"එතකොට ඔය දෙන්නද කාමරේ හිටියෙ හොල්මන් නෙමේද??"
හැමෝම අතර තිබ්බ ලොකු නිහැඩියාව බින්ද හේසොක් ඇහුවෙ අපාර්ට්මන්ට් එකේ ඇත්තටම හොල්මන් නැද්ද කියලා තහවුරු කරගන්න වගේ. ජුන්කුක් ඕකද දැන් ඔයාට තියෙන එකම ප්රශ්නෙ වගේ මූඩ් එකකින් හේසොක් දිහා බලන් හිටියෙ එයයි ජිමිනුයි දෙන්නා ජින්ගෙ කාමරේට ගියපු එක ගැන හේසොක්ගෙ කටින් පිටවුනේ නැති එකට පිං දෙන ගමන්.
"ඔයාලා ගොඩක් වෙලාද ඇවිල්ලා.ඇතුලට ආවෙ කොහොමද? එතකොට කොහෙන්ද හොල්මන් කතාවක් ආවෙ"
නම්ජුන් ඇහුවෙ තාමත් එයාව බදන් ඉන්න ජින්වත් උස්සන් ලිවින්ග් රූම් එකේ තිබ්බ සෙටි එකෙන් වාඩිවෙන ගමන්.
"මේකයි ජුනා අපි----"
"ජුන් හියුන් අපි ඇවිත් නම් දැන් ටිකක් වෙලා චිමී ගාව අපාර්ට්මන්ට් එකේ පාස්කෝඩ් එක තියේ. එතකොට මේ මං හොබී හියුන්ව බය කරා හොල්මන් ගැන කියලා ඒකයි මේ"
හේසොක් කියන්න හදපු එක මැද්දෙන් පැනලා නවත්තපු ජුන්කුක් ඉක්මනට කිව්වෙ කවදාවත් හරියට බොරුවක් කියාගන්න බැරි හේසොක් සිද්ධ වෙච්ච ඔක්කොම ටික කියන්න යන්නෙ කියලා දන්න නිසාමයි.
"කවුරුත් මොකුත් කාලා නෑනෙ මං කන්න මොනවාහරි හදන්නම් හොබී හියුන් මට උදවු කරනවද"
හේසොක් ආයෙමත් මොනවාහරි කියන්න කට හදනවා දැක්ක ජිමින් කිව්වෙ හේසොක්වත් ඇදගෙන කිචන් එකට යන ගමන්මයි. අහිංසක හේසොක් තමන්ගෙ මේට්ගෙ හිනාවට වශීවෙලා යන්න ගියේ තමන් කියන්න හදපු එකත් අමතක කරලා දාලා.
ජිමින්, හේසොක් දෙන්නා ගියාට පස්සෙ, ජුන්කුක් ටීවි එක බලන්න ගද්දි නම්ජුන් ජින්ගෙ ඔලුව අතගාන්න ගත්තෙ නම්ජුන්ගෙන් ඈත් වෙන එක ප්රතික්ෂේප කරපු ජින් තාමත් කෝලා පැටියෙක් වගේ නම්ජුන්ගෙ ඇඟේ එල්ලිලා ඉද්දි.
"හැමෝටම කන්න පුලුවන් මන් පෑන් කේක් හැදුවා"
"ඔයා තනියම හැදුවා වගේ කියන්නෙ ඇයි චිමී මාත් උදව් කරානෙ"
හේසොක් එක්ක එකතු වෙලා හැමෝටම උදේට කන්න පෑන් කේක් හදපු ජිමින් ආයෙමත් ලිවින්ග් රූම් එකට ආවෙ හැමෝටම කන්න කතා කරන්න.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...