JUST FOR YOU - Episode 24

21 5 0
                                    


හීන.. මහ පුදුමාකාරයි.. ජීවිතේට හුස්ම අල්ලන්න හේතුවක් නැති වෙද්දි.. කොහේදෝ පාවෙන හීන ඇවිත් ජීවිතේට හුස්ම දෙන්න හේතුවක් අපිට දෙන්නෙ මහ පුදුමාකාර විදිහට.. පුදුමාකාරයි කියන වචනෙ ඇරෙන්න මට වෙන වචන නෑ ඒ දැනෙන හැඟීම් කියන්න... ඉතින් ඒ විදිහට අපිව හොයාගෙන එන හීන හැබෑ වෙයිද..නැද්ද කියලාවත් නොදැන ඒ පස්සෙ දුවන අපි හීන හැබෑ කරගෙන ඒ හීනෙ නවතින්නෙ..හරි කලාතුරකින්.. හීන වල හැමදාටම නවතින්න බැරි වග ඇත්ත...ඒත් පුළුවන් තරමක් දවසක් ඒ හීනෙ මත්තෙ නතර වෙලා ඒ හැඟීම විඳින්න කවුද ආස නැත්තේ... මම, මට රෑ ආපු ඒ මැසේජ් එකේ කියලා  තිබුණු තැනට යන්න එළියට බැස්සේ... හැබෑ උන එක හීනයක උඩ ඇවිදගෙන යනවා වගේ හැඟීමකින්.. නේවි බ්ලු, වයිට්, බ්ලැක් මික්ස් කරලා... මගේම අදහසකට අනුව මමම මහගත්ත  ෂර්ට් බ්ලවුස් එකේ අත් එක මිටට අල්ලලා වැලමිටෙන් උඩට කරන ගමන්මයි.. ඉන වටේ බැඳගත්ත කළු ජර්සි එකක්.. කළු සුදු මික්ස් උන ස්පෝට්ස් ශු දෙකක් දාලා.. කොණ්ඩෙ පෝනි ටේල් එකක් දාගෙන උන්න මම ටිකක් ලොකු බැක් පැක් එක කරේ දාගත්තෙ උවමනාම වෙයි කියන, මම අනිවාර්යයෙන් අරගෙන දේවල් ටික එක්කමයි... මට එවලා තිබුණු ශෙඩුල් එකේ විදිහට මුලින්ම යන්න තිබුණ තැන... ඒ ගැන හිතද්දිත් ඇති වෙන ගැස්ම.. මේ දැනෙන හීතල නිසා ඇති වෙන වෙව්ලුමට වඩා දහස් ගුණයක් හිතට දැනෙද්දි... ඇඳගෙන උන්න ෂර්ට් බ්ලවුස් එකේ අත හදන ගමන්ම එළියට බැස්සෙ උදේ හිතුවටත් වඩා පරක්කු වෙලා ඇහැරුණු නිසාම එන්න කියලා තියෙන වෙලාවට වඩා විනාඩි පහක් මම දැනටම පරක්කු වෙලා තිබුණ නිසා....

ෂර්ට් බ්ලවුස් එකෙ අත නව නවා ආව නිසාම ජර්සිය දාගන්න බැරි උන නිසාදෝ මට එන්න කියපු තැනට යද්දි මට දැනුනේ මාව තදින්ම වෙව්ලන වගක් උනත්... අත් එකට බැඳගෙන.. ගුලි කරගෙන අඩියට දෙකට දුවගෙන ගිහින් මම නැවතුණේ මම එනකම් මග බලාගෙන හිටපු මැනේජර් සේජින් ගාව...

" මිආන්හේ මිස්ට සේජින්... මම ..පොඩ්ඩක් පරක්කු උනා.."

උදේ හතහමාර වෙද්දි, BTS කණ්ඩායමට අයිති ඒ නවාතැන එහෙමත් නැත්තම් ඩෝම් එක පිහිටපු තට්ට පහක බිල්ඩින් එකට ඇතුල්වෙන දොර ළඟට එන්න ලැුබුණ උපදෙසත් එක්ක කලබල උන හිත එක්ක ගත කරපු නිදි නැති රැයක් නිසාම වගෙම උදේ පාන්දර තිබුණ සීතලත් එක්කම තද නින්දක එතිලා හිටපු මම ඇහැරුණේ එලාම් එක වැදිලත් විනාඩි ගණනාවකට පස්සෙ වෙද්දි.... මම අදාල තැනට යද්දි හතයි හතළිහට ආසන්න වෙලා තිබුණ නිසාම මම ඔළුව නවලා සේජින් ගෙන් සමාව ඉල්ලුවේ අහිංසකම බැල්මක් මූණට අරගෙන... මගේ ඒ සමාව ඉල්ලීමට, හිනාවකින් විතරක් උත්තර දුන්න සේජින් මට දික් කලේ ගෝල්ඩ් සිල්වර් කලර් මික්ස් උනු තරමක ලොකු යතුරක් දික් කරේ මම ඇස් බෝල කරලා සේජින් දිහා බලද්දි..

JUST FOR YOU ❤Where stories live. Discover now