"චිමී මොනවද කල්පනා කරන්නෙ?"
ඩයි හාඩ් කේ ඩ්රාමා ෆෑන් කෙනෙක් වෙච්ච තමන්ගෙ මේට් අද එයාගෙ ආසම ඩ්රාමා එක දිහා කිසි උනන්දුවක් නැතුව බලන් ඉන්නවා දැකපු ජුන්කුක් ඇහුවෙ ජමින්ගෙ අවධානෙ තමන් දිහාවට ගන්න ගමන්. ජුන්කුක් දිහා බලලා මොකුත් නෑ කියලා ඔලුව වනපු ජිමින් ආයෙමත් තමන්ගෙ අවධානෙ ඩ්රාමා එකට දුන්නෙ එයාගෙ එහා පැත්තෙන් ඉදගත්ත ජුන්කුක් මොකුත් නොකියා ෆෝන් එක ඔබන්න ගද්දි.
ඒත් එක්කම වගේ බඩු මලු ටිකකුත් උස්සගෙන ගේ ඇතුලට ආවෙ හේසොක්. ටිකක් වෙලා නැවතිලා තමන්ට කිසිම අවධානයක් නොදී ලොකු කල්පනාවක ඉන්න ජිමින් දිහා බලන් හිටිය හේසොක් ජුන්කුක් දිහාට හැරිලා ඇහිබැමකුත් උස්සලා ඇයි කියලා ඇහුවෙ ජුන්කුක් උරහිස් දෙකත් අකුලලා තමන් මොකුත් දන්නෙ නෑ කියලා ආපිට උත්තර දෙද්දි.
ගෙට ඇතුල් වෙද්දි හැමදාම ලැබෙන වෙල්කම් හග් එක ලැබුනෙ නැති නිසා මූණත් අකුලගත්ත හේසොක් ගෙනාපු බඩු ටිකත් අස් කරලා, වොශ් එකකුත් දාගෙන පල්ලෙහාට ආවා.
"කුක් හොඳටම ෂුවර් නේද අද අපි මොකුත් වරදක් කරේ නෑ කියලා"
ජුන්කුක්ගෙ ළඟින් ඉදගත්ත හේසොක් හෙමීට ඇහුවෙ ජුන්කුක්ගෙ අතේ තිබ්බ කුකීස් පැකට් එකත් අරගන්න ගමන්.
"අනේ මන්දා හියුන් මන් අද විතරක් නෙමේ ගිය සතියෙම ෆ්ලෑෂ් බැක් එකක් දාලා බැලුවා සැලකිය යුතු තරම් දරුණු විදිහෙ අපරාධයක් කරලා නම් නෑ"
ජුන්කුක් ඇහෙන නෑහෙන ගානට කතා කරද්දි හොබිත් ඔලුව වැනුවෙ ජුන්කුක්ව අනුමත කරන ගමන්. ඒ දෙන්නගෙ කතාව නැවතුනේ ටීවි එකත් වහලා දාලා තරහින් අත් දෙකත් බැදගෙන ඒ දෙන්නා දිහා බලන් ඉන්න එයාලගෙ මේට්ව දැකලා.
"ඔයාලා දෙන්නටත් ඉන්නවද මට වඩා ඔයාලව තේරුම් ගත්ත කෙනෙක්, එයා ඔයාලගෙ ඔමේගා වුනානම් හොඳයි කියලා හිතන"
එකපාරටම ජිමින් ඇහුව බලාපොරොත්තු නොවුනු ප්රශ්නෙ නිසා හේසොක් කකා හිටපු කුකීස් එක පිට උගුරෙ ගියේ ජිමින් දුවගෙන ගිහින් හේසොක්ගෙ පිටට තට්ටු කරද්දි. ජුන්කුක් ගෙනත් දුන්න වතුර වීදුරුවෙන් උගුරක් බීපු හේසොක් ජිමින්ව ඇදලා අරගෙන තමන් ළඟින් වාඩි කරගත්තෙ ජුන්කුකුත් ඇවිත් ජිමින් ළඟින්ම වාඩි වෙද්දි.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Lobisomemආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...