12

183 48 2
                                    

"අපේ පුංචි ලූනා හිනාවෙද්දි ගොඩක් ලස්සනයිනෙ. හරියටම මූන් වගේ"

ඉක්මනට තමන්ගෙ ඇස්වල කදුලු පිහිදගත්ත සර්වන්ට් ඔමේගා කිව්වෙ ජින්ගෙ දිහා බලලා හිනාවෙන ගමන්.

"අනියෝ අජුම්මා මට ලැජ්ජයි"

සර්වන්ට් ඔමේගගෙ වර්ණනාවට තමන්ගෙ මූණ රතුවෙනවා තේරුන ජින් අත් දෙකෙන්ම මූණ වහගත්තා.

"අයිගෝඕඕඕ අපෙ පුංචි ලූනට ලැජ්ජා හිතිලා. පුංචි ලූනා මන් ලූනාව හග් කරන්නද. මට පුංචි ලූනව දැක්කහම කෙනෙක්ව මතක් වෙනවා"

"ඕක අහන්නත් දෙයක්ද අජුම්මා එන්න"

ජින් සර්වන්ට් ඔමේගට එයා ඉදන් හිටිය ඇඳට කතා කරලා ඔමේගගෙ ලැප් එකෙන් ඔලුව තියාගත්තෙ සර්වන්ට් ඔමේගා හෙමීට ජින්ගෙ සිනිදු කෙස් අතරින් තමන්ගෙ ඇගිලි අරන් යන්න පටන් ගද්දි.

"කාවද අජුම්මට මතක් වෙන්නෙ අජුම්මගෙ පප්ලවද??"

ඔලුව අතගාද්දි දැනෙන සනීපෙ නිසාම ඇස් දෙක පියාගත්ත ජින් ඇහුවෙ තමන්ව දැක්කහම මතක් වෙන්න තරම් කෙනෙක් මේ කිම් මැන්ෂන් එකේ ඉන්න විදිහක් නැති නිසා.

"නෑ පුංචි ලූනා මං අන්මේටඩ් ඔමේගා කෙනෙක්"

"අන්මේටඩ් එහෙම වෙන්නෙ කොහොමද අජුම්මා ගොඩක් ලස්සනයිනෙ"

"තැන්ක්‍ යූ පුංචි ලූනා, සර්වන්ට් ඔමේගා විදිහට මට කාගෙවත් මේට් කෙනෙක් වෙන්න බෑ"

"ඒ ඇයි. මං හිතුවෙ අජුම්මා පැක් ලූනාගෙ ඇසිස්ටන්ට් වගේ කියලා. මං අජුම්මව ගොඩක් වෙලාවට දැකලා තියේ පැක් ලූනත් එක්ක"

"හ්ම්ම් පුංචි ලූනා දන්නෙ නැතුව ඇති මං කියන්නම්කො. පැක් ඇල්ෆා ඉස්සෙල්ලාම එයාගෙ මේට්ව පැක් එකට අදුන්වලා දෙද්දි අපේ අලුත් පැක් ලූනා පැක් එකේ මෙම්බර්ස්ලාගෙන් එයාට සර්වන්ට් කෙනෙක්ව තෝර ගන්නවා. එතකොට මේටින්ග් සෙරමනි එක දවසෙ පැක් ඇල්ෆායි ලූනයි ඒ තෝරගත්ත මෙම්බර්ව මාර්ක් කරනවා. ඒක මේටින්ග් මාර්ක් එකක් නෙමේ සර්වන්ට් මාර්ක් එකක්. මේ දැක්කද මගේ බෙල්ල"

"සර්වන්ට් මාර්ක් එකක් එතකොට පැක් ඇල්ෆද මාර්ක් කරන්නෙ ඒ කොහොමද"

Love [ Nam × Yoon × Jin ] Where stories live. Discover now