුංචි ඉසිඹුවක් ලැබිලා තිබුණ නිසාම දඩබඩ ගාලා දොර ඇරගෙන ඇතුලට ගියේ පොඩි විහිලුවක් කරන්න හිතාගෙන උනත්...අන්තිමට තමන්ගේ අතින්,තමන් රකින්න පොරොන්දු උන ඒ රහස ඔටෝමැටිකලිම ජන්ග්කුක්ට කියවෙද්දි ඇති උන වාතාවරණය වගේම වී ගෙ උණ වැඩි උන එකෙන් ඒක යටපත් වෙලා ගියේ එතන හිටපු හැමෝගෙම හිත් කළබල කරන ගමන්මයි...
_________________________________________________ගෙවුණු මුළු රෑ පූරාම තෙසුමි, වී ගාව තනි රකිද්දි, කෙල්ලට වගේම වීටත් උවමනා උදව් දෙනගමන් ශිෆ්ට් එකට නිදි මරපු කොල්ලො හය දෙනාම පාන්දර වෙද්දි උන්නෙ තදබල මහන්සියකින්.. විශේෂයෙන් තමන් එක්ක වතුරේ නටපු එකේ වැරදිකාර හැඟීමෙන් පීඩා විඳපු ජින් ඇහැ පියෙව්වේම නැති තරම් වෙද්දි.. ඒ හා සමානවම නැතත් ජන්ග්කුක්නුත් නිදි වැරුවේ කණ්ඩායම ඇතුලේ තමන්ට අතිශය සමීපතම සගයා, පොඩි දේටත් දුවගෙන ගිහින් උරහිසට බර වෙන්න හරි. ඔහේ හිතට එන හැම දෙයක්ම කියවන්න.. එකට එකතු වෙලා බාල්දියක් පෙරලලා..නටන්න..දඟලන්න උන්න සමීපම සගයා උන වී ගේ අසනීපය තරමක් තදින් වැඩි වේගෙන එද්දි.. ජිමින්, සුගා, හෝබි වගේම නිතර ඩොක්ටර් එක්කත්, සේජින් එක්කත් සම්බන්ධ වෙන ගමන් උන්නු ආර්.එම් නුත් එලිවෙනකොට තද නින්දකට වැටිලා හිටියෙ වී ගේ කාමරේට අල්ලපු ජින් ගේ කාමරේමයි.. වෙන කෙනෙක් තමන්ගේ ඇද කිලිටි කරන එකට අකමැත්තක් දක්වන ජින් ට ඒ ගැන හිතන්නවත් වෙලාවක් නොඋන තරම්.. උදේ එළි වෙනකම් කරපු ප්‍රතිකාර වගේම සත්කාර එක්ක උණ බැහැලා යද්දි.. රෑ පුරාවම වේදනාවෙන් උණ විකාරයෙන් කියවපු වී සුවබර සනීප නින්දකට වැටෙද්දි...බාගෙට නිදි කිර කිරා උන්නු තෙසුමි, ඒ ඉඳගෙන උන්න අපහසු ඉරියව්වෙන්ම නින්දට වැටෙද්දි... ජන්ග්කුක්, කට්ටියම ඉන්න තැනට ගිහිල්ලා සෝෆා එකේ ඉඩ තිබුණ තැනකට රිංගුවේ නිදාගන්න බලාපොරොත්තුවෙන්... මේ විදිහේ වාතාවරණයක, වී ගේ කාමරේ කොනකට වෙලා ජින්, ලෙඩා වගේම උපස්ථායක කියන දෙන්නාගෙම දිහා බලන් ඉද්දි... කොල්ලගෙ කටකොනකට පුංචි ම පුංචි හිනාවක් ගියේ.. අමාරුවෙන් ඔළුව උස්සන ගමන් අපහසු ඉරියව්වක හිටපු තෙසුමි හීනෙන් වීගේ අත තද කරලා අල්ලගන්න එක දකින්දි....
YOU ARE READING
JUST FOR YOU ❤
FanfictionJUST FOR YOU....❤ 💙 INTRODUCTION 💙 💜 BTS KIM SEOK JIN ❤ KIM NAM JOON 💙 JEON JUNGKOOK 💜 PARK JIMIN 💛 JUNG HO SEOK 💙 MIN YOONGI ♥ KIM TAEHYUNG 💚 ඔව්.. ඔයාලා හැමෝම ආදරේ කරන කේ පොප් ගෘප් එක... ඔයාලා විතරක්...