JUST FOR YOU -Episode 15

29 5 0
                                    

" ඔන්න අපි ආවා... "

"අ...ආ..."

ජිවිතේ ඇතුලෙදි, ගෙවෙන හැම තත්පරයක්ම නොහිතන විදිහේ දේවල් සිද්ධ වෙන තත්පර වෙද්දි, ජම්බු ගෙඩියක් තරම් රෝස පාට උනු ජින්, ලස්සන බෝල ඇස් වලින් පවා හිනා වෙන දඟකාරයා ජන්ග්කුක් වගේම ජියැන් ගේත් ඒ කතාව එහෙමම නැවතුණේ කාමරේ දොර ඇරෙද්දිම ඇහුණ ඒ කටහඬ නිසා... තුන්දෙනාම එකම මොහොතකදි දොර දිහා බලද්දි, ඩාන්සින් ප්‍රැක්ටිස් එකට ඇඳපු නේවි බ්ලු බොටම් එකකට, කොලපාට ටී ෂර්ට් එකක්, කලු නයික් ෂු දෙකක් දාගෙන , මූණ වැහෙන මට්ටමට තිබුණ තරමක් බර පාර්සලයක් අරගෙන ජිමින් කාමරේට ඇතුළු උනේ ඒ විදිහට කියාගෙනම උනත්, ජිමින් පස්සෙන්ම වගේ ආව වී, ජිමින්ට පාර්සලය ඇතුලට අරගෙන එන්න උදව් කරන අතරෙම කැබින් එකට ඇතුළු වෙන අතරේ කියන්න හදපු දේ නතර කරගත්තේ ජියැන් ගේ කැබින් එකේ හිටපු දෙන්නව දැකලා කොල්ලට පුදුමයක් දැණුන නිසාමයි...

" හේයා... උදව් කරන්න ටේහ්යොන්ග් ෂී....  මේක කොහෙද තියන්න ඕන අහන්න "

" අ..ආ.... ඔහොම ඉන්න මේ... එනවා..හ්"

" පල්ලී... පල්ලී.. නම්ජූන් හ්යුන්ග් අපිව හොයයි ටේහ්යොන්ග්.. ඉක්මනින් එන්න.. අනික මේක බරයි... "

ලිෆ්ට් එක ගාවට හති දම දමා ආව ඒ නන්නාඳුනන ගෑණු ළමයාට උදව් කරන්න ඉදිරිපත් උන ජිමින් ,වී, දෙන්නා වගේම ඒ පස්සෙන් ආව ඒ රූපෙත් කාමරේට ඇතුළු වෙද්දි, ජින් ගේ මූණ තව තවත් රෝස පාට උනේ, කොල්ලගෙ කටින් එළියට පැනපු ඒ වචන ටික ජියැන්ට, ජන්ග්කුක්ට විතරක් නෙවෙයි ජිමින්, වී දෙන්නට වගේම ඒ කියපු දේට අදාල කෙනා උනු ඒ රූපෙත් එක ක්ෂණයකින් තමන් හිටපු තැනට ආව නිසා උනත්... ජිමින්, වී වගේම ඒ රූපෙ මුණු වලින් පෙණුනෙ නම් ඒ විදිහේ කිසිම දෙයක් කාටවත්ම නෑහුණු වගක්.. සත්තකින්ම,  මූණ වැහෙන මට්ටමට තිබුණ පාර්සලය උස්සගෙන ජිමින්, වටපිටාව නොදැක්කා වගේ පාර්සලය උස්සගෙන ජියැන්ගේ කැබින් එකෙන් වර්කිං රූම් එකට යන්න දිගටම ඉස්සරහට ගියේ, ඒ කතාව නෑහුණ නිසාම නෙවෙයි.. 

