"ඩොක්ටර් ටේහියුන්, පැක් ලූනට මොකක් හරි අසනීපයක්ද? ඒකද හොස්පිටල් එකට ඇවිත් ඉන්නෙ"
ටේහියුන් තමන් කර කර හිටපු වැඩේ නැවැත්තුවේ දුවගෙන වගේ තමන්ගෙ කැබින් එකට ආපු නර්ස් දිහාට ප්‍රශ්නාර්ථ බැල්මක් එල්ල කරලා.
"පැක් ලූනා?? මෙහේ??"
"ඔව් ඔව් ඩොක්ටර් දන්නෙ නැද්ද?"
"පැක් ලූනා නෑ මන් කිව්වෙ ඔම්මා කොහෙද ඉන්නෙ?"
එකපාරටම මොකක් හරි මතක් වෙලා වගේ නැගිටලා යන්න හදපු ටේහියුන් ආයෙමත් නැවතිලා නර්ස්ගෙන් ඇහුවා.
"ඩොක්ටර් හන්ගෙ කැබින් එකේ. ඩොක්ටර් කොහෙද දුවන්නෙ. දිව්වට වැඩක් නෑ ඒ පැත්තට යන්න දෙන්නෙ නෑ. ගාඩ්ස්ලා දාලා ඉන්නෙ. ඩොක්ටර්"
තමන් කියන දේ ඇහෙන්නෙ නෑ වගේ කලබලෙන් දුවන ටේහියුන්ට නර්ස් කෑගැහුවා.
| ආයිශ් මටත් පිස්සු අර යෝධයෝ වගේ බොඩිගාට්ලා ටික මොකට මගේ ටේව නවත්තන්නද. මගේ ටේ පැක් ඇල්ෆගෙ පුතානෙ. ළඟදිම දවසක මේ මගේ පස්සෙනුත් ඕවගේ බොඩිගාට්ලා එයි. වාහ් මරුනෙ. ඔක්කොටොම කලින් ටේව කැමති කරගන්න එපැයි. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි කියනවනෙ ට්‍රයි එකක් දීලා බලමු |
**************
"අජුම්මා"කලබලෙන් ඩොක්ටර් හන්ගෙ කැබින් එක පැත්තට දුවගෙන ආපු ටේහියුන් නැවතුනේ සර්වන්ට් ඔමේගව දැකලා.
"ඇල්ෆා ටේ"
"අජුම්මා ජිනී කොහෙද කැබින් එකේද?"
"නෑ ඇල්ෆා. පුංචි ලූනා නර්ස් කෙනෙක් එක්ක ඊසීජී රූම් එකට ගියා"
"ඩොක්ටර් හන් ගියේ නැද්ද?"
"නෑ ඇල්ෆා. ඩොක්ටර් එළියට ආවෙ නෑ තාම පැක් ලූනත් ඇතුලෙ"
"එතකොට ජිනී තනියමද ගියේ.. ආයිශ්"
"ඇයි ඇල්ෆා?"
"මොකුත් නෑ අජුම්මා මන් ජිනීව බලන්නම්. මන් ආවා කියලා ඔම්මට කියන්න එපා"
සර්වන්ට් ඔමේගා උත්තර දෙනකල්වත් හිටපු නැති ටේහියුන් ආයෙමත් ගියේ ජින්ව හොයන්.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...