ගොඩ දවසකින් නේද
ඉතින් කොහොමද? හොඳින් ඉන්නවද?මන් දන්නවා උඩ ප්‍රශ්නෙට අපි හැමෝම ළඟ තියෙන හරිම සාමාන්‍ය උත්තරේ "ඔව් මන් හොඳින්".
දැනටමත් මන් උත්තරේ දන්න නිසා ඔයාලා මේ උඩ තියෙන ප්‍රශ්න දෙකට උත්තර නොදුන්නත් කමක් නෑ. ඒත් මන් අහනවා මන් ළග ඉන්න හැමෝගෙන්ම පුලුවන් හැමවෙලාවකම ඔයා හොඳින්ද කියලා. ඒක නිකන්ම නිකන් වචන ටිකක් වුනත්, අහන හැමෝගෙන්ම ඇත්තම උත්තරේ නොලැබුනත්, ප්‍රශ්න දාහක් විතර හිතේ හොල්මන් කරන වෙලාවක ඇත්තම කියන්න බැරි වුනත් කවුරුහරි "ඔයා හොඳින්ද" අහන එකත් සතුටක්...
ඔව්, ඔයා හරි දිග හෑල්ලක් ලියන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ කියවන්න අකමැති නම් මෙතනින්ම හැරිලා යන්න පහළට යන්න එපා.
.
.
.
.
.
කොරියන් කතා බලන එකට කොමාවක් දාලා නවත්තලා තිබ්බ වෙලාවක ආයෙමත් ඒ පිස්සුව පටන්ගන්නෙ 2020 අහම්බෙන් වගේ හම්බෙච්ච Exo next door drama එක නිසා. සීසන් ටිකට් පේජ් එකේ ඒ ඩ්‍රාමා එක බලන්න පටන් ගද්දි Exo කියන්නෙ බෑන්ඩ් එකක් කියලවත් මන් දැනන් හිටියෙ නෑ. බලලා ඉවර වෙලත් ඒකෙ ඉන්න මෙම්බර්ස්ලා ටික වෙන් කරලා අදුරගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඉතින් එයාලා ගැන විස්තර හෙව්වා එහෙම හොයද්දි ජීහු මෙම්බර් කෙනෙක් වෙච්ච SS501 band එක ගැන විස්තර හම්බුනා. (ඒත් ඉතින් මන් අදටත් boys over flowers drama එක ඉවර වෙනකල් බලලා නෑ. ඒකටනම් මගේ යාලුවෝ වැරදි, එයාලා මුලු කතාවම අතිශයෝක්තියෙන් කියලා තියෙන නිසා මන් මට ඕනි කොටස් ටික විතරක් බැලුවා අනික්වා ස්කිප් කර කර 😌)
හරියට නමක් මතක නෑ sachini ඔහොම නමක් තියෙන ප්‍රොෆයිල් එකකින් එයාලගෙ විස්තර කියෙව්වා එතකොට තමයි btsලා ගැන දැනගත්තෙ. ඒත් ඉතින් ඔක්කොම විස්තර කියවන්න වුනේ නෑ ඒ දවස්වල ඔය ප්‍රොෆයිල් රිපෝට් කරනවා කියලා ඒ ප්‍රොෆයිල් එක ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලි කලා. ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් යැව්වත් ඇසෙප්ට් කරලා තිබ්බෙ නෑ ඉතින් වැඩේ අතඇරලා දැම්මා. (ඒ අක්කා හම්බුනොත් තෑන්ක්ස් කරන්න ඕනි)
ඒත් ඉතින් කුතුහලේ එහෙම්මයි ඒ නිසාම btsලගේ සෝන්ග් හෙව්වා, ඒව ට්‍රාන්ස්ලේට් කර කර තේරුම් හෙව්වා, එයාලට මෙච්චර කට්ටිය කැමති වෙන්න හේතුව හෙව්වා. එයාලගෙ නම් එක්ක එක එක්කෙනාව අදුරගන්න එකත් ඒ දවස්වල හෙන අමාරුයි. "ලව් යුවර්සෙල්ෆ්" මන් btsලගෙ ආසම කන්සෙප්ට් එක. අදටත් ෆෝන් එකේ නෝට් පෑඩ් එකේ එයාලගෙ සෝන්ග් තියෙනවා තෙරුම් එක්ක. "Life goes on" මන් එයාලගෙ ආසම සෝන්ග් එක. අනිත් ඒවටත් ආසයි ඒත් මේක විශේෂයි (මන් මේ සෝන්ග් එකේ තේරුමට පුදුම විදිහට ආසයි)
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...