ලිෆ්ට් එකේ ඉඳලා ජියැන්ගේ කැබින් එකට එක පිම්මට පාර්සලය උස්සගෙන ආව ජිමින්, එක මොහොතකට හුස්මක් ගන්න හිතාගෙන පාර්සල් එක බිමින් තියන අතරෙ එතනට ආපු වී දොරට අත තිව්වෙ දොරට තට්ටු කරලා ඇතුලට යන්න අවසර ගන්න උනත් දොර ක්ෂණිකවම ඇරුණෙ, ජන්ග්කුක්ගේ කලබල නිසා දොරකඩ හිටපු ජින්ට දොර ලොක් වෙන විදිහට දොර වහන්න අමතක වෙලා තිබුණ නිසාමයි.. ඉතින් තරමක් උස් හඬකින්, ජින් තමන්ගේ හිතට ආව දේ ඔටෝමැටිකලිම කියාගෙන යද්දි, ජන්ග්කුක් තරමක් සද්දෙට හිනා වෙද්දිත් ඒ කතාව සම්පූර්ණයෙන් තුන්දෙනාටම ඇහුණේ, වී ක්ෂණිකවම ජිමින් ගේ මූණ දිහා කොල්ලගෙ ඒ අමුතු හැඩයකට පිහිටපු ඇස් කරකවලා බැලුවේ, ජින් කියපු ඒ දේවල් කිව්වෙ තමන්ට පිටිපස්සෙන් හිටගෙන වටපිට බල බලා ඉන්න ගෑණු ළමයා වෙනුවෙන් කියන ඒක ඕනවටත් වඩා තේරුම් යද්දි... ජිමින්, කෙල්ලට කොරියානු භාෂාව පුළුවන් කියන එක නොදන්න නිසාම, ඒ වචන මේ පුංචි කෙල්ලට නොතේරුණා කියන සැනසීමෙන් වී දිහා බලද්දි, වී දොරට තට්ටු නොකරම තරමක් සද්දෙන් දොර ඇරියේ ජිමින්ගේ ඒ බැල්ම එක්ක ලැබුණ ඉඟියත් එක්කමයි.. ඉතින් මූණ මට්ටම එන පාර්සලය එක්ක තමන්ට ඒ ඇහුණු දේ නෑහුණ ගානට හැසිරුණ ජිමින්, කැබින් එක ඇතුලෙදි වී ට කතා කරේ.. තමන් එහෙම කලත්, වයසට වඩා පොඩි විදිහට හැසිරුණ වී ගේ කට ගැන දන්න නිසාමයි... ජින් , ජන්ග්කුක් දිහා පුදුමෙන් බලපු වී, ඊළඟ තත්පරේදි කට ඇද කරලා ජන්ග්කුක්ට ඔරවලා ජින් දිහාටත් බැල්මක් විසි කරලා ආයෙමත් හැරුණෙ ජිමින් ගිය පැත්තට යන අතරේ, ජිමින් ඒ කිව්ව දේට ප්‍රතිචාර දක්වන ගමන්..  ඉතින් කොල්ලො ටික එකතු වෙලා එකිනෙකාව බයිට් කරගත්තත්..  කොයි තරම් එකට පිස්සු නැටුවා උනත්,..පිට අය ඉදිරියෙදි තමන්ගෙ සගයන්ගේ ආත්ම ගරුත්වය, ආඩම්බරය මහා ඉහලින් රැක ගන්න ඕනම දෙයක් කරන එක වෙනද වගේම මේ මොහොතෙදිත් කොල්ලො ළඟින් දකිද්දි, මේ හැම දෙයක්ම දිහා නිහඬවම බලාගෙන හිටපු ජියැන්ගෙ වගේම ඒ කළු පාට දිගටි ඇස් තියන පුංචි හුරුබුහුටි කෙල්ලගෙත් තොල් වල හිනාවක් ඇඳුණෙ කාටත් හොරෙන් උනත් ඇස් දෙකකට ඒ හිනාව නෝට් උනේ හරි අහම්බෙන්.. විශේෂයෙන්ම, කැරලි දිග කොණ්ඩයක්, තද කළු දිගටි ඇස් දෙකක්, අල්ලලා මිරිකන්න හිතෙන තරමේ ලස්සන නහයක් එක්ක තදත් නැති ලා ත් නැති අමුතුම රෝස පාටකට හුරු ඒ තොල් වල ඇඳුණු හිනාව ඒ ඇස් වල පැටලුණෙ තත්පර දශම ගානකින්...

JUST FOR YOU ❤Where stories live. Discover now