ජින් සොරි කියද්දි නතර වුනු හේසොක් බැරෑරුම් පෙනුමකින් කිව්වා. ඒත් එකපාරටම හේසොක් හයියෙන් හිනාවෙන්න ගත්තෙ ජින්වත් පුදුම කරලා.
"අයිගෝ ජින් ඔයාට අමතකද ඔයාගෙ ඇල්ෆාගෙ හොඳම යාලුවා මම කියලා. ජුන්ගෙ ඔය හෙඩ් ඇල්ෆා පාර්ට් මන් අහන් ඉන්නෙ පොඩි කාලෙ ඉදන්මයි. අනික කොහොමත් ඕවගේ දේවල්වලදි ජුනා ස්ට්‍රික් කෙනෙක්නෙ. සෝ නතින් ටු වොරි. ඒ වුණාට ජින් මටනම් ශුවර් බ්ලූ මූන් පැක් එකේ ස්ට්‍රික් හෙඩ් ඇල්ෆාව සොෆ්ට් කරන්න පුලුවන් එකම කෙනා මේ කිම් සොක්ජින් කියලා"
|මට එහෙම පුලුවන් වුණා නම් මේ ලෝකෙ සතුටින්ම ඉන්න ඔමේගා මන් |
හේසොක් හිනාවෙවීම කියවන් යද්දි. ජින් තමන්ටම කියාගත්තේ ගොඩක් ලොකු දුකකින්.
"මොනව හරි කිව්වද ජිනී"
"න්-නෑ හොබී"
ජින් දිහා බලපු හේසොක් ඇහුවත් ජින් මොකුත් නෑ කියලා ඔලුව වැනුවෙ හේසොක් ආයෙමත් හිනාවෙලා ජින්ගෙ ඔලුව අතගාද්දි. ඒත් ජින්ගෙ ළඟම හිටපු හේසොක්ට ජින් කියපු එක හොඳටම ඇහුණා. ඒක ඇහුනෙ නෑ වගේ හිටියෙ තමන්ගෙ කතාවට තමන්ටම හිතින් බැනගන්න ගමන්.
"ගනන් ගන්න එපා ජිනී. මොකෝ කියන්නෙ ඔයාගෙ ඇල්ෆාට හොරෙන් කොන්සර්ට් එක පැත්තෙ යමුද ටේ, චිමී විතරක් නෙමේ අපේ කුක්කත් එතන"
හේසොක්ගෙන් ඈත්වෙලා කාර් එකේ ඉස්සරහ ෂීට් එක ගාවට යන්න ගිය ජින් නැවතුනේ එයාගෙ ෆෝන් එක වයිට්බ්රේට් වෙන සද්දෙ නිසා. කෝල් කරන්නෙ නම්ජුන් කියලා දැක්ක නිසා ජින් ඉක්මනටම ආන්සර් කරේ මොකටද ජුන් ආයෙමත් ගන්නෙ කියලා හිත හිත.
<ජින් කාර් එකේ පිටිපස්සෙ සීට් එකට නගින්න>
එහෙම කියපු නම්ජුන් ජින් උත්තර දෙන්නත් කලින් ෆෝන් එක කට් කරා. ජින් එහෙම්මම ඉදන් කල්පනා කරේ හොබීට කියන්නෙ මොකක්ද කියලා. හොබී ජින්ගෙ යාලුවෙක් මිසක් ඩ්‍රයිවර් නෙමෙයි ඒ වුණාට නම්ජුන් දැන් එයා දිහා බලන් ඉන්නෙ කියලත් ජින් දන්නවා.
"ජිනී යන්නෙ නැද්ද. ඇයි මොකක්ද අවුල. මං විහිලුවට කිව්වෙ මං ඔයාව පරෙස්සමට ගෙදරින් ඩ්‍රොප් කරන්නම්. කොහොමත් ඔයාගෙ නපුරු ජුනා දැනගත්තොත් මන් ඔයාව කොන්සර්ට් එකට එක්කන් ගියා කියලා මන් ඉදලා ඉවරයි"
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...