JUST FOR YOU Episode 25

29 5 1
                                    


" මොකක්ද නම්ජුන්යා.. හැබැයි කිව්වේ... "

" නෑ... තේ සු වැඩ කරද්දි අපි එක්ක එයාගෙ ආරක්ෂාව ගැන බලාගන්න වෙන්නෙ අපිට.. ඒ කිව්වෙ එයාව අමිලාට අනවශ්‍ය විදිහට එක්ස්පෝස් වෙන්න දෙන්න එපා.. "

" එක්ස්..පෝස් කිව්වෙ ? "

"අහ්... ඒ කිව්වෙ අපි එයා ගැන විස්තර ඕනවට වඩා එළියට යන විදිහේ වැඩ කරන්න එපා කියලා.. විශේෂයෙන් ජේ.කේ, වී ඔය දෙන්නා.. ඒක හොඳට මතක තියාගන්න.."

" ආ..ආ.. ඕකේ..ඕකේ. "

" අපි නූනට කරදර කරන්නෑ..නැද්ද ජන්ග්කුකියා.."

" යේ.. යේ.. දාන්න පහක්.. "

ආර්.එම් කතාව කරගෙන යද්දි සැරින් සැරේ හෝබි, ජිමින්, වී වගේම ජන්ග්කුක් සුපුරුදු විදිහටම කතාබහේ මැද්දට පැන්නත්.. වෙනදාට මොනවා හරි කිය කියා හිනාවෙන දඟලන ජින් උන්නෙ පුදුමාකාර තදබල නිහැඬියාවක.. අනිත් කොල්ලො කීපදෙනා ඒ ගැන ජින්ගෙන් අහන්නවත්, ඒ ගැන කතා කරන්නවත් නොගියේ කොල්ලට ලැජ්ජ හිතුණම කන් රතු කරගත්ත ජින් දාන කැටයම් ටික ගැන අවබෝධයක් තියන නිසාමයි.. ඒ වගේම ජින් ව තවත් අපහසුතාවයට ලක් කරන්න කොල්ලො ටිකට උවමනා උනේම නැති නිසාම එතන තිබුණ තත්වය වෙනස් කරන්න හැමෝම උත්සාහ කරද්දි..සුගා සුපුරුදු පරිදි නින්දත් නොනින්දත් අතරමැද සෝෆා එකේ ඇලවෙලා උන්නෙ මහන්සියට... ආර්.එම් තමන්ගේ කතාව අස්සෙම ජන්ග්කුක්ට වගේම ටේහ්යොන්ග් ටත් වෝනින් එකක් දුන්නෙ..කොල්ලො දෙන්නගෙ තියන දාංගලෙ නිසාම මොකක්ම හරි දෙයකට තෙසුමිව පටලවයි කියන බය නිසාමයි.. ආර්.එම් ගෙ වෝනින් එක අස්සෙන් උනත් කොල්ලො දෙන්නා තමන්ගේ උරහිස් එකට වද්දලා හයි ෆයිව් එකක් දැම්මෙ හිනාවෙන අතරෙමයි..

" හරි.. හරි.. අහගන්නකො.. මේකයි.. තෙ සු මි නූනාත් අපේ ආමි කෙනෙක්.. අපි පටන්ගද්දිම හිටපු ආමි කෙනෙක් අපි නොදන්න.. එයා අල්ටිමේට් ආමි කෙනෙක්.. "

" ඒ... නියමයි නෙ.."

" චිංචා...හ්.. වොහ්.. අන් බි ලී..වබල්.."

" යේ.. පාටියක් දාමුද.. "

" නූනා..ඔයාගෙ බයස් කවුද.. ආ.. ඔයාට බයස් කෙනෙක් ඉන්නවද? නැත්තම් ඕ.ටි සෙවන් ද ? "

JUST FOR YOU ❤Where stories live. Discover now