"ජුනී, ටේ කොහෙද?"කාර් එකේ ඩ්රයිවින් සීට් එකට ආපු නම්ජුන්ගෙන් ජින් ඇහුවා.
"ටේ ඔයාගෙ කවුද?"
"ඇයි ජුනී එහෙම අහන්නෙ"
"ජින් මන් ප්රශ්නයක් අහන්නෙ උත්තරයක් බලාපොරොත්තුවෙන් මිසක් ආයෙත් ප්රශ්නයක් බලාපොරොත්තුවෙන් නෙමේ. ටේ ඔයාගෙ කවුද??"
"ටේ කියන්නෙ හරියට මගෙ සහෝදරයෙක් වගේ. වගේ නෙමෙයි සහෝදරයෙක් තමයි"
ජින්ගෙ උත්තරේට කිසිම දෙයක් නොකියපු නම්ජුන් වාහනේ පාරට දැම්මෙ ඉස්සරහ තිබ්බ වාහනේට අයින් වෙන්න කියලා එක දිගට හෝන් කරන ගමන්.
නම්ජුන් දිහා බලන් හිටපු ජින් නම්ජුන්ගෙන් ප්රශ්න ගොඩක් අහන්න තිබ්බත් මොකුත් නොකියා ආයෙමත් වාහනේ ෂට්ල් එකෙන් එළිය බලාගත්තෙ නම්ජුන් උපරිමෙන් තරහ පාලනය කරන් ඉන්නෙ කියලා තේරුනු නිසා.ඇතුලෙ ඉන්න අයට පැහැදිලිව එළිය පෙනුනට එළියෙන් බලන කෙනෙක්ට ඇතුලෙ ඉන්නෙ කවුද කියලා අදුරගන්න බැරි වෙන විදිහට හදලා තිබ්බ කාර් එකේ වීදුරුව නිසා පැක් මෙම්බර්ස්ලා කවුරුත් කාර් එක ඇතුලෙ හිටපු නම්ජුන්වයි ජින්වයි අදුරගත්තෙ නෑ.
"ජුන් අපි කොහෙද යන්නෙ??"
තමන්ගෙ එපාර්ට්මන්ට් එකට යන පාරට නැතුව වෙන පාරකට කාර් එක හරවපු නිසා ආයෙමත් නම්ජුන් දිහා බලපු ජින් ඇහුවා.
"මගේ එපාර්ට්මන්ට් එකක් තියේ එහෙට යන්නෙ අද ඔයා ඉන්නෙ එහේ"
"ඒත් ජුන් මගෙ ඇඳුම්.."
"යන ගමන් කඩේකින් ඇඳුම් අරගමු"
නම්ජුන් ආයෙමත් ඉස්සරහ බලාගෙන කිසි කතාවක් නැතුව ඩ්රයිව් කරන්න ගත්තෙ ජින් තාමත් නම්ජුන් දිහා බලන් කල්පනා කරද්දි. වාහනේ ලොකු ඇඳුම් ෂොප් එකක් ගාව නවත්තපු නම්ජුන් ජින්ව බස්සලා ගියේ වාහනේ පාර්ක් කරන්න.
"මොනවද ඔය බෑග් එකේ තියෙන්නෙ?"
වාහනෙන් බැහැලා මාස්ක් එකයි කැප් එකයි දාගෙන ජින් ළගට ආපු නම්ජුන් අහද්දි උත්තර දෙන්න අදි මදි කරපු ජින් වාහනේදි නම්ජුන් කියපු එක මතක් වෙලා උත්තර දුන්නෙ තරහින් ඉන්න නම්ජුන්ව තවත් තරහ ගස්සන්න ඕනි නෑ කියලා හිතපු නිසා.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...