"තමුන්ගෙ ඔම්මා කියන එක ඇත්ත නම්ජුන්, ජින් ටේහියුන්ගෙ මේට් නෙමෙයි. මොකද ඒ එයාගෙම හියුන්"
ඒ කටහඬින් පස්සෙ මුලු කාමරේම තිබ්බෙ ඉදිකට්ටක් වැටුනත් ඇහෙන තරමට නිශ්ශබ්ද බවක්.
පැක් ලූනා මේරි තමන්ගෙ ඇල්ෆාව නවත්තන්න කොච්චර උත්සහ කරත් ඒක ප්රතික්ෂේප කරපු ඇල්ෆා ආයෙමත් කතාකරේ මෙච්චර කාලයක් හංගගෙන හිටපු රහස තවදුරටත් රහසක් විදිහටම තියාගන්න බැරි බව තේරුම් ගත්ත නිසා."ජින් කියන්නෙ වෙන කවුරුත් නෙමේ මගෙ අයියගෙ ලොකු පුතා කිම් සොක්ජින්. එදා ඇක්සිඩන්ඩ් එක වෙන වෙලාවෙ කිම් ජුන් වුක් එයාගෙ ප්රෙග්නට් මේට් වගේම ජිනුත් ඒ වාහනේ හිටියා. ජුන් වුක්වයි එයාගෙ මේට්වයි අපිට බේරගන්න බැරි වුනාට ලැබෙන්න හිටපු පප්වයි, සිහිනැති වෙලා හිටපු ජින්වයි බේරගන්න පුලුවන් වුනා. ටේහියුන්ව අපි තියාගන්න තීරණය කරපු නිසා ජින්ව විතරක් අපි හදාගන්න දුන්නා. ඒත් ඒ මිනිස්සු දන්නෙ නෑ ජින් කියන්නෙ කාගෙ කවුද කියන එක. එදා ඉදන් මන් තාමත් ජින්ව බලාගන්නවට මාසෙකට සැරයක් එයාලට ගානක් දෙනවා. ජින් මේ කිසි දෙයක් නොදන්නවා වුනාට ටේ මේ දේවල් දන්නවා"
තමන්ගෙ ඔම්මයි අප්පයි එක්ක වුන කතාවෙන් පස්සෙ නම්ජුන් එයාගෙ කාමරේට ආවෙ අද වුන දේවල් එකිනෙකට ගලපගන්න උත්සහ කරන ගමන්.
නම්ජුන් හොඳටම දැනන් හිටියා ජින් එයාව හදාගන්න ඔම්මයි අප්පයි නිසා කොච්චර දුකින්ද හිටියෙ කියලා. ඒ අයට හිටපු එකම දරුවා ජින් වුනත් ඒ දෙන්නම ජින්ට ආදරේ කරේ නෑ. ඒ හැමදේටම හේතුව ජින් එයාලගෙ දරුවෙක් නෙමෙයි කියන එක. ඒ අය ජින්ව බලගත්තනම් ඒ සල්ලි නිසා විතරයි. ජින් කී දවසක් ඔම්මයි අප්පයි මතක් කර කර තමන් ළඟට වෙලා ඇඬුවද කියලා මතක් වෙද්දි දුක හිතුනත් තීරණය කරගත්ත විදියටම ඒ රහස රහසක් විදිහටම තියාගන්න නම්ජුන් හිතාගත්තා.
තමන්ගෙ නැතිවෙච්ච ඔම්මයි අප්පයි ගැන දැනගන්න ජින්ට අයිතියක් නැද්ද? එතකොට තාමත් ජීවත් වෙන එයාගෙ මල්ලි?? උත්තරයක් නැති ප්රශ්න තමන්ගෙ හිතට වද දෙද්දි දිග හුස්මක් ගත්ත නම්ජුන් තමන්ගෙ ලැප්ටොප් එකත් අරගෙන ඇඳට ගියේ ජින් මොකද කරන්නෙ බලන්න. බෙඩ්ශීට් එකක්වත් නැතුව ඇඳේ ගුලිවෙලා ඉන්න තමන්ගෙ මේට් දැක්කහම නම්ජුන්ට දුක හිතුනත් ඒක නම්ජුන් එවලෙම මකලා දැම්මෙ මේ හැමදේම කරන්නෙ ජින්ව ආරක්ෂා කරගන්න කියලා තමන්ටම කියන ගමන්.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...