Warning: If you uncomfortable please don't read.
"ජින් මං ඔයාගෙ ඇල්ෆා කවදහරි මේ දවස එනවනෙ. අනික මං පොරොන්දු වෙනවා අද මොකුත් වෙන්නෙ නෑ කියලා"
"ඒත් ජුන් ම්-මට"
"හරි මං එළියට යන්නම් ඔයාව ටබ් එකෙන් තියලා. ඉදගෙන ඇඳුම් මාරු කරගෙන වොශ් දාගන්න. වොශ් දාලා අදින්න පිජාමා එකත් මෙතනින් තියන්නම්. මොනව හරි ඕනෙනම් කතා කරන්න මං කිචන් එකට යනවා"
නම්ජුන් ජින්ට වොශ් කරගන්න උදව් කරන්න ගියත් ජින් අදිමදි කරපු නිසා ජින්ට තනියම වොශ් කරගන්න ඉඩදීපු නම්ජුන් එලියට ගියා.
ජින් වොශ් දාගන්නකල් තමන්ට කන්න රාමෙන් එකක් හදාගන්න කිචන් එකට ගියපු නම්ජුන් ආයෙමත් ලිවින්ග් රූම් එකට ආවෙ ඩෝ බෙල් එක වැදිච්ච නිසා ඇවිත් ඉන්නෙ ඩිලිවරි බෝයි කෙනෙක් කියලා දැකපු නම්ජුන් දැනටමත් සල්ලි ගෙවලා තිබ්බ ඩිලිවරි එක තියලා යන්න කියලා ඇතුලෙ ඉදන්ම කිව්වෙ 'පැක් ඇල්ෆා කිම් නම්ජුන් ඔමේගා කෙනෙක්ගෙ අපාර්ට්මන්ට් එකක රාත්රිය ගත කරයි' කියන නිවුස් එක හෙට උදේට හැමතැනම දකින්න කිසිම ආසාවක් නැති නිසා. ඩිලිවරි බොයි යනකල් හිටපු නම්ජුන් ටේහියුන් ජින්ට ඕඩර් කරපු සුප් එකත් බෝල් එකකට දාලා තමන් හදාගත්ත රාමේන් එක කන්න ගත්තෙ ජින් තාමත් වොශ් කරගෙන ඇවිත් හිටියෙ නැති නිසා.
නම්ජුන් ගියාට පස්සෙ හෙමීට වොශ් දාගත්ත ජින් එළියට එනකොට නම්ජුන් කාමරේ ඇඳ උඩට වෙලා ෆෝන් එක ඔබනවා.
"ජින් ඔයා ආවද ඉදගෙන මේ සුප් එක බොන්න"
බාතෲම් එකෙන් එළියට ආපු ජින්ව දැකපු නම්ජුන් කිව්වෙ ඇඳ ළඟම තිබ්බ ටේබල් එක උඩ තිබ්බ සුප් භාජනේ ජින්ගෙ අතට දෙන ගමන්.
"ඔයා බිව්වද"
"මන් රාමේන් එකක් කෑවා. ඔයා බොන්න."
නම්ජුන්ට ඔලුව වනපු ජින් ඇඟේ අමාරුව පැත්තකින් තියලා සුප් එක බොන්න පටන් ගත්තෙ උදේට සමෝසා දෙකක් විතරක් කාලා හිටපු ජින්ට තිබ්බ බඩගින්න ඇගේ අමාරුවටත් වඩා ගොඩක් ලොකු එකක් නිසා.
"ජින් හෙමීට බොන්න ඕක කවුරුත් උදුරන් යන්නෙ නෑ"
මේ ලෝකෙ තියෙන අන්තිම සුප් එක බොනවා වගේ සුප් එක බොන ජින් දිහා බලන් හිටපු නම්ජුන් කිව්වෙ නුරුස්සන බැල්මකින්. තමන්ගෙ ඇල්ෆාට ඔලුව වනපු ජින් ආයෙමත් සුප් එක බොන්න ගත්තෙ හරියට නම්ජුන් සුප් එක උදුරන් යයි වගේ.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...