ටේගේ දුර්වල අසරණ වෙච්ච කටහඬ එක්ක රණ්ඩුව ඉවරකරලා මම , ජින්ගේ වගේම මගේ අත් අතරේ හිර වෙලා තිබුණු රයිස් පොරීජ් බෝල් එක උදුරගෙන වගේ අරගෙන ටේගේ ළඟට ගිහින් ඉඳගද්දි... දොර ඇරගෙන ඇතුලට ආපූ ජේ.කේ අතින් ඒ විදිහට.. ජේ.කේත් මාත් අතර දවසක පහලදි උනු කතාබහේදි පිට උනු රහසක් එළියට පැන්නෙ මම තදින් ගැස්සිලා යද්දිමයි.. මගේ කම්මුල් දෙකින් පටන් ගත්ත රස්නයක් එක්ක මුළු ඇඟම රත් වෙනවා වගේ දැනීගෙන එද්දි.. අතේ තිබුණු රයිස් පොරීජ් එකත් අරගෙන මම වාඩි වෙලා ඉඳගෙන උන්න තැනින් නැගිට්ටුණේ ඉබේම ජේ.කේගේ නම හයියෙන් කියවෙද්දි.. ." ඒ..හ්... තේ සු නූනා.. චිංචා.. ඔයාගෙ බයස් ජින් හ්යුන්ග්ද... අපි අහද්දි නම් කිව්වේ ඕ.ටි සෙවන් කියලනේ.. වොව් .... "
" ඕ...ඕ.. ජින් හ්යුන්ග්.. ඔන්න තේ සු නූනා ඔයාගෙ අල්ටිමේට් ෆෑන් කෙනෙක් ඇහුණද ඔයාට ඒක.... අද ඉඳලවත් තේ සු නුනට හොඳට සලකන්න ආ. මේක නම් සමරන්නම ඕනා... මොකද කියන්නේ පීසා පාටියක් දාමුද.. මරු.. මරු.. "
" තේ සු නූනා.. ජන්ග්කුක්ෂි කිව්වා වගේ ඔයාල දෙන්නා එක වගේමයි.. ආයෙ වෙනසක් නෑ.. ඔයාත් ඔයාගෙ බයස් වගේම තමා... මරු..මරු.. ඒක නම් ඇත්තටම මරු.. "
" මේ බලන්නකො.. ජින් හ්යුන්ග්ගෙ මූණ.. රතු වෙලා.. මොකද මේ.. ආ.. මූණ දිලිසෙනවා.. ෆෑන් කෙනෙක් ලැබුණ හින්දද..ආව්..ආව්.. ජින් හ්යුන්ග්... කාටද අප්පා ආඩම්බර තේ සූ නූනාගෙ බයස් නේහ්.. ආව්ෂ්.... "
ජේ.කේ පස්සෙන් ජිමින්, සුගා ,හෝබි වගේම නම්ජූන් නුත් කාමරේට ආවේ මට කිසිම දෙයක් කරකියාගන්න බැරි වෙද්දි.. ඒ රූපෙ ට මූණ දෙන්න ඇති උන ලැජ්ජාව එක්ක.. හෝබි, ජිමින්, වගේම ඒ තරම් නොකියවන චරිතයක් උනු සුගාත් මට වගේම ජින්ටත් අනම් මනම් කියද්දි මෙතනින් යන්න දැණුන ඕනකම එක්ක උනත්.. කාමරේ දොරකඩ දක්වාම විසිරිලා ජින්ව බයිට් කරන කට්ටිය එක්ක ඒක කරන්න බැරි උන නිසාම මම, එහෙමම ආයෙ බිම බලාගෙනම ඉඳගත්තෙ වෙන කරන්න දෙයක් මතකෙට නොඑත්දි...
" අ...මේ.. ඔයගොල්ලො කෑ ගහන්නෙ නැතුව මෙතනින් යනවද.. මෙතන ලෙඩෙක් ඉන්නෙ... යන්න යන්න.. හේ... යා කිව්වම කට්ටිය එළියට යනවලා.. මෙතන දඟලන්නෙ නැතුව... "
VOCÊ ESTÁ LENDO
JUST FOR YOU ❤
FanficJUST FOR YOU....❤ 💙 INTRODUCTION 💙 💜 BTS KIM SEOK JIN ❤ KIM NAM JOON 💙 JEON JUNGKOOK 💜 PARK JIMIN 💛 JUNG HO SEOK 💙 MIN YOONGI ♥ KIM TAEHYUNG 💚 ඔව්.. ඔයාලා හැමෝම ආදරේ කරන කේ පොප් ගෘප් එක... ඔයාලා විතරක්...