💜💜💜 වසර හයකට පසු.... (@ 2027) 💜💜💜
" ඔම්මා... ඔම්මා..."
" ඇයි මැණික... මොකද ඔම්මා බිසී... "
" ඔම්මා...මේ...ඔයාගෙ අයිඩොල් අංකල් ලයිව් ඇවිල්ලාහ්... එන්නෝ... ඉම්මනට .. බී ක්වික්.. ඔයාට ලයිව් එක මිස් උනාම අඬන්න එපා එදා වගේ හරිත.. ඩිම්පල් බෝයි අංකල් අද නෑ.. ඔයාගෙ අයිඩොල් අංකල් ඉන්නෙ..හුම්...මම තරහයි චිමිනි අංකල් එක්ක..එයා ප්‍රොමිස් උනා ලයිව් එනව කියලා තාම ආවේ නෑනෙ... නෝටි බනි අංකල් නම් ගුඩ්බෝයි අංකල් එක්ක ඇවිත් ඔයාගෙ අයිඩොල් අංකල්ගෙ නූඩ්ල් එක කාලා ගියා..හරි නරකයි නේත ..."
" මගේ අයිඩොල් අංකල් නෙවෙයි ඒ... "
" ඕ..සොරි.. අයි නෝ.. අයි නෝ..... වර්ල්ත් වයිත් හැන්ඩ්තම්.. නේත ඔම්මා එයා.. මම ආත එයාගෙ ෆ්ලයිං කිත් එක අර බිලින්ක් කරලා දෙන්නෙ...ඔයත් ආසද... ඒකත ඔයා එයා ලයිව් ආවම අඬන්නෙ ඔම්මා... ඔය බලන්න ඉතින්...ආයෙ අඬනවා.. ඩෝන්ට් ක්‍රයි.. ඔයාත වර්ල්ත් වයිත් හැන්ඩ්තම් නැති උනාට වර්ල්ඩ් වයිල්ත් බියුති ඉම්නවනෙ අනේ... ඔය ඉතින් කියන දේ අහන්න..මම ඩඩාට කියම්නවා.. එතෝට බැනුම් අහන්නකො ඔයා..."
නානකාමරේ රෙදි ගොඩකට යට වෙලා ඒ රෙදි කන්ද හෝද හෝදා උන්නු මම ඒ ටික එතනම එහෙමම දාලා එළියෙන්ඇහුණු ඒ හුරතල් හඬට.. ඉතින් අවුරුදු හයක් වයස ඒ හුරුබුහුටි රූපේ බාත්රූම් එක ගාව දොරකඩ හිටගෙන,මගේ පැත්තට ෆෝන් එකේ ස්ක්‍රීන් එක මගේ පැත්තට හරවගෙං කෝච්චියක් වගේ කියවද්දි... මම දුවගෙන ආපු වේගේ අඩු කරලා..ඇස් හරවලා ඒ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ එක දිගට කියවගෙන ගියපු ඒ රූපේ දිහා බලද්දි... මේ ගත උන අවුරුදු පහ පුරාම කරා වගේම කඳුළු පිහ දැම්මේ වෙනදාටත් වඩා බරක් හිතට දැනෙද්දි...තරහා ගියත් නැතත් ගිරවියක් වගේ තොරතෝංචියක් නැතුවම ඉනට අතකුත් තියාගෙන කියවගෙන ගියපු ඒ පුංචි දිගටි ඇස් නතර උනේ මගේ මූණේ... සැරින් සැරේ වෙනස් කරන මූණෙ ඉරියව් වලින්...දුකම හිතුණ වෙලාවට හදාගන්න මූණුවර මට ආයෙමත් මතක් කලේ... ඒ රූපේ.. එදා...මම බුසාන් වලින් සෝල් වලටත්...සෝල් වල ඉන්චොන් හරහා ඕස්ට්‍රේලියාවටත් ආපු ඒ ගමනෙන් පස්සෙ.. ගතවුණු තත්පර..විනාඩි..පැය..දවස්... සති..