"දැන් ඔයා ඔය කියන්නෙ හෙට නම්ජුන් හියුන් මේ පැක් එකේ අනාගත ලූනව ඒ කියන්නෙ ඔයාව පැක් එකට අදුන්වලා දෙනවා කියලා ඔයා දන්නෑ කියලද කිම් සොක්ජින්??"
ඇහිබැමකුත් උස්සගෙන උත්තරයක් බලාපොරොත්තුවෙන් චැලේන්ජින් ලුක් එකකින් තමන් දිහා බලන් ඉන්න තමන්ගෙ හොඳම යාලුවාගෙ කතාවට පුදුම වෙලා හිටපු ජින් ආයෙමත් සිහියට ආවෙ ජිමින්ගෙ කටහඩින්මයි.
"ජින්න්න්න්න්න්"
"ම්-මිනී ම්-මන් වොශ් ර්-රූම් එකට ගිහින් එන්නම්"
පුලුවන් උපරිමෙන් තමන්ගෙ වෙව්ලන කටහඬ පාලනය කරගත්ත ජින්, ජිමින් තමන්ට කතා කරන එක ඇහෙන්නෙ නෑ වගේ දුවගෙන ගියේ වොශ් රූම් එකට. වොශ් රූම් එකේ දොර ඇතුලින් ලොක් කරගත්ත ජින් කිසිම සද්දයක් එන්නෙ නැති විදිහට තමන්ගෙ කදුලුවලට ඔහේ ගලාගෙන යන්න දුන්නා.
සතුටට වගේම දුකටත් ඇස් අස්සෙන් එළියට පනින්න බලන් ඉන්න කදුලු හරි මුරණ්ඩුයිලු. ඒත් අද තමන්ගෙ කම්මුල් තෙත් කරගෙන හෙමීට පහළට ගලන ඒ මුරණ්ඩු කදුලුවලට දෙන්න පුලුවන් නාම විශේෂණය සතුටද, දුකද එහෙමත් නැත්තම් බයද කියලා ජින්ට හරි හැටි තේරුමක් තිබ්බෙ නෑ. එක පැත්තකින් තමන් නම්ජුන්ගෙ මේට් කියලා පැක් එකට අදුන්වලා දෙනවට සතුටක් දැනෙද්දි තවත් පැත්තකින් නම්ජුන්ගෙ වචන ජින්ගෙ කන්වල දෝංකාර දුන්නා.
"ඔව් තමුන් මගේ මේට් වුන එක තමා මට තියෙන ලොකුම ප්‍රශ්නෙ"
**********
ඔෆිස් එකේ ෆයිල් ගොඩකට යටවෙලා හිටපු හේසොක්ගෙ මූණට ලස්සන හිනාවක් ඇදුනෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට. බලන්නෙ නැතුවම වුනත් දාලා තිබ්බ ස්පෙෂල් රිගින්ග් ටෝන් එක නිසා ඇල්ෆට කියන්න පුලුවන් වුනා කෝල් කරන්නෙ කවුද කියලා. ඒත් ඒ හිනාව ඒ මූණෙ තිබ්බෙනම් එහා පැත්තෙන් කතා කරපු කෙනාගෙ ඉකිගහන සද්දෙ ඇහෙනකල් විතරයි."මැණික ඇයි අඩන්නෙ මොකද වුනේ ඔයා හොදින් නේද?"
<ඇල්ෆා>
"දෙයියනේ ජිමින් අඬන්නෙ නැතුව ඇල්ෆට කියන්න කොහෙද ඉන්නෙ කියලා"
කිසිම දෙයක් කියන්නෙ නැතුව අඬන තමන්ගෙ මේට්ගෙන් හේසොක් ඇහුවෙ හොදටම කලබල වෙලා කැබින් එකෙන් එළියට දුවන ගමන්. මොකද ජිමින් එයාට ඇල්ෆා කියලා කතා කරනවා කියන්නෙම ජිමින් ඉන්නෙ හොදින් නෙමෙයි කියන එක.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...