JUST FOR YOU - Episode 16

27 5 0
                                    


කියාගන්න බැරි විදිහේ ලා හීතලක එතුණ හුලඟටවත් හිතට දැණුන වරදකාරී බව මකලා දාන්න බැරි වෙද්දි, මම ෆෝන් එක ඇඳගෙන උන්නු ලා නිල් පාට ඩෙනිම් කලිසමේ සාක්කුවෙන් ඇදලා අරගෙන ලොක් එක ඇරලා  වීවර්ස් ඇප් එක ඕපන් කලේ, එක පිම්මට දුවගෙන ඇවිත් නතර උනු ලස්සන ගාඩ්න් එකක ලා කොළ පාට තෙත තණකොල ගොල්ල නම් ගම් නොදන්න එක එක ජාතියෙ ගස්.. අතරින් පතර එකක් දෙකක් පිපිලා තිබුණ එක එක මල්ජාති තියන ගස් අතරෙම දාලා තිබුණ ලස්සනම ලස්සන යකඩ පුටු කීපයක් අතරෙන් එකක ඉඳගන්න ගමන්...

ෆෑන්ස්ලාට තමන්ගේ අයිඩොල් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් වෙන විදිහට හදපු ෆ්ලැට්ෆෝම් එකක් උනු වීවර්ස් ඇප් එකේ පෝස්ට් එකකට කවදාවත්ම මගේ අයිඩොල්ස්ලගෙන් කමෙන්ට් එකක් නම් ලැබිල නැති උනාට දවසක ඒක ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් දවසට පෝස්ට් හත අටක්වත් දාන මම, කොරියාවට ආව දවසේ ඉඳලාම ඒ දිහා යන්තමට බැලුවාම විතරයි..  ඉතින් ඒ නිසාම අද හිතට ආව දේ මම පෝස්ට් එකක් විදිහට ටයිප් කරලා... මෑතකදි ඉන්ටර්නෙට් එකට දාපු ඒ රූපෙට අයිති පිංතුරයක් දැම්මෙ... ඒ රූපෙ මේ තරම් ළඟක.. පේන නොපෙනෙන තරම් දුරක හිටියත් ඒ කියාගන්න ඕන උන දේ ළඟට ගිහින් කියාගන්න තරම් හයියක්, ශක්තියක් මට ඇත්තටම අයිති නොඋන නිසාමයි...
________________________________________

" මිස් මේ පාර්සල් එක ලී ඉන් ජියෑන් කියල මිස් කෙනෙක් ට... ජේබල්.. මේක භාරගන්න පුළුවන් ද ?"

" අයියෝ..ඔයාලට බැහැද ඒක ජියැන්ට දෙන්න.. මම මේ හදිසි වැඩකට එළියට යන්න කියලා...දැනටමත් මම පරක්කුයි.. "

හීතල හුළං පොදක එතිලා ඉන්න ගමන් වීවර්ස් වල පෝස්ට් එකක් අප්ඩේට් කලාට පස්සෙ හිතට දැණුන සැනසීම එක්ක මං හෙමිහිට රිසෙප්ෂන් එකත් පහුකරගෙන එන්න එද්දි ඇහුණ දෙබස, ඉක්මනින් තිව්ව මගේ අඩි එහෙමම නතර කරගෙන හැරුණෙ, ජියැන් අන්නීගේ පාර්සලයක් ගැන ඒ දෙබසේ කියවුණ නිසාමයි.. කොහොමත් කැබින් එකට යන නිසාම පාර්සලය ගෙනියන්න අමුතුවෙන් මහන්සියක් දරන්න උවමනා නැති නිසාම, මම අඩියට දෙකට එතනට ගියෙ ඒ පාර්සලය බාර ගන්න හිතාගෙන..

"  මට පුළුවන් උදව් කරන්න.. මම යන්නෙ ජීයැන් අන්නීගේ කැබින් එකටමයි.  මම ගෙනියන්නම් මේක... "

JUST FOR YOU ❤Hikayelerin yaşadığı yer. Şimdi keşfedin