අලුත් දවසක් ඒ වුණාට දෙන්නෙක් තුරුල් වෙලා හොදටම නිදි.
"ඇල්ෆා නම්ජුන්"
දොරට ගහන සද්දෙ එක්ක ඇහුනු කතාකරන සද්දෙ නිසා ඇහැරුනු ජින් නැගිටින්න හැදුවත් නැගිටින්න තියා හෙල්ලෙන්නවත් බැරි වුනේ එයාගෙ වටේ එතිලා තිබ්බ ශක්තිමත් අත් දෙකක් නිසා.
"ජුන් නැගිටින්න ජුන්"
"අනේ ජිනී නිදාගන්න දෙන්නකො"
"ජුන් නැගිටින්නකො අනේ.. දොරට ගහනවා කවුරුහරි කෝ මට යන්න දෙන්නකො"
"කොහෙ යන්නද ඔහොම ඉන්න. තව ටිකක් නිදාගන්න"
"ඒත් දොරට ගහනවනෙ"
"ඔහෙ ගහපුදෙන් කවුරු වුනත් මොකෝ ඇති වුනාම නවත්තයිනෙ"
යන්න ඕනි කියලා දගලන ජින්ව තව ටිකක් තද කරලා තුරුල් කරගත්ත නම්ජුන් ආයෙමත් නිදාගත්තා.
ටිකක් වෙලා යනකල් දැගලුවත් නම්ජුන්ගෙ අත් අතරට මැදි වෙලා ඉන්න ජින්නම් දැන් ලොකු වැඩක්. ජින් හෙමීට එයාගෙ අත නම්ජුන්ගෙ මූණ පුරා ගෙනියන්න ගත්තෙ හිනාවෙවීමයි. පළල් නලල, ඝන ඇහිබැමි, සන්සුන්ව පියවිලා තියෙන ඇස්, දිගටි නහය, හිනාවෙද්දි වල ගැහෙන පිරුණු කම්මුල් ඇත්තටම නම්ජුන් කියන්නෙ හැන්සම් වගේම, හොඳ පෞරුෂයක් තිබ්බ ශක්තිමත් ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක්.
නම්ජුන්ගෙ හැන්ඩ්සම් මූණ සියුම්ව නිරීක්ෂණය කරන ගමන් හිටපු ජින් ගැස්සිලා ගියේ එකපාරටම නම්ජුන් එයාගෙ ඇස් දෙක ඇරපු නිසා. බයවෙලා නම්ජුන් දිහා බලන් හිටපු ජින් හරි සිහියට ආපු ගමන්ම ලැජ්ජාවට නම්ජුන්ගෙ පපුව අස්සෙ හැංගුනේ නම්ජුන්ගෙ මූණ ලස්සන හිනාවකින් පිරිලා යද්දි."නිදන් ඉන්න මිනිස්සුන්ට ඔහොම කරදර කරන එක හරිද ජිනී. නිදන් ඉද්දි හොරෙන් බලන්නෙ දැන් මන් ඇහැරලා ඉන්නෙ ඇති වෙනකල් බලාගන්න. කෝ ඉතින්"
තමන්ට තුරුල් වෙලා ඉන්න ජින්ව ඈත් කරපු නම්ජුන් ජින්ගෙ රතු වෙච්ච මූණ දිහා බලන් හිනා වෙන්න ගත්තෙ ජින් ලැජ්ජාවටම අත් දෙකෙන්ම මූණ වහගද්දි.
"අනේ ජුන්"
"ඇයි අනේ කියන්නෙ. ඒක නෙමේ බේබ් මට ඕනි දෙනවද"
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...