නම්ජුන් කුරියර් කරපු පාර්සලේ තිබ්බ ඇඳුම් ඇදගත්ත ජින් කණ්ණාඩිය ඉස්සරහට ගියේ පුංචි මේකප් එකක් දාගන්න හිතන්. එක දිගට රින්ස් යන ෆෝන් එකට අවධානයක් නොදීපු ජින් මේකප් එක දාලා ඉවර කරේ ෆෝන් එක ආයෙමත් පාරක් රින්ස් යද්දි.
"කොහෙද ජින් ඉන්නෙ පැක් මීටින්ග් එකට යන්න පරක්කු වෙනවා එන්නෙ නැද්ද අපි යන්නද"
තමන්ගෙ ඔම්මටයි අප්පටයි අපාර්ට්මන්ට් එකට එන්නෙ නැතුව දිගටම යන්න කිව්ව ජින් ෆ්රන්ට් ඩෝ එක ලොක් කරලා ටක් ගාලා පහළට ගියේ ඒ වෙනකොටත් නම්ජුන් එවලා තිබ්බ කාර් එක ඇවිත් කියලා ආපු කෝල් එකට.
ජින් පැක් හවුස් එකට එනකොටත් ගොඩක් අය ඇවිදින් හිටපු නිසා ඒ අයට ආචාර කරපු ජින් තමන්ගෙ ඔම්මයි අප්පයි ළඟින් ගිහින් ඉදගත්තෙ ජින්ගෙ ඔම්මා අමුතු විදිහට ජින්ගෙ දිහා බලද්දි.
"ඔහ් ජින් කොහෙන්ද ඔය තරම් වටින ඇඳුමක් ගන්න සල්ලි මන් හිතුවෙ ඔයාගෙ වේටර් ජොබ් එකෙන් හම්බෙන සල්ලි අපාර්ට්මන්ට් එකේ රෙන්ට් එකටත් මදි ඇති කියලා"
ඉදගත්ත ගමන්ම තමන්ට ඇනුම් පද කියන තමන්ගෙ ඔම්මට උත්තර දෙන්න මහන්සි වුනේ නැති ජින් සරසලා තිබ්බ පැක් හවුස් එක දිහා බලන්න ගත්තෙ මිසිස් කිම් ආයෙමත් ජින්ට ඇනුම් පද කියන්න පටන් ගද්දි.
"මෙම්බර්ස්ලා කියන විදිහට අද ඇල්ෆා නම්ජුන් පැක් ඇල්ෆා විදිහට සම්පූර්ණ වගකීම් භාර ගන්නවලු ඒත් එක්කම අපේ අලුත් පැක් ලූනවත් අදුන්වලා දෙයි. අපිට ඉතින් කොහෙද එහෙම වාසනාවක් කොහෙවත් යන කරුමක් පාත් වුනොත් මිසක් නේද හනී"
මිසිස් කිම්ගෙ කියවිල්ල නතර වුනේ පැක් එකේ වැඩිහිටි මෙම්බර්ස්ල කිහිප දෙනෙකුත් එක්ක ආපු නම්ජුන් වගේම පැක් ඇල්ෆා නිසා. හැමෝම නැගිටලා පැක් එකේ හෙඩ් මෙම්බර්ස්ලට ආචාර කරාට පස්සෙ තමන්ට අදාල තැන්වල ඉද ගත්තෙ පැක් ඇල්ෆා සින්වුක් අද මීටින්ග් එකේ අරමුණ හැමෝටම පැහැදිලි කරද්දි.
"ගුඩ් මෝර්නින්ග් හැමෝටම. මන් දන්නවා හැමෝම කුතුහලෙන් ඉන්නෙ හදිසියේම මීටින්ග් එකක් ගන්න හේතුව දැනගන්න. මුලින්ම කියන්නම් මේක හදිසි මීටින්ග් එකක් නෙමෙයි, මේ මීටින්ග් එක ඕර්ගනයිස් කරේ මගේ පුතා කිම් නම්ජුන්ට සම්පූර්ණයෙන්ම පැක් ඇල්ෆා විදිහට එයාගෙ වගකීම් භාරදෙන්න ඒ වගේම තව විශේෂ හේතුවක් තියෙනවා මන් හිතන්නෙ ඒක නම්ජුන්ම කිව්වොත් හොඳයි කියලා"
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...