"ජුන් මේ අහන්නකෝ"
"ම්ම්"
ජින් කොච්චර කතාකරත් නම්ජුන් තමන්ට අවධානයක් නොදී දිගටම ලැප් එකට මූණ ඔබන් හිටපු නිසා තරහ ගියපු ජින් හයියෙන් කෑගැහුවා.
"ජුන්න්න්න්න්න්න්න්න්"
"මොකද ජින් බෙරිහන් දෙන්නෙ.. පිස්සුද??"
ජින්ට නොදෙවෙනි කටහඬකින් නම්ජුන් ඇහුවෙ තාමත් ලැප් එක දිහාට තියෙන තමන්ගෙ අවධානෙ පොඩ්ඩක්වත් වෙනස් නොකරමයි.
"මටනම් ඇති පිස්සුවක් නෑ.. මං කීපාරක් කතා කරාද. මන් දිහා බැලුවෙවත් නෑ ඔයා"
තරහ ගිහින් හිටපු ජින් නම්ජුන්ගෙ නපුරු කටහඬ නිසා මූණත් බෙරි කරගෙන හිමීට කිව්වෙ තමන්ගෙ ඔම්මගෙ අවධානෙ තමන්ට නොලැබෙනවට විරුද්ධව කම්ප්ලේන් කරන පොඩි දරුවෙක් වගේ.
"ඇයි මන් ම්ම් කියලා කිව්වෙ"
"ම්ම්.. කියන එක උත්තරයක්ද ජුන්. ආ.. ඔයා මන් කියන දේ අහන් ඉන්නෙ නෑ"
'"හරි දැන් මොකක්ද ඔයාට කියන්න තියෙන්නෙ"
තමන් කර කර හිටපු වැඩේ නවත්තපු නම්ජුන් ලැප් එකත් වහලා දාලා ජින් දිහා බලලා ඇහුවෙ තරමක් නිවුනු පාටකින්.
"මං අද ඩයිනමයිට් කොන්සර්ට් එකට යනවා ජිමිනියි, ටේයි එක්ක. ඔයත් එනවද මන් ශොපිනුත් කරා. මටනම් ඉවසිල්ලක් නෑ ජුනී. වාව් ඔයා දන්නවද එයාලා කොච්චර ෆේමස් බෑන්ඩ් එකක්ද කියලා. කොරියාවෙ විතරක් නෙමේ අනිත් රටවල්වලත් එයාලට ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා. වාහ් එයාලා මාර ටැලන්ටඩ් ජුනී. ඒ වගේම මාර හැන්ඩ්සම්. අයි රියලි ලයික් දෙම්. මට නම් හීනයක් වගේ ජුන් මන් අද එයාලව මගේ ඇස් දෙකෙන්ම දකිනවා වාහ් එයාලගෙ ලයිව් පර්ෆෝමන්ස් එකක් බලන්න මන් කොච්චර කල් ඉදන්ද හීන දකින්නෙ අද ඒ හීනෙ හැබෑ වෙනවා"
ජින් කියවගෙන යන දිහා නම්ජුන් බලාගෙන හිටියත් නම්ජුන්ට ඩයිනමයිට් කොන්සර්ට් එක ගැනවත්, ජින් ඔය තරම් රස කර කර කියන හැන්ඩ්සම්, ටැලන්ටඩ් බෑන්ඩ් එක ගැනවත් කිසි උනන්දුවක් තිබ්බෙ නෑ. හැමදෙයක්ම ප්‍රොෆෙශනල් විදිහට දකින, රූල්ස් වලට විතරක්ම වැඩ කරන නම්ජුන්ගෙ ජීවිතේ විනෝද වෙන්න ඉඩක් තිබ්බෙ නෑ, නම්ජුන්ට අනුව රිලැක්ස් වෙනවා විනෝද වෙනවා කියන්නෙ මුලු දවසම වැඩක් නොකර නිදාගන්න එක, එහෙමත් නැත්තම් පොතක් කියවන එක. ඊට එහා විනෝද වෙන්න ක්‍රමයක් නම්ජුන් දැනන් හිටියෙ නෑ, එහෙම දැනගන්න වුවමනාවක් කවදාවත් නම්ජුන්ට ආවෙත් නෑ.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...