මාස අවුරුදු ගණන ඇතුලෙ ගෙවුණ හැමදාමත් වගේ අදත් ඒ රූපේ දකිද්දි හිතට දැණුනේ දරාගන්න අමාරු දුකක් උනත්... ෆෝන් එක අල්ලගෙන හිටගෙන එක දිගට කියවගෙන කියවගෙන ගිහින් හති අරින රෝස පාට පුංචි මැණික මට ගෙනාපු සතුටත් එක්ක... මම ජීවිතේට තනියමම මුහුණ දෙන්න හිතුවේ....කවදාවත් ඒ රූපේ පේනමානෙකට යන්න හිතාගෙන නම් නෙවෙයි... මම එකඟ උන ඇග්රිමන්ට් එක එක්ක...ඒ රූපේට අතාරින්න බැරි දේවල් එක්ක... නොහිතපු දවසක නොහිතපු විදිහට සිද්ධ උනු දේ එක්ක.. අපේ ආදරේට තිබ්බ කෙටි ආයුෂත් එක්ක... ඒ හැමදෙයක්ම මකලා..අමතක කරලා දාන්න හිතාගෙන අයියා ගාවට ආවත්... ඒ අතීතය...ඒ ආදරය අමතක කරන්හ බැරි හේතුවක් මටත් නොදැනිම ඇති වෙලා තියෙද්දිත් ඒ අභියෝගය භාර ගත්තෙ... හැමදාටම හැංගිලාම යන්න හිතාගෙන උනත්....හැමදාම ඇස් පනාපිට දකින ඒ රූපෙට අයිති ජීවමාන සාක්ෂිය එක්ක මට ඒ ආදරය අමතක කරන්න අමාරු උන නිසාම මම ඒ රූපේ එක්ක අනිත් රූප හතත් නිතරම බලාගත්තේ වීවර්ස් ලයිව් එක හරහා.. කොහේ කොතනක කොහොම උනත් ඒ කටහඬ, කටහඬවල්.. ඒ රූප හත... ඒ සිංදු.. ඒ කණ්ඩායම... අමතක කරන්න උවමනාවක් මට නොතිබුණ නිසාම මම තාමත් මගේ ආමි මෙම්බර්ශිප් එක තියාගත්තෙ, මේ මගෙ ඉස්සරහ ඉන්න ඒ පුංචි රූපෙටත් මේ අවුරුදු පහට ඒ දේවල් පුරුදු කරන ගමන්මයි...විශ්වාස කරන්න.. මම වේදනාවකදි...තනිකමකදි අහලා සැනසුන ඒ රිදී කටහඬ, නැතිව මේ පුංචි රූපෙට නිදාගන්න එක හීනයක් උනේ මට වගේම මම වටේ උන්න හැමෝටම පුදුමයක් ගේන ගමන්... ඉතින් ඒ... මේ රෝස කැකුලට... උපන් නමින් ශියාරා ජියාන්ද්රි වෙන මේ රෝස කැකුලට ලයිව්.. ඒ සිංදු...ඒ කටහඬවල්.. රූප... කිසිම දෙයක් ආගන්තුක නොවෙද්දි.... මම නිහඬවම කඳුළු පිහ දාගෙන අතේ තිබුණු වතුර ඇඳගෙන උන්න ඇඳුමෙම පිහදාගෙන ඉස්සරහට අඩියක් තියලා බිම දණගහගෙන ඒ පුංචි අතේ තිබුණු ෆෝන් එක අරගෙන කෙල්ලවත් ලඟටම අරං බිම ඉඳගත්තෙ.. පුරුදු විදිහටම ලයිව් එක බලන්න හිතාගෙන...
__________________________________________
VOUS LISEZ
JUST FOR YOU ❤
FanfictionJUST FOR YOU....❤ 💙 INTRODUCTION 💙 💜 BTS KIM SEOK JIN ❤ KIM NAM JOON 💙 JEON JUNGKOOK 💜 PARK JIMIN 💛 JUNG HO SEOK 💙 MIN YOONGI ♥ KIM TAEHYUNG 💚 ඔව්.. ඔයාලා හැමෝම ආදරේ කරන කේ පොප් ගෘප් එක... ඔයාලා විතරක්...