ජන්ග්කුක්ගෙ රඟපෑම අතිශයින් තාත්විකව ඉස්සරහටම ගලාගෙන යද්දි, ජින් හිටියෙ කරකියා ගන්න දෙයක් නැතුව.. එක මොහොතකට ජන්ග්කුක් කරන මේ දඟ වැඩයට විරුද්ධ වෙන්න හිතුවා උනත් , තමන් ඇහිපිය නොගහාම තේසු දිහා බලාගෙන උන්නා කියන එක ජන්ග්කුක්ට හොඳටම තේරුම් ගියා වගේම අතටම අහු වුනා කියන දේ දැනුන නිසාම ජින්, නිහඬවම උන්නෙ ජන්ග්කුක් කරන දේ ගැන හිතාගන්නවත් බැරි වෙද්දි... කුකී කොල්ලගෙ කෑ ගැහිල්ලත් එක්ක ජින් වටේට කට්ටිය එකතු උනේ තත්පරේට හැටේ වේගෙන්.." වේ...ජින් යා... වේ ? ක්වෙන්චනායො ?"
" ජින් හ්යොන්ග්ට සනීප නෑ වගේලු රැප්මොන් හ්යොන්ග්.. ටිකක් රෙස්ට් කලොත් හරි යයි වගේ.. රෙස්ට් රූම් එකට එක්ක යන්නද..?"
"ම්ම්...ඇත්තට..මොකද එකපාරට..කොහෙද රිදෙන්නෙ..."
" කෝ අයින් වෙන්න... හිටගෙන ඉන්න හොඳ නෑ මෙහේම...තේසූ නූනා.. මට උදව් කරන්නකො... ඔයාට පුළුවන් නෙ බෙහෙත් ටිකක් දෙන්න...අපි තාම රිහසල් එක ඉවර නෑනෙ.. ඔයාට පුළුවන් නෙ පොඩ්ඩක් බලන්න. ටේහ්යොන්ෂිව බලාගත්තා වගේ... "
ජන්ග්කුක්, ජින්ව වට කරගත්ත, කොල්ලගෙ විස්තර අහන අනිත් කොල්ලො ටිකව එහාට මෙහාට කරලා, තෙසුමිට බාර දෙද්දි තෙසුමි හිටියෙ වෙන දේ ගැන හිතාගන්න බැරිව.. ජින් ඇත්තටම අසනීපෙන්ද..නැත්තම් මේක ජන්ග්කුක්ගේ තවත් ගැටයක්ද හිතාගන්න බැරිව උන්න කෙල්ල තරමකට කලබල උනෙ ජන්ග්කුක්, ජින්ව කෙල්ලගෙ පැත්තට තල්ලු කරද්දි... ආර්.එම්, සුගා, ජිමින් වගේම හෝබිත් කටවල් ඇදකරගෙන එකපාරටම ජින්ට උන අසනීපය ගැන අවංකවම කරදර වෙද්දි, වී ජන්ග්කුක් දිහාට හැරුණෙ, කොල්ලට තේරුණ දෙයක් තහවුරු කරගන්න අරමුණෙන් වෙද්දි...ජේ.කේ ගෙන් ලැබුණ ඉඟියත් එක්ක වී ඔළුව වැනුවෙ ජේ.කේගෙ දඟයට උදව් කරන්න එකඟ වෙන වග නොකියා කියනගමන්මයි...
" පිස්සු හැදීගෙන එනවද ජේ.කේ මම මොනවා කරන්නද... මම ඩොක්ටර් නෙවෙයි නෙ..අසනිප නම් ඩොක්ටර් ගාවට යන්න තියෙන්නෙ.."
" නූනා... තාම නම් තදටම නෑ..ඒත් මට හිතෙන විදිහට හැදීගෙන එන්නෙ.. ඒ නිසා ඔයාට පුළුවන්.."
"හරි...හරි මාව බලාගත්ත වගේ බලන්නකො... යන්න යන්න..හිටගෙන ඉඳලා ඒක වැඩි වේවි... කෝ.. පල්ලී... පල්ලී... "
YOU ARE READING
JUST FOR YOU ❤
FanfictionJUST FOR YOU....❤ 💙 INTRODUCTION 💙 💜 BTS KIM SEOK JIN ❤ KIM NAM JOON 💙 JEON JUNGKOOK 💜 PARK JIMIN 💛 JUNG HO SEOK 💙 MIN YOONGI ♥ KIM TAEHYUNG 💚 ඔව්.. ඔයාලා හැමෝම ආදරේ කරන කේ පොප් ගෘප් එක... ඔයාලා විතරක